Friday, May 30, 2014
තවත් බ්ලොග් අඩවියක් " The null device "
88-89 භීෂණ සමයේ සිද්ධ වූ ඝාතන 6000 කට ජවිපෙ විසින් සමාව ඉල්ලු බව පළවේ. හරියටම ප්රකාශය දුටුවේ නැති අතර එය කලේ ප්රසිද්ධ රූපවාහිනියේ හෝ පුවත්පත් නිවේදනයක් ලෙසද නැතිනම් තමන්ගේ පුද්ගලික රැස්වීමකද කියා දන්නේ නැත. කිනම් පදනමක කල දෙයක් වුවත්, ජවිපෙ ඝාතන ගැන විවේචනය කල කෙනෙකු හැටියට මේ ගැන මගේ ප්රසාදය හිමිවේ. අඩුම වශයෙන් ජවිපෙ නායකයා පඩත්තල කමට ඒවා සාධාරණය නොකරන විචාර බුද්ධියෙන් එම කරුණු විමසා බලන කෙනෙකු ලෙස මෙයින් හඳුනා ගත හැකිය. ගොනාට අන්දාගත් ආගමික පාක්ෂිකයන් රන්චුවකගේ කල්ට් එකක් කියන තැනින් විතැන් වී ජාතික මට්ටමේ දේශපාලන පක්ෂයක් කියන දිහාවට එන ගමනට මේ විචාර බුද්ධිය වැදගත් වේ.
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment