Sunday, November 30, 2014

හඳුන්වාදෙන කලාකාමී ගීතමය බ්ලොග් එක "සින්දු ඇනෝ"

අපෙ සිත්වල නෑ ක්‍රෝදේ විහිළුවටයි විවාදේ...............




කරුණාරත්න අබේසේකර හා ගුණරත්න අබේසේකර
 
 යන 

දෙසොහොයුරන් හා ජෝතිපාල හා මිල්ටන් පෙරේරා
 
 යන ගායකයන්

දෙපළගේ සුසංයෝගයෙන් බිහිවූ සොඳුරුතම ගී
 
 පෙළක්. ගීතයකට 

පිළිතුරු ගීත ලෙස බිහිවූ මෙම ගී පෙළ රසික හදවත් 
 
අමන්දානන්දයට 

පත්කළේය.බලන්න මේක කොතරම් සුන්දර වාදයක්
 
 උනාද කියලා.

අපේ අවාසනාව මෙවැනි නිර්මාණ අද බිහි නොවීමයි ..... 



01.අනංගයා මන් අනංගයා......

අනංගයා මන් අනංගයා අනංගයා මන් අනංගයා
ආදරේ ප්‍රේමයේ සුරලොව තනතුරු දැරූ
අනංගයා මන් අනංගයා අනංගයා මන් අනංගයා

රාම සිතා එක්වුණේ රාධ ක්‍රිෂ්ණා ලන්වුණේ
සාලිය කුමරුට අශෝක මාලාවන් අත්වුණේ
මා හින්දය් මේ ලොවේ හැම යුවලම එක්වුණේ
අර සුර ලොවෙ මනු ලොවේ කොතැනත් මගෙ බල පෙනේ

තරුණ හදක් සොයනවා මල්සර පහ යොදනවා
මේ උක්දඩු දුන්න නමා මල් හීයෙන් විදිනවා
කුල බලේ නිල බලේ දන බලේ පන්නලා
අතුපැලේ මාලිගේ පෙම්වතුන් ලන්කලා

පැන දුවන්න ඕන නෑ දුක් විදින්න ඕන නෑ
මා ජීවත්වනතුරු මේ පෙම්ලෝකය පාළු නෑ
ආදරේ ප්‍රේමයේ සුරලොව තනතුරු දැරූ
මල්සරා පෙම්සරා මගුල් සක්වලේ රජා

ගායනය - එච් .ආර් ජෝතිපාල 
ගී පද - ගුණරත්න අබේසේකර  


පිවිසුම
http://sinduano.blogspot.com/ 

2 comments:

  1. බොහොමත්ම ස්තුතියි අජිත් ...

    ReplyDelete
  2. ලැබිය යුතුම ප්‍රචාරණයක්, වටිනාකමක්. ඔබට බොහෝම ස්තූතියි අජිත්..

    ReplyDelete