Friday, December 11, 2015

කාලීන සිදුවීම් දේශපාලනය හා තොරතුරු ජාතික චින්තනය තුලින් දකින වැදගත් බ්ලොග් එකක් " ජාතික චින්තනයට අටුවාවක් "


2015 ජූලි මස රනිල්ගේ බෑණනුවන් වන වත්මන් 
ආරක්ෂක නියෝජ්‍ය ඇමති තැන්පත් රුවන් විජයවර්ධන 
මැතිදුන්ට අයත් විජය පුවත්පත් සමාගමෙන් පළවන 
ඩේලි මිරර් ඉංගිරිසි පුවත්පතේ පහත ප්‍රවෘත්තිය පළවිය.

 ඒ වන විට මහ මැතිවරණයට පෙර ශ්‍රිලනිපයේ මහින්ද 
පෙරමුණෙන් නැගුනු ප්‍රධානම චෝදනාවක් නම් යහපාලන 
ආණ්ඩුව තම දේශපාලන විරුද්ධවාදී දඩයම් කිරීමට 
යොදා ගත් FCID නම් පොලිස් ඒකකය නීත්‍යානුකූල 
නොවන බවය. ඊට ප්‍රතිචාර ලෙස රනිල් එජාපයේ 
විශේෂ සමුළුවක් අමතමින් ප්‍රකාශ කළේ මහ මැතිවරණයෙන් 
පසු FCID එක නිත්‍යානුකූල කරන බවය. එනම් ඒ වන විටත් 
FCID එක නිත්‍යානුකූල නොවූ බව ඔහු පිළිගත්තේය. 
තත්වය එසේ නම් විමල් වීරවංශ, උදය ගම්මන්පිල, 
ප්‍රසන්න රණතුංග වැනි අයගෙන් ප්‍රශ්න කිරීමට සහ 
බැසිල් රාජපක්ෂ අත්අඩංගුවට ගැනීමට මේ නිත්‍යානුකූල 
නොවන හොර පොලිසියට එකල තිබූ වලංගුභාවය ගැන 
ප්‍රශ්නයක් උපදී.
කෙසේ වෙතත් මහ ඡන්දය අවසන් වී ඇතත් තවමත් 
රනිල් තමන් යටතේ පාලනය වෙන නම් ගෙස්ටාපෝ 
වර්ගයේ FCID පොලිසිය නිත්‍යානුකූල කරන පාටක් නැත. 
එනම් එය තවමත් නීත්‍යානුකූල නොවන හොර පොලිසියකි. 
එහි නවතම බිල්ල යහපාලන ආණ්ඩුවේ බැදුම්කර වංචාවට 
විරුද්ධව ප්‍රබල හඩක් නැගූ ආචාර්ය නාලක ගොඩහේවාය. 
ඔහු පසුගිය දිනවල මේ ආණ්ඩුවේ අයවැයටද ප්‍රබල 
විවේචනයක් එල්ල කරේය. ප්‍රතිපලය ඔහු FCID එක 
මගින් හිරබාරයට පත්වීමය. 
....................................
 පිවිසුම

No comments:

Post a Comment