Saturday, May 24, 2014

"ඇසි දිසි මානය" විචාරශීලී බ්ලොග් අඩවියක්

නරේන්ද්‍ර මෝඩි සවිමත් ඉන්දු-ලංකා සබඳතාවයක් පිළිබඳ බලාපොරොත්තු පළකරයි



ඉන්දියාවේ අභිනවයෙන් අගමැති ධූරයට පත්වන

 නරේන්ද්‍ර මෝඩි 

සවිමත් ඉන්දු-ලංකා සබඳතාවයක් පිළිබඳ

 බලාපොරොත්තු පළකොට
 
තිබේ.

ඊයේ දිනයේ ඉන්දියානු මහා මැතිවරණ ප්‍රතිපල නිකුත්

 වීමත් සමඟ

 දුරකථනයෙන් නරේන්ද්‍ර මෝඩි ඇමතූ ශ්‍රී ලංකා

 ජනාධිපති මහින්ද

 රාජපක්ෂ, මැතිවරණ ජයග්‍රහණය පිළිබඳ නරේන්ද්‍ර

 මෝඩි වෙත සිය 

සුබ පැතුම් එක්කොට තිබේ. එමෙන්ම ශ්‍රී ලංකාවට

 නිල සංචාරයක්

 සඳහා පැමිණෙන ලෙසද ජනාධිපතිතුමා විසින්

 නරේන්ද්‍ර මෝඩි වෙත 

ආරාධනා කරනු ලැබුණි. මේ බව ජනාධිපතිතුමාගේ

 නිල ට්විටර් පිටුව

 හරහා නිවේදනය කෙරිණ.



කියවන්න




4 comments:

  1. මේ කතාවට අදාල නොවුනත් ඉන්දියාවෙ කතාවක් නිසයි දාන්නෙ.. මේක මං ඇස් දෙකින්ම දැකපු එකක්. මම හේතුවාදියෙක්වුන නිසා ලංකාවෙ ඉන්න බොරුකාරයන්ගෙ විගඩම් ගැන හොඳ දැනුමක් තිබුන.ඉන්දියාවෙ ගිය වෙලාවෙ අහම්බෙන් විජයනාත්ස්වාමිගෙ ආශ්‍රමයට ගියා.නිකම් සාමාන්‍ය ස්වාමි කෙනෙක් වගෙ උන් වහන්සෙ හිටියෙ.බැතිමතුන්ගෙන් වැදුම් පිදුම් ගන්නට නිතරම උස ඉදිරි පෙළ ආසනවලට පොරකන මානසික රෝගීන්ගෙන් වෙනස්.පුදුම නිහතමානිකමක් තිබුනෙ.
    උන් වහන්සෙ ආශ්‍රමයෙ පොල් ගහකින් පොල් චිත්ත බලයෙන් බිම දැම්ම.පොල් හොඳට පැහුන ඒව.මේක ප්‍රාතිහාර්යයක් ලෙස නොවෙයි කළේ.එතන කෙනෙකුගෙ සැකය දුරු කරන්නද මන්ද පොල් ගහ නැමුව.ඒක බලාසිටපු අය ප්‍රීතිඝෝෂා කළා.
    පොල් ගහ නවල පොල් කඩා ගත්තට පස්සෙ තිබුන විදියටම කෙළින් කළා.එදා තමයි මම දැන ගත්තෙ භෞතික ලෝකයට එපිටින් යම් දෙයක් තිබෙනව කියල.
    මට ස්වාමි තුමා හමුවන්නත් අවස්ථාව ලැබුන.හමුවුනා කියන්නෙ මම විතරයි කතා කරන්නෙ.බොහෝ විට උන් වහන්සෙ නිහඩයි.මම යමක් කිව්වම උත්තරේ මගෙ හිතට එනව.මගෙ හිතේ තිබෙන දේවල් දැනගෙන යම් යම් උපදෙස් දෙනව.

    ReplyDelete
    Replies
    1. ස්වාමි කියපු තව දෙයක් තමයි මේ කියන්නෙ. මේක සමහරු සීරියස් හිතන්නෙ නැති එකක්.විශ්ව ශක්තිය ගැන ස්වාමි කතා කළා.කාන්තාවන් පිරිමින් වගෙ හැසිරීම ,කලිසන් අදින එක,සටන් ක්‍රම පුහුණු වෙන එක ගැන ස්වාමි අනතුරු ඇගෙව්වම සමහරු ස්වාමිට හිනා වුනා ස්වාමි පරන විදියට හිතන කෙනෙක්ය කියල.ඉන්දියාවෙ සම්ප්‍රදායික ගමක් තියෙනව හරිම සම්ප්‍රදායික ගමක්.මේ ගම ඉක්මනින් වෙනස් වුනා.ස්වාමි ඒ ගැන අනතුරු ඇගෙව්ව.මේ දේ නිසා විශ්ව ශක්තියේ සමබර බවට හානි වෙන බව.
      හැබැයි ගමේ ගම්පතිට මොළේ තිබුන.ඔහු පංචායත් හරහා අර දේවල් තහනම් කළා. පුදුමෙ කියන්නෙ ඒ ගමේ විතරක් කලට වැහි ලැබුන.කිසිම කෙනෙකුට කරදරයක් නෑ.ලෙඩ රෝග නැතිව වාසනාව උදා වුනා.කාට්වත් ප්‍රශ්න නෑ .හැමෝම වගෙ සතුටින්.ඒත් අනෙක් ගම් වෙනස් වුනා.ඒ අයාට් ලෙඩ රෝග කරදර විවිධ ප්‍රශ්න,ඒ ගම් එක්ක බලපුවම ලොකු වෙනසක් මේ ගමේ තියෙන්නෙ.ඒක පැහැදිලිවම පේනව.

      Delete
    2. This comment has been removed by the author.

      Delete
    3. මේ වගේ අධිමානසික හැකියාවන් තිබුණ අය ගැන අපි කතා අහලා තිබුණට ඇත්තට දැකලා නෑ. මෙහෙම විස්තර ටිකක් ඉදිරිපත්කළාට ස්තුතියි.

      Delete