Saturday, April 18, 2015

හඳුන්වාදෙන විශේෂ දැනුම හාතොරතුරු බ්ලොග් එකක් "ප්‍රභාස්වර"

සංවර්ධනය වන රටවල ජිවිත හානි වලකන කාලගුණ මධ්‍යස්ථානයක්

 
කාලගුණය සෑම විටම නොමිලේ සැපයේ. එහෙත් හදිසි කුණාටු,ගංවතුර වලින් ජීවිත හා දේපල හානි අවම කර ගැනීම සඳහා සූදානම් වීමට කාලගුණය ගැන නිවැරදි අනාවැකි පල කිරීමට  අවශ්‍යය. ඒ සදහා භාවිතා කළ යුතු උපකරන හා සන්නිවේදන ක්‍රම මිල අධිකය.  ත්‍රිමාන මුද්‍රණය හා ලාභදායි වානිජ ඉලෙක්ට්‍රොනික් ආධාරයෙන් රු 20000ක් වැනි මුදලකට කාලගුණ මධ්‍යස්ථාන ඇති කිරීමට හැකි බව USAID සංවිධානය ප්‍රකාශ කරයි. එමඟින් සංවර්ධනය වන රටවලට කාලගුණ තොරතුරු වඩාත් නිවැරදිව ලබා ගැනීමේ පහසුකම් සලසා දීම වඩා පහසු වනු ඇත.

....................................................

පිවිසුම
http://vidathanet.blogspot.com/ 

Friday, April 17, 2015

හඳුන්වදෙන විවිධාංග තොරතුරු බ්ලොග් පිටුව "පුංචි කැකුළු මල්"

76. කිටි කිටි ගවුම

හෙට උදේ පාන්දරම තුශානි ගෙදර කට්ටියත් එක්ක ගමේ යන්නයි ලෑස්තිවෙන්නේ. ගම කිව්වේ තුශානිගේ තාත්තගේ ගම. අකුරැස්සේ තමයි යන්නේ. 

ගමේ ගියාම අවුරුදු තෑගී නම් ගොඩයි. ඒ තෑගී වලින් තුශානි වැඩිපුරම කැමති, ගමේ හිටිය තුශානිගේ තාත්තාගෙ නංගිගෙ අතින්ම ලස්සනට මහලා හම්බවෙන ගවුම අදින්න. ඒ ගවුමත් ඇඳගෙන තාත්තාගේ නංගීගේ දුවයි, මල්ලිගේ දුවයි අපේ මල්ලියි එක්ක ගමේ ඇවිදින්න යන්න තුශානි ගොඩක් ආසයි. 


ඔන්න එක අවුරුද්දක තුශානිට නැන්දාගෙන් ලැබුනු අවුරුදු ගවුම තුශානිට ටිකක් හිරටයි තිබුනේ. 

ඔව් අනේ... තුශානි ටිකක් බතල වෙලා හිටියේ.  හි..හි...

හෝව් හෝව්... ඉතින් කලින් අවුරුද්දට වඩා ඊලඟ අවුරුද්ද වෙනකොට ඕනම ළමයෙක් ටිකක් උස
වෙනව මහත වෙනවනේ.. නේද ? 

ඉතින් තුශානිත් ටිකක් උස වෙලා චූට්ටක් විතර මහත් වෙයි කියලා  නැන්දාට අමතක වෙන්න ඇති. 

අයියෝ චුට්ටක් හිර වුනාට මොකද, අවුරුද්දට නැන්දා ලස්සනට මහලා දීපු ගවුම අඳින්නේ නැතුව ඉන්න පුළුවන්යෑ. ඒ නිසා ටිකක් අමාරුවෙන් වුනත් කොහොමහරි ගවුම ඇඳගත්තා. වැඩේ කියන්නේ ගවුම මහලා තිබුනු පැට්න් එකේ හැටියට ඒ ගවුමට සිප් එකක් වත් දාලා තිබුනේ නෑ. ඒ නිසා මුලින්ම අත්දෙක දාලා ගවුම ඔළුවෙන්ම දාලා තමයි ඇඳගන්න වුනේ. ඔන්න ඔය පල්ලේහා රුපේ තියෙන විදිහට තමයි ගවුම තිබුනේ. 
......................................................
පිවිසුම

Thursday, April 16, 2015

නව සාහිත්‍යමය රසවින්දන බ්ලොග් එකක් "බිනරිගේ ලෝකය"

දකීවි නුබෙ සිරුර විනිවිද...





සිහින පොදි බැදන්
ගතට දිරි අරන්
ලැබුවාට ශිල්ප
රගන්නට...

අඩ අදුරු රැගුම් හල තුල
මතුවෙවි ශුන්ගාරය
ශිල්පියෙකු සමග නටන නැටුම්
දකින උන් බදීවී පද නුඔට...

සහකරුගෙ දැත් අතර
කිටි කිටියෙ සිරවෙන සිරුරෙන්
ලැම පීරා මෑත්වන සේද සලුවෙන්
දකීවි නුබෙ සිරුර විනිවිද...

නොදකිවි කිසි දිනෙක නුබෙ රැගුම්
උන් ශුන්ගාරයට මුවාවි
ලෙබල් ගසාවි නුඔත්
බඩුවක්ය කියා...

-බිනරි-

පිවිසුම
http://dmangala6.blogspot.com/