Wednesday, December 3, 2014

තවත් අළුත් රසවින්දන විවිධාංග බ්ලොග් පිටුවක් "ඉපනැල්ල"

පුංචි පවුලක පුංචි කතාවක්..



න්න එකෝමත් එක කාලෙක එකෝමත් එක රටක පුංචි දඟකාර පුතෙක් එයාගෙ අම්මයි තාත්තයි එක්ක ආදරෙන් ජීවත් වුණා. මේ පුංචි පුතා පෑන් පැන්සල් පාට කෑලි අතට ගනිද්දි එයාගෙ අම්මා එයාට කියල දීල තිබුණ
" පුතේ, අපි මේ ඉන්න ගේ අපේ නෙවෙයි.අපිට ඉන්න තැනක් නැති නිසා අර ශාන්ත මාමලගෙන් ඉල්ලගෙන තියෙන්නෙ මාසයක් ගානෙ සල්ලි දෙන්න ඕනෙ. ඒ නිසා බිත්ති වලවත් බිමවත් ඉරි අඳින්න එපා පුතේ.." පුංචි පුතත් ඒක හිතට ගත්ත බවක් පේන්න තිබුනා. දවසක් බොහෝම හදිස්සියෙන් පුංචි පුතා උදැල්ලක් අරන් කුළී ගෙදර මිදුලෙ වළක් කපනව. උදළු මිටෙන් බගයක්වත් උස නැති , මොන්ටිසෝරි යන්නවත් වයස මදි කොලු පැංචා.. පට් පට් ගාල වැඩ.. අම්මා ඇහුවා, ඇයි පුතේ ඔය මිදුල මැද.. අම්මට වැඩ වැඩි කරනවනේ ඔයා.. මොකටද ඔය වළ?

පුතා හෙන සීරියස්..
            "අම්මේ.. අපි තුන් දෙනාට ඉන්න මෙතන ගෙයක් හදන්නයි මම මෙ වළ කපන්නේ.. එතකොට මේ  ශාන්ත මාමලගෙ ගෙදර ඉන්න ඕනෙ නෑනෙ. "
අම්මගෙ ඇස් වල කඳුළු. අම්මටත් පුංචි කාලෙ ඔහොමම හිතුණා. ගෙවල්නම් ඒවා හදාගන්න මිනිස්සුන්ට අයිතියි තමයි. ඒත් මේ ඉරහඳ යට ඉපදුණු හැමෝටම ඉඩම් අයිති නැත්තෙ ඇයි..කෙනෙකුට අක්කර ගානක් තියෙද්දි තවත් කෙනෙකුට පර්චස් 10ක් වත් නැත්තෙ ඇයි? පුංචි පුතා තාම පොඩි වැඩියි ඕවා තේරුම් කතා කරන්න.
ඔහොම ඉද්දි අම්ම දවසක් පුතු පැටියගෙන් ප්‍රශ්නයක් අහනවා. අම්මා පොඩි කාලෙ ඉදන්ම හැම දෙයක් ගැනම ඇත්ත විතරක් කියල පුරුදු නිසා අම්ම දෙයක් කිව්වොත් ඒක බොරුවක් වෙන්නෙ නැහැ කියලා පුතා දන්න්නව
"මගෙ රන් කැටේ.. අම්මා ටිකක් දුර රස්සාවකට  යන්නයි හදන්නෙ. මං පුතාට කියලා දීලා තියනවනෙ කාන්තාර රටවල් ගැන. අන්න ඒ වගේ රටකට යන්නයි හදන්නෙ. පුතා තාත්ත එක්ක ඉන්නවද කියන දේ අහගෙන?
"පුතාටත් එන්න බැරිද අම්මේ..?"
 "අම්ම යන ප්ලේන් එකේ ලණුවකින් තව ප්ලේන් එකක් ගැට ගහලා ඒකෙ පුතා නැගල එන්නද අම්මෙ..? "
"මං බෑග් එකක් ඇතුළෙ එන්නද..?"
ප්‍රශ්න ගොඩා.....ක්.


පිවිසුම
http://ipanella.blogspot.com/

2 comments:

  1. ඔබ මේ කරන කාර්යය මහඟු පිනක්. නැගී සිටින්නට වෙර දරන අප වැන්නන්ට අත දෙන ඔබට ස්තුතියි. ඉදහිට ලියූ නමුත් දැන් ඔබේ දිරියෙන් වැඩිපුර ලියන්නට සිතුනා.

    ReplyDelete
    Replies
    1. දිගටම ලියන්න. සයිබර් අවකාශය පුරා අපේ රටේ අයගේ අදහස් මතිමතාන්තරත් තියෙන්න ඕනේ.

      Delete