වහල් ජාතිය ඇමතුම...!
එදා ලින්කන් වහලුන්ට නිදහස ලබා දෙන විට ඇතැම් වහලුන් ඊට විරුද්ධ වූ බවත් අද තම විප්ලයට අකුල් හෙළන විරුද්ධ වන අය සහ එම වහලුන් අතර වෙනසක් නැති බවත් ඔහු කීවේ ය. ඔහුගේ ඊනියා විප්ලවයට ජනවාරි 08 වෙනිදා විරුද්ධ වූයේ ලක්ෂ 58ක් වුවත් අද, එදා ඔහුට ඡන්දය ලබා දී රටට සිදු කළ මහා අපරාධය පිළිබඳ පසුතැවෙන පිරිස දිනෙන් දින ඉහළ යන හෙයින් එය දැන් ලක්ෂ 70ට ආසන්න වෙතැයි සිතමි. ඒ කෙසේ වෙතත් ඔහු තමාට එරෙහිව ඡන්දය පාවිච්චි කළ ජනතාව 18 වන සියවසේ එක්සත් ජනපදයේ විසූ වහලුන්ට සමාන කර තිබේ. ඔවුහු නිකන් ම වහලුන් නොව නිදහස එපා යැයි සටන් කළ වහල්ලු ය.
ඇමරිකානු ධනවාදය සහ අධිරාජ්‍යවාදය ද ඉන්දීය කළාපීය ව්‍යාප්තවාදය ද එක පෙළට සිට ජනවාරි 08 වෙනිදා කළ මේ මහා විප්ලවයට පසු "අප්පොච්චි මළෝ...!" යැයි හොටු පෙරා ගෙන සිරිසේන ජනපති ලබා දුන් නිවහල් දේශය බලා එක පිම්මේ දිව ගිය විජිත් විජිතමුණි සොයිසා ලා ද එතෙක් මහින්දගේ දෙපා මුළ ලැඟ සිට කිහිප වරක් උඩු බුරා සිරිසේන වෙත දුව ගිය මර්වින් සිල්වා ලා ද සිරිසේනට කොන්දක් නැතැයි නොහොඹිනා විහිළු කර ඔහුගේ දෙපා මුලට බඩ ගෑ දයාසිරි ජයසේකර ලා ද සැබෑ නිදහසේ අරුත වහා වටහා ගත් නිදහස්කාමී වහලුන් යැයි කිව හැකි ය. 58 ලක්ෂයක් ජනතාව ද එම ජනතා නියෝජිත ද 18 වන සියවසේ නිදහස එපා යැයි කියූ මෝඩ වහලුන් ය.
.............................................................
පිවිසුම
http://kasapabbatha.blogspot.com/


.jpg)

නිමිට්ස්
පංතිය (Nimitz class) එක්සත් ජනපද නාවික හමුදාවට අයත් විශාලතම
ගුවන්යානා ගෙනයන න්‍යෂ්ටික බල ගැන්වූ නෞකාවන් අයත් වන පංතියකි.
එම පංතියේ මුල්ම නැව දෙවන ලෝක යුද්ධයෙදි ඇමෙරිකානු පැසිෆික්
නාවුක බලකායේ අණදෙන නිළධාරිව සිටි අද්මිරාල් චෙස්ටර්
නිමිට්ස් සිහිවීම පිණිස යූ එස් එස් නිමිට්ස් ලෙසින් නම්
කර තිබේ. දැනට නිමිට්ස් පංතියට අයත් නැව් 10 ක් සේවයේ යෙදී
සිටී. වර්තමානයේ ගොඩනඟමින් පවතින ජෙරල්ඩ් ආර්. ෆොaර්ඩ් පංතියට
පමණක් දෙවන විය හැකි නිමිට්ස් පංතියේ නැව් සැලකෙන්නේ
ගොඩනැගූ සහ සේවයේ පවතින විශාලතම යුද්ධ නෞකා ලෙසිනි. නිමිට්ස්
නැවකට ගුවන් යානා 90 ක් ගෙනයා හැකිය. එසේම න්‍යෂ්ටික බලය යොදා
ගැනීම නිසා නැවත ඉන්ධන ලබා දීමක් නැතිව වසර 20කට වැඩි කාලයක්
ක්රියාවේ යෙදීමට හැකිය. පනස් වසරකට වැඩි ආයු කාලයක් මේ
පංතියේ නැව් වලින් අපේක්ෂා කෙරේ.







.jpg)

.jpg)

