Wednesday, December 2, 2015

තොරතුරු විචාර විශේෂාංග පිරි විවිධාංග බ්ලොග් පිටුවක් " ඉතාලියේ සිට ලියමි.... "

පොලිස් නිශ්කාශන සහතිකයේ කතාව - Sri Lanka Police Clearence Riport



ශ්‍රී ලංකා පොලෝසියෙන් මට ලබා ගන්න සිදු උනා ඉතාලියට ඉදිරිපත් කිරීම සදහා පොලිස් නිශ්කාශන සහතිකයක් හෙවත් සිංහලෙන් කිවුවොත් පොලිස් ක්ලියරන්ස් රිපෝර්ට් එකක්. ඉස්සර ඉතින් ඕක ගන්න කොලබ දුවන්න උවමනාවක් තිබ්බෙ නෑ නේ ඒක අපූරුවට ගමේ පොලෝසියෙන්ම ලබා ගන්න පුලුවන් කම තිබ්බා,ඒත් ඉතින් මොකාද මන්දා බූරුවෙක්ගේ තීරනයක් නිසා ඒක ගන්නත් කොලබ ගාටන්න වෙලා, මමත් ඉතින් පහු ගිය අගෝස්තු මාසේ ලංකාවට ගිය නිසා ඒක ගන්න අයදුම් කරන්න කොලබ ගියා, උදෙන්ම ගියත් ඉතින් දිග පෝලිමක් එතන බහුතරය පිට රට රස්සා වලට යාමට බලාපොරොත්තුවෙන් පොලිස් වාර්තාව ගන්න ආපු අය. මම ඉතින් ඒක ඉල්ලූම් කිරීමේ අයදුම්පත අපේ පොලෝසියේ ජාල සයිට් එකෙන් ඩවුන්ලෝඩ් කරලා ගෙදරින්ම පුරවන් ගියේ,, උවමනා ලියකියවිලිත් එක්කම.එතන තිබ්බ අයදුම්පතේ උපදෙස් අනූව මම ඒක පුරවලා දැම්මා එතන තව පි‍ටුවක් තිබුනා විවාහකයෙක් නම් පුරවන්න කියලා,,මම ඉතින් තාම සින්ගොල් මනුස්පයා නිසා ඒක අතෑරලා දැම්මා,
ඔන්න මම පෝලිමේ ඉදගෙන ඉන්නවා, ඔතන ඉන්න රාලහාමි කෙනෙක් ඔය අයදුම්පත් පරීක්ශා කරනවා,,මුන්දෑ මගේ එකත් පරීක්ශා කලා.මෙන්න කියාපි මේකෙ කොලයක් අඩුයි කියලා,,පොර මට අයදුම්පතක් දීලා  ඔන්න මේක ආයේ අලුතෙන් පුරවන්න කියාපි, මම අතට අරන් බලනකොට අර මම ගෙදරදි අතෑරපු විවාහකයෙක් නම් පුරවන්න තියන කොලෙයි මුන්දැ මට පුරවන්න කියන්නේ,,මම ඉතින් කිවුවා මම තාම ඒ අමාරුවෙ වැටිලා නෑ කියලා,, ඔන්න මුන්දැ රවලා කියනවා නෑ නෑ ඔය කොලෙත් ඕනා ඒකත් අමුනලා අලුතෙන් පුරවලා ඒ කොලේ යටින් අස්සන දාන්නය කියලා,,මමත් ඔය ආයේ කියවන්න ගියෙ නෑ අර කොලේ මට පුරවන්න මුකුත් නෑ ඒ යටින් අස්සන දාලා දුන්නා.රුපියල් 500ක් එක්ක,රෙජිස්ටර් තැපෑලෙන් ගෙදරට එන්න නිසා රු.40 මුද්දරයක් එක්ක කවරෙකුත් එක්ක.

..................................................

පිවිසුම
http://sonodilan.blogspot.com/ 

2 comments:

  1. මේක ලැබුණාද? මොකද මේක ෆොලෝ අප් කලේ නැත්නම් මාස ගාණක් ගන්නවා. පරඉගණක හරහා ඉල්ලන ක්‍රමයක් මේකට අවශ්‍යයි, විශේශයෙන්ම පිටරටවල ඉන්න අපේ සහෝදර සහෝදරියන් වෙනුවෙන්.

    ReplyDelete
  2. කොහේ ගියත් අපිට බාල්දියක්ම තමයි...

    ReplyDelete