Tuesday, August 7, 2018

කාලීන තොරතුරු විචාර රසවින්දන සමගින් එන විවිධාංග බ්ලොග් පිටුවක් " Iranga.net "


කොහොම හරි ට්‍රයි කරලා කැම්පස් වරෙන්… ඒක පට්ට..!


මේ සටහන ලියන්න ඕනි කියලා හිතුණෙ උසස් පෙළ විභාගය ලියන නංගිලා මල්ලිලා වෙනුවෙන්. මොකද මාත් මීට අවුරුදු හතකට කලින් ඒ විදිහට ලොකු කට්ටක් කාලා ඒ ලෙවල් විභාගෙ ලියලා ඊට පස්සෙ කැම්පස් ඇවිත් තාමත් ජීවිතේ බලාපොරොත්තු ඉටු කර ගන්න ලොකු ට්‍රයි එකක් දෙන නිසා මං මේ කියන දේවල් වැදගත් වෙයි කියලා හිතුණ නිසා.

මං දකින විදිහට ඒ ලෙවල් කියන්නෙ අපේ රටේ තියෙන දරුණුම විභාගය. විභාගෙ ලියන උඹලට ඒක ලොකුවට දැනුණෙ නැති වුණාට අම්මලා තාත්තලා කියන විදිහට, ගුරුවරුන් කියන විදිහට මේක තමා උඹලට මූණ දෙන්න වෙන පට්ටම දරුණු විභාගය. ඒක මේ වචන වලින් විස්තර කරන්න අමාරු තරමේ මහා ලොකු තේරුමක් තියෙන කතාවක්. මං ඒක මගෙයි මගෙ යාළුවෙක්ගෙයි අත්දැකීමක් එක්ක මෙහෙම කියන්නම්කො.
එක වසරේ ඉඳන් දහ තුන වසරට එනකන් තමන් එක්ක එකට ඉගෙන ගත්ත ආව ගිය කාපු බීපු තමන්ගෙ හොඳම යාළුවා මේ විභාගෙන් පස්සේ තමන්ට වඩා එක ලකුණක් හරි ඇරන් කැම්පස් යන්න සිලෙක්ට් වෙනවා. ඒත් ඒ යාළුවත් එක්ක එකටම ඉඳලා එකට පාඩම් කරත් තමන්ට එහෙම කැම්පස් යන්න බැරි වුණොත් එක පැත්තකින් යාළුවා කැම්පස් ගියා කියලා හිතට දුකක් දැනෙයි. ඒත් ඊට එහා ගියපු ලොකු වේදනාවක් දැනෙන්නෙ තව අවුරුදු හතරකින් පස්සේ ඒ යාළුවා කැම්පස් එකෙන් අවුට් වෙලා ඇවිත් ජීවත් වෙන විදිහ දකිද්දි. මං මේ කියන කතාව ආට් කොමස් කරන අයට ලොකුවට දැනෙන්නෙ නැති වුණත් ඒ ලෙවල් වලට බයෝ මැත්ස් කරපු අයට නම් මං මේ කියන්නෙ මොකක් ද කියලා හොඳටම තේරෙයි. ඒක තව දුරටත් පැහැදිලි කරන්න මට මුහුණ දෙන්න වුණ අත්දැකීමකුයි මගෙ යාළුවෙක් මට කියපු අත්දැකීමකුයි මං කියන්නම්.

.............................
පිවිසුම
http://iranga.net/ 

 

No comments:

Post a Comment