Wednesday, November 26, 2014

තවත් තොරතුරු හා විවිධාංග බ්ලොග් පිටුවක් "sugv "

“අරංගුව” ගැන අහලා තියනවද ?

ඇසළ පෙරහර දිනවල ඉදිවන සාම්ප්‍රදායික තොරණ 1

 උග්ගල් අලුත්නුවර  ඇසළ පෙරහර සමයේ  ඉදි කෙරෙන තොරණ ට රාජකාරි ඇත්තන් (ගමේ පැරැන්නන්) ව්‍යවහාර කරන්නේ  “අරංගුව” කියන නම. මේ වචනයේ තේරුම  සුමංගල ශබ්දකෝෂයේ බැලුව. එහෙත් එවැනි වදනක් සොයන්නට නැහැ. සුමංගල ශබ්ද කෝෂයේ සෙවූ විට හමුවන  අරඟු යන වචනය(දඹදෙනි සමය) කාලයක් යද්දී අරංගුව ලෙස ව්‍යහාරයට ආවා වියහැකියි.  අරඟු යන වදනින් පැහැදිලි කරන්නේ  සැරසිලි විශේෂයක් බව ශබ්දකෝෂයේ සටහන් වෙනවා.  ඒ අනුව එයට   තොරණ යන වදන භාවිත කිරීම ද වැරදිම නෑ.
Untitledyzදේවාලයේ හඳගල මැදිවන අන්දමින් ඉදි වන මේ අරංගුව එක්පැත්තක කොටු තුනක් බැගින් දෙපසින් කොටු හයක් බැඳේ. එ්  මුදුනේ  කොටු හයක පේලියක් රඳවා  එ් මත තවත් කොටු තුනක්ද ඊට ඉහළින් කොටු දෙකක් ද ඒ කොටු දෙක විසින් දරා සිටින ත්‍රිකෝණාකාර ඇටවුමක්ද සිටින ලෙස නිර්මාණය කිරීම පුරාණයේ සිටම අනුගමනය කළ සිරිත් සම්ප්‍රදායයක් බව පෙනී යනවා.  ඒ සමගම අරංගු කණු මුදුනේ කොඩි සවි වන බැවින් ඒවා කොඩි කණු බවටද පත්ව ඇති බව පෙනී යනවා. මේ සැලැස්ම පුරාණයේ සිටම සම්මතව ඇති බව පැරැන්නන් කරන විස්තර අනුව සිතිය හැකියි. පුරාණයේ අරංගව හැදීමට භාවිත වූයේ කැන්ද ලී  වුවත් වර්තමානයේ ඒවා සෙවීම අපහසු නිසා දෝ පුවක් කණු භාවිත කරන බව පෙනී යනවා.  අම්මඩුව දේවාල පෙරහර නැරඹීමට යන්නකුට දේවාල පරිශ්‍රයට පිවිසෙන සෑම වාහල්කඩකම අරංගු ඉදි කෙරෙන බව දැකිය හැකියි.¹ උග්ගල් අලුත්නුවර පැරැන්නන් පවසන්නේ ද පෙරහර අවදියේ දේවාල බිමට පිවිසෙන සෑම සෑම වාහල් කඩකම අරංගුව බැඳීම වැදගත් බවත් පුරාණයේ එම සිරිත පැවති බවත්ය.

 පිවිසුම

Thursday, November 20, 2014

තවත් සාහිත්‍යමය විවිධාංග බ්ලොග් පිටුවක් "නිමේෂය"

නුඹ සහ මම...

දශමයෙන් දශමය, අඟලෙන් අඟල,  දෑ අවුරුද්දක් පුරාවට බැන්ද බැඳීමක  කුටප්ප්‍රාප්තිය අභියස අද අප...  කොයිතරම් නම් කඳුළු මුසුව ඇත්ද?  මේ තරම් තද මේ බැමි අතර... අනන්තයක් තරම් දිග නිදිවර්ජිත රාත්‍රීන්ද වචන වලට වඩා හුස්ම වැඩිවුනු සංවාදද  කඳුළු ලුණු රසම බැව් ප්‍රත්‍යක්ෂ වුනු සුසුම්ද නිහඩව දහක් වචන හුවමාරු කල අප ඇස්ද, සාක්ෂි දරාවී නුඹෙත් මගෙත් සිත්  නොබිදිනු බැරි හුයකින් බැඳී  ඇති වග  බැඳුනත් නොබැඳුනත් අප ඇඟිලි එක ළඟ...  ජීවිතය අකුරෙන් අකුර ගෙන  මහ කවක් එක්ව ලියනට  ඉඳින් දැන් නුඹට මට අවසර..

පිවිසුම
http://nimeshayak.blogspot.com/ 

Tuesday, November 18, 2014

ජනප්‍රිය විවිධාංග බ්ලොග් පිටුවක් "හිතනලන්තය"

ශෝකයය,රෝස මල් පෙතිය

| Filed under කවි
wonderland_iv_by_cookmepancakes-d52atek
මිරිඟුව
මදහසය
පතොක් ක‍ටුය
තුහිනය
ශෝකයය
රෝස මල් පෙතිය

පිවිසුම