Monday, September 14, 2015

තොරතුරු විවිධාංග හා රසවින්දන ඇතුළු විශේෂාංග බ්ලොග් එකක් " අම්බලන්ගොඩ කථා "

පොලිස් කථාවක්



ඔන්න මේ කියන දවස හරියටම මීට අවුරුදු දහයකට, පහළොවකට විතර කලින්  සිංහල අවුරුද්ද දවසට ඉස්සරින්ද දවස.. ඒ කියන්නේ අප්‍රියෙල් 13 දවසක්.. මේ කියන  දවස වෙද්දී ටවුන් වල තියන තදබදය ගැන ඉතින් කියන්න දෙයක් නැතුව ඇතිනේ.. ඔන්න එදා මට මොකක් හරි දෙයක් ගන්න ටවුමට එන්න සිද්ද උනා... වාහන සහ මගී තදබදය දන්නා නිසා මම  ලේසියටත් පහසුවටත් පියාණන් වහන්සේගේ හොන්ඩා  C 50 යෙන් ටවුමට එන්න පිටත් උනා...


ඔන්න මම ගාලු පාරට දාල දැන් ටවුම මැද්දෙන් කාර් බාර්, වෑන් ලොරි, බස්  අස්සෙන් එහෙන් මෙහෙන් දාගෙන ඉදිරියට ඇදීගෙන එන අතරේ කහ ඉරක් ඉදිරියේ සෙනග මාරු වෙන්න නවත්තන්න උනා කියපි.. ඔන්න දෙයියනේ කියල සෙනග මාරුවෙලා ඉවරවෙද්දීම මම අප්පච්චිගේ පිෂ්ටිය රේස් කරල ෆස්ට් එකට දාල යන්න පිටත් උනා විතරයි ෆුට් බයිසිකල් කටුවකින් පාර විරුද්ද පැත්තෙන්  ඉස්සරහට ආපු පොලිස් නිලදරුවෙක් එකපාරටම කෑගහල මාව  නැවැත්තුව .. නීතියට අවනත විය යුතු නිසාත් පොලිස් නිල ඇඳුමට ගරු කල යුතු නිසාත් මමත් ඉතින් දෙයියනේ කියල සැර දාගෙන ඉගිලෙන්න හදපු අප්පච්චිගේ පිෂ්ටිය අයින් කරලා නැවැත්තුව... පාරේ හිටපු සෙනග කන්දරාවයි වාහන ගොඩයි එක්ක පොලිස් මහත්තය ෆුටාර් එකත් තල්ලු කරගෙන ජීවිතෙත් බේරාගෙන ගාලු  පාර පැනල මා  ගාවට එද්දී උන්දැට අවනත වෙන්නේ නැතුව ගියානම් මට හඳට යන්නත් වෙලා තියෙන්න ඇති...
...........................................................

පිවිසුම

2 comments:

  1. මම කීප සැරයක් මේ අම්බලන්ගොඩ කතා බ්ලොග් එකට ගොඩවෙන්න ට්‍රයි කරල තියනව , ඒ බ්ලොග් එක ලෝඩ් වෙලා තප්පර ගනනකින් මොබයිල් ඇකඩමි කියල පේජ් එකක් ලෝඩ් වෙනව. නැත්නම් ගේම් වගයක් ලෝඩ් වෙනව. මෙතන තියන ලින්ක් එකෙන් ගියත් එහෙමයි.

    ReplyDelete
    Replies
    1. මේ ලින්ක් එකෙන් කිසිම අවුලක් නැතිව පෙජ් එකට යනවා. මට පෙනෙන හැටියටනම් ඔබගේ වෙබ් බ්‍රවුසරයට අනවශ්‍ය ඇඩ්වෙයාර් මැල්වෙයාර් ආදිය එකතු වෙලා වගේ. පුළුවන්නම් වෙබ් බ්‍රවුසර් රෙපෙයාර් ටූල් එකකින් බ්‍රවුසර් රෙපෙයාර් එකක් දාගන්න. නැතිනම් වෙබ් බ්‍රවුසර් එක ඉවත් කර නැවත ඉන්ස්ටෝල් කරන්න ( Internet Explorer හැර වෙනත් එකක්නම් )

      Delete