Wednesday, April 30, 2014

අපගේ බ්ලොග් දර්ශකය මෙතෙක් පැමිණි ගමන් මග

සුමාන තුනකටත් අඩු ඉතා කෙටි කාළයක් තුල අපගේ බ්ලොග් දර්ශකය බෙහෙවින් සාර්ථක ලෙස ඉදිරියට පැමිණ ඇත. අනෙකුත් මුද්‍රිත මාධ්‍ය ඇතුලු පරධාන පෙලේ සෙසු ජන මාධ්‍ය වල නැති පුළුල් පරාසයක අදහස් ප්‍රකාෂ කිරීමේ නිදහසක් හා විචාරාත්මක බවක් අන්තර්ජාලය තුල තිබේ. ඒ බව මීට ටික කළකට පෙර හැඟී ගිය අපට ශ්‍රි ලාංකික, විශේෂයෙන් සිංහල බ්ලොග්කරුවන්ගේත් අන්තර්ජාල බ්ලොග් පාඨකයාගේත් පහසුව තකා මෙම බ්ලොග් දර්ශකය සකස් කර ප්‍රචාරය කිරීමට හැකි විය. මේ වනවිට එයට මෙරට බ්ලොග්කරුවන් හා පාඨකයන් විශාල පිරිසක් සම්බන්ධ වෙමින් සිටිති. ඉදිරියේදී තවත් පිරිස් අප සමග සම්බන්ධ වනු ඇත. අප සමග මෙතෙක් සම්බන්ධ වූ බ්ලොග්කරුවන් වන අපගේ මිතුරු මිතුරියන්ට අපගේ ගෞරවපූර්වක ස්තූතිය පිරිනැමෙන අතර අන්තර්ජාලය තුලින් අපට ලැබෙන සන්නිවේදන තාක්ෂණයේ පහසුකම් උපයෝගී කරගනිමින් වඩා යහපත් විචාරශීලීත්වයක් ගොඩනැගීමට එක්වන ලෙස අප සමග මෙතෙක් සම්බන්ධ නොවූ සියලු දෙනාටද ඇරයුම් කර සිටිමු.

3 comments:

  1. බ්ලොග් දර්ශකයක් කියන්නෙ හොඳ දෙයක්. මම අලුතින් බ්ලොග් එකක් හැදුවා. ඒක දේශපාලන එකක්. එය එක් කරගන්නා මෙන් ඉල්ලමි.

    http://subasadhaka.blogspot.com/

    ReplyDelete
  2. ජයෙන් ජයම වේවා!!!

    ReplyDelete