Tuesday, November 4, 2014

තවත් වැදගත් දැනුම හා විවිධාංග බ්ලොග් පිටුවක් "මානාගෙ පින්තාරුව"

සංගීතයේ ඇති කෝඩ්ස් (chords) පිලිබඳව මූලික අවබෝධයක් ලබා ගනිමු, 

සුභ දවසක් ඔයාල සියලු දෙනාටම.අද මනා ඔයාලට සංගීතය සම්බන්ධ පොස්ට් එකක් තමා ගෙනාවේ. මනා ගෙනාව මුල්ම සංගීතය සම්බන්ධ පොස්ට් එක ස්වර පිලිබඳව හඳුන්වල තිබ්බේ. ඒ පොස්ට් එක බලපු නැති අය මෙතනින් ගිහින් බලන්න. අද පොස්ට් එකෙන් කතා කරන්නෙ එම පාඩමේ සිට ඉදිරියටයි. මතකනේ කලින් පොස්ට් එකෙන් කිව්වා ප්‍රධාන වශයෙන් සංගීත ශයිලීන් දෙකක් ගැන අපට කතා කරන්න පුළුවන් කියල. පෙරදිග සංගීතය සහ අපෙරදිග (බටහිර) සංගීතය තමා ඒ ශයිලීන් දෙක. මෙහිදී පෙරදිග සංගීතය ලෙස හදුන්වන්නේ උතුරු ඉන්දියානු සංගීතය සහ දකුණු ඉන්දියානු සංගීතය මුල් කරගත් සංගීත ශයිලීන්ට. පෙරදිග සංගීතය ගැන මේ කියන්න යන ටික මේ ලිපියට ගැලපෙන්නෙ නෑ.නමුත් එය කිව යුතුම කාරණයක් බැවින් මෙසේ සටහන් කරල දාන්න මනා කල්පනා කලා


දැනට ලංකාවේ තිබෙන පාසල් අධ්‍යාපන ක්‍රමයේ සිට උසස් අධ්‍යාපනය දක්වාම පෙරදිග සංගීතය උගන්වන්නේ සහ අනුගමනය කරන්නේ ඉන්දීයානු සංගීතය මුල් කරගෙන සහ පදනම් කරගෙනය. එම ක්‍රමය ගැන මනාට කිසිම පැහැදීමක් නම් ඇතිවෙන්නෙ නෑ. ලංකාවේ ඉන්න අපි ඉන්දියාවේ සංගීතයක් ඉගෙනගන්නේ මොකටද? එතකොට ලංකාවට අවේණික සංගීතයක් නැද්ද? පාසල් අධ්‍යාපනයේ සිටම හින්දි භාෂාවෙන්ම ඇති රාග හෝ සිංහල වචන දමා සකසන ලද එම රාග ටිකම ඉගැන්වීමෙන් ලංකාවට අවේනික සංගීතයක් නිර්මාණය කරන්නේ කෙසේද? යන කරුණු මානාගෙ හිතේ ඇති ගැටළු කිහිපයකි. අද ලංකාවේ පෙරදිග සංගීතය ඉගෙන ගන්නේ නම් ඔහු/ඇය ගේ එකම අරමුණ සංගීත විශාරද වීම සහ නිපුන් වීමය. එවන් විභාගයන් සමත් වී දක්ෂයෙක්  උනාට මනාට කිසිම ඉර්ශ්යාවක් හෝ තරහක් නැත.නමුත් එසේ විශාරද වුන බොහෝ දෙනෙක් ඉන්දියානු සංගීතයට එහා කිසිවක් නොදන්නවා වගේම හැසිරෙන්නේ ද ඉන්දියානු සම්ප්‍රදායේ හැදී වැඩුණු පුද්ගලයෙකු ලෙසටයි(එසේ නැති හොඳ දක්ෂ පුද්ගලයනුත් ඉන්නවා කියල මනා දන්නවා :D ). ඉතින් මනාට  ඇති එකම ප්‍රශ්නය ලංකාවට අවේනික සංගීතය දියුණු මට්ටමකට ගෙනත් එයට රටම පිළිගන්නා වටිනාකමක් ලබා නොදෙන්නේ ඇයි යන්නයි. එය පාසල් අධ්‍යාපන ක්‍රමයේ සිට ඇති කලයුතු වැදගත් ක්‍රියාමාර්ගයකි. 

පිවිසුම

1 comment:

  1. බොහොම ස්තුතියි අජිත් කුමාර අයියා මනාගේ පින්තාරුවට ලබා දුන්න සහයෝගයට :)

    ReplyDelete