Monday, April 20, 2015

තවත් තොරතුරු හා විවිධංග බ්ලොග් එකක් "EMC.TK"

ගුවන්යානා ගෙනයන නැවක අසිරිය



නිමිට්‌ස්‌ පංතිය (Nimitz class) එක්‌සත් ජනපද නාවික හමුදාවට අයත් විශාලතම ගුවන්යානා ගෙනයන න්‍යෂ්ටික බල ගැන්වූ නෞකාවන් අයත් වන පංතියකි. එම පංතියේ මුල්ම නැව දෙවන ලෝක යුද්ධයෙදි ඇමෙරිකානු පැසිෆික්‌ නාවුක බලකායේ අණදෙන නිළධාරිව සිටි අද්මිරාල් චෙස්‌ටර් නිමිට්‌ස්‌ සිහිවීම පිණිස යූ එස්‌ එස්‌ නිමිට්‌ස්‌ ලෙසින් නම් කර තිබේ. දැනට නිමිට්‌ස්‌ පංතියට අයත් නැව් 10 ක්‌ සේවයේ යෙදී සිටී. වර්තමානයේ ගොඩනඟමින් පවතින ජෙරල්ඩ් ආර්. ෆොaර්ඩ් පංතියට පමණක්‌ දෙවන විය හැකි නිමිට්‌ස්‌ පංතියේ නැව් සැලකෙන්නේ ගොඩනැගූ සහ සේවයේ පවතින විශාලතම යුද්ධ නෞකා ලෙසිනි. නිමිට්‌ස්‌ නැවකට ගුවන් යානා 90 ක්‌ ගෙනයා හැකිය. එසේම න්‍යෂ්ටික බලය යොදා ගැනීම නිසා නැවත ඉන්ධන ලබා දීමක්‌ නැතිව වසර 20කට වැඩි කාලයක්‌ ක්‍රියාවේ යෙදීමට හැකිය. පනස්‌ වසරකට වැඩි ආයු කාලයක්‌ මේ පංතියේ නැව් වලින් අපේක්‌ෂා කෙරේ.


........................................................
පිවිසෙන්න
http://www.ellamixcom.tk/ 

No comments:

Post a Comment