Monday, November 6, 2017

කලා සාහිත්‍ය රසවින්දනය සමගින් එන අළුත් බ්ලොග් අඩවියක් " අකනිටාව "

දවසක 

මං මැරුණම නාඬා ඉන්න
ඒ ඇති හිත හදා ගන්න
ඔය ඇස් අග කඳුලු බිංදු
බෑ දැක දැක පලා යන්න

නුඹ නුබ මත තරුව වෙන්න
මම සඳ දිය දහර දෙන්න
අමාවකට ළඟ නැතිකොට
එපා අඳුර තුල ගිලෙන්න

රෝස කැකුළ නුඹම වෙන්න
මා ඒ මත බඹරු වෙන්න
පින් මදිවැති ඔය මල් රොන්
ආදරයෙන් උරා බොන්න

මල මත පිණි බිම හලන්න
මල් පෙති මුකුලිත කරන්න
මම නැතුවට එපා මලේ
අකාලයේ පරව යන්න

 

 

 

 

 

 

 

 

 ............................

පිවිසුම

http://akanitawa.blogspot.com/ 

No comments:

Post a Comment