Saturday, October 21, 2017

සාහිත්‍යමය රසය සමග කාලීන තොරතුරු විචාර රැගත් අළුත් බ්ලොග් එකක් " සයිමා "

රැවුල

ඔහු සාමාන්‍ය පෙළ පන්තියේ සිටියදී දෙමල චිත්‍රපට බලන්නට පටන් ගත්තේය.
සාමාන්‍ය පෙළ අවසන්ව උසස් පෙළ සදහා පන්ති ආරම්භ වූ දවසේ රැවුල නොකපා පාසලට පැමිණීම නිසා පිලිවෙලින් පන්ති භාර,අංශ භාර ගුරුවරුන්ගෙන් අතුල් පහර කිහිපයකුත්,වේවැල් පහර කිහිපයකුත් ලද්දේය.දිගු කලිසම නිසා වේවැල් පහරට වඩා අතුල් පහර වේදනා දෙන්නට විය.නිකටේ තැන තැන අපිලිවෙලින් පැමිණි රැවුල් ගස් දැක පන්තියේ පිටත දණගසාගෙන ගෙන සිටි ඔහුට නියෝජ්‍ය විදුහල්පතිවරයාද කෑ ගැසුවේය. 
“බලනවා අයිසේ.හරියට මාලුවෙක්ගේ වගේ...”
ඔහු උසස් පෙළ උසස් ලෙස සමත් නොවුනේය.විශ්ව විද්‍යාලයට යන්නට අදහසක් නොවුණු බැවින් ආරක්ෂක පිටයේ පරීක්ෂණ වලට ගියේ වැඩිමනත්ම දෙවන වර විභාගය කිරීමට ගෙදරින් එල්ල වූ බලපෑමෙන් බේරෙන්නටය.සහතිකපත් හා ලේඛන පරික්ෂා කල පසු ඔහු දෙස අප්‍රසන්න බැල්මක් හෙලු හමුදා නිලධාරියා පැහැදිලි ඉංග්‍රීසියෙන්  මෙසේ කිවේය.
“සම්මුඛ පරීක්ෂණයට පැමිණීමේදී ඔබගේ බාහිර ස්වරුපය පිළිබිඹු වන ආකාරයත් වැදගත්.කරුණාකර ඔබ නැවත මේ ආකාරයේ පරීක්ෂණයක් සදහා යන්නේනම් හොඳින් රැවුල කපා යන්නට වගබලාගන්න.”
..................................................

පිවිසුම
http://saimaas.blogspot.com/ 

No comments:

Post a Comment