Monday, December 15, 2014

හඳුන්වාදෙන ජනප්‍රිය තොරතුරු විවිධාංග බ්ලොග් එකක් "හිතනලන්තය"

රූපවාහිනියට හෙළූ මත්ද්‍රව්‍ය;Breaking Bad

walter-white-breaking-bad-vector-hd-wallpaper-1920x1080-3548
පෙනහළු පිළිකාවකට කළ හැකි භයානකම දෙය ඔබව මත්ද්‍රව්‍ය නිපදවන්නකු බවට පත් කිරීම නම් මරණය ඊට වඩා පහළින් ඇති භයානක ලැයිස්තුවේ ඇති බවට නිගමනය කළ හැකිය. නීතිගරුක වෝල්ටර් වයිට් හට සිදු වූයේද එයයි. රයායන විද්‍යා ගුරුවරයකු ලෙස අතිශය නීරස සහ අතෘප්තිකර ‍රැකියාවක නිරත වෙමින් අර්ධ කාලීනව වාහන නඩත්තු කරන ස්ථානයක සේවය කළ හේ හදිසියේ විසාල සැතපුම් කණුවකට අවතීර්ණ වෙයි. ඒ පෙනහළු පිළිකාවක් වැළැඳී ඇතැයි වෛද්‍යවරයකු ලබා දෙන තීරණයක් සමඟය. බිරිය ගැබ්බරිනි. තරුණ පුත්‍රයා අර්ධ ආබාධිත තත්ත්වයකය. ගසකින් කොළයක් වැටෙන්නාක් සේ ජීවිතය නැවත්වීමට නොකැමති වෝල්ටර් වයිට් අසීමාන්තික හොඳ ජීවිතයෙන් අසීමාන්තික නරකට මාරු වීමට තීරණය කරයි. හරියටම කාසියක් උඩ දමා වැටෙන පැත්ත තීරණය කරන්නාක් තරම් සරලව ඔහු නරක ‍තෝරා ගනී.
මේ කතා මාලාවේ පළමු කථාංගය ඇ‍රැඹෙන්නේ අහසින් බිමට වැටෙන බද පටියක් ලූ කලිසමක් සමඟය. ඒ උඩින් වේගයෙන් ඇදී යන කැරවෑනයකි. යට ඇඳුමින් පමණක් සජ්ජිත,මුහුණ ආවරණය වෙන්නට ගෑස් මුහුණක් දමා ගත් වෝල්ටර් වයිට්ය. සිහිසුන්ව ඉදිරිපස අසුනේ වැතිරී සිටින ජෙසී පාකර්ය. ඔහුගේද මුහුණ වැසෙන්නට ගෑස් මුහුණු ආවරණයකි. කාන්තාර පෙදෙසක කැරවෑනය නවත්වා ඈතින් ඇසෙන පොලිස් සයිරන් හඬට කන් දෙන වෝර්ටර් වයිට් යට ඇඳුමට උඩින් කොළ පැහැති කමිසය ඇඟලා ගනී. කලිසම අහසින් පොළොවට පාත් වී වාහනයටම යට වී ගියෙන් කළ යුතු දෙයක් නැත. කැරවෑනය ඇතුළත ගෑස් අල්ලා සිහිසුන් කළ දාමරිකයන් දෙදෙනෙකි. ඉන් එකෙකු දැනටමත් මියගොස්ය. අනෙකා අර්ධ වශයෙන් සිහිසුන් වී ගොසින් පමණය. ඔහුට ස්වර්ගය පෙන්වීම දැන් වෝල්ටර් වයිට් සතු වගකීමකි. මියගිය දාමරිකයා නාන බේසමේ දමා දිය කර හැරිම ජෙසී පින්ක්මන් සතු වගකීමකි.
 
පිවිසුම
http://www.thinkland.net/ 
 

2 comments:

  1. මේක හොඳ බ්ලොග් එකක්. නමුත් ගුගල් ප්‍රොෆයිල් එකෙන් කොමෙන්ට් දාන්න බැහැ.

    ReplyDelete
    Replies
    1. කමෙන්ට් දානකොට මොනවා හරි errors පෙන්වනවද?

      Delete