Thursday, November 20, 2014

තවත් සාහිත්‍යමය විවිධාංග බ්ලොග් පිටුවක් "නිමේෂය"

නුඹ සහ මම...

දශමයෙන් දශමය, අඟලෙන් අඟල,  දෑ අවුරුද්දක් පුරාවට බැන්ද බැඳීමක  කුටප්ප්‍රාප්තිය අභියස අද අප...  කොයිතරම් නම් කඳුළු මුසුව ඇත්ද?  මේ තරම් තද මේ බැමි අතර... අනන්තයක් තරම් දිග නිදිවර්ජිත රාත්‍රීන්ද වචන වලට වඩා හුස්ම වැඩිවුනු සංවාදද  කඳුළු ලුණු රසම බැව් ප්‍රත්‍යක්ෂ වුනු සුසුම්ද නිහඩව දහක් වචන හුවමාරු කල අප ඇස්ද, සාක්ෂි දරාවී නුඹෙත් මගෙත් සිත්  නොබිදිනු බැරි හුයකින් බැඳී  ඇති වග  බැඳුනත් නොබැඳුනත් අප ඇඟිලි එක ළඟ...  ජීවිතය අකුරෙන් අකුර ගෙන  මහ කවක් එක්ව ලියනට  ඉඳින් දැන් නුඹට මට අවසර..

පිවිසුම
http://nimeshayak.blogspot.com/ 

No comments:

Post a Comment