Friday, June 20, 2014

හඳුන්වාදෙන තවත් අළුත් බ්ලොග් පිටුවක් " My Life As A Muslim Girl "



තද හුලගක්... මොකක්දෝ ගහක අතු සර සර ගාල ජනේලෙ වදිනව හරියට ජනෙල් වීදුරු පතුරු යනව වගෙ... කොච්චර ශීට් පෙරෙව්වත් මුලු ඇගම හිරි වැටිල යන මූසල සීතලක්... අප්‍රේල් මාසේ කවදාවත් මේ තරම් තදින් වැහල නෑ..ඒ මදිවට හුලග..කුනාටුවක් වගේ.. මම තව ටිකක් ශීට් එකට ගුලි වුනා... අද සෙනසුරාද ඒ හින්ද වුදේම නැගිටින්නත් කිසිම ඕනකමක් හිතුන් නෑ මට..අද මගේ නිවාඩු දවසනේ,,....,

              "අයියෝ ඇයි දෙයියනේ එලාර්ම් එක වැදුන් නැත්තේ..අද අකීබ් ට මියුසික් ක්ලාස්.." 
  

 

          දැන් කීයද දන්නේ නෑ වෙලාව මම අමාරුවෙන් ඇස් දෙක අතින් පොඩි කරන ගමන් ඇස් ඇරල මෙසේ දිහා බැලුවේ නිල් පාට එලාර්ම් ඔරලෝසුව දකින්න ලැබෙයි හිතන්.. ඒත් ඒක නෑ මෙසේ නෑ අකීබ්ගෙ ඇද නෑ.. අනික කොහෙත්ම මේ කාමරෙ ලා දම් පාටත් නෙවෙයි..

                  හුලගත් එක්ක ඉක්මනට අහසේ ඉදන් පොලවට කඩන් වැටෙන වැහි බින්දු වගේ ඊයේ වෙච්ච නපුරු දේවල් මගෙ හිතේ ඇදිල ගියා..

කියවන්න

http://mylifeasamuslimgirl.blogspot.com/ 

1 comment:

  1. ඇත්තටම ඒක අපූරු බ්ලොගක්...

    ReplyDelete