Wednesday, May 21, 2014

"සමාජ සුභසාධක" ශාස්ත්‍රීය බ්ලොග් එකක්

මෝඩ කමට බේත් නැද්ද 

 පසුගාමී මානසිකත්වයන් භංග වේවා
විශ්ව විද්‍යාල ශිෂ්‍ය උද්ඝෝෂන ගැන මම දාපු කොමෙන්ටුවකට කෙනෙක් විහිලු කොමෙන්ටුවක් දාල තිබුන.සමාජවාදය ගැන කතා කරන එවුන් තුල සම සාධාරණ හැඟීම් නැහැ.උන් ධනපතියන්ටත් අන්තයි.ඉන්දියාවෙ හා ලංකාවෙ සමාජවාදය ගැන කතා කරන අය ඇත්තටම සමාජවාදීන් නොවන්නාක් සේම උන් වෙනත් හීනමානයක් වසා ගන්නට කරන රඟ පෑමක් පමණයි.මම මෙහෙම කියන්නෙ අත්දැකීමෙන්.


ඇත්ත කතාව මේකයි මුන්ව අරුන් ගනන් ගන්නෙ නෑ.මුන්ට පහල එවුන් එක්ක ඇයි හොදයියකට මුන් කැමති නෑ.මුන්ට ප්‍රශ්නෙ අරුන් මුන්ව ගනන් නොගැනීම.යූ ඇන් පී පවුල් වල කොල්ලො කැම්පස් එකේදි ජේවීපී වෙන්නෙ ඔය නිසයි.ගමේදි උන්ගෙ තාත්තල යූඇන්පී මහ රාළහාමි එනකොට ලේන්සුව අතට ගන්නව.මුන් බයේ හැංගෙනව.මුන් ලොකු වෙලා කැම්පස් ආවම මුනුයි රාලහාමිගෙ ළමයිනුයි එකට ඉන්නෙ.මුන් ගිරේට අහුවුන පුවක් ගෙඩිය වගෙ.ඊට පස්සෙ ජේවීපී කරනව.ඒත් සම සාධාරණ හැඟීම මුන්ගෙ ලේවල නෑ.එළියට ඇවිත් හදන්නෙ බමුණු කුලයක් හදන්න.
අජිත් කියපු ඉන්ජිනේරුවන්ට රදලන් හෝ ධනපතියන් වෙන්න හැකියාවක් නෑ.උන්ට පුළුවන් විදියට ජනතාව පෙළනව.
අපි කළ යුත්තේ ගැඹුරු විශය කරුණු ඉගැන්වීමට වඩා සම සාධාරණ හැඟීම ජනතාවට ඉගැන්වීමයි.ගැඹුරු ලෙස විශය හැඳෑරීම අවශ්‍යයි.පුද්ගලිකව මටත් අවශ්‍යයි.අජිත් ගෙ බ්ලොග් එකෙන් මම යම් ඉගෙනගැනීමක් කරනව.ඒ ගැන ස්තුතියි.
 කියවන්න
http://subasadhaka.blogspot.com/2014/05/blog-post_19.html

බ්ලොග් එකට පිවිසෙන්න
http://subasadhaka.blogspot.com/ 

No comments:

Post a Comment