Monday, December 1, 2014

අළුත් රසවින්දන විවිධාංග බ්ලොග් එකක් "මධුමාධවී"

බිස්නස් නම් බිස්නස් මල්ලී



එකමත් එක කාලයකදි රිටක් වගේ උසට උසේ දිඝජන්තු යයි නම් ඇති මිනිහෙක් උන්නා
කොච්චර උස වුනත් අහෝ කතා කරන එක අමාරු මේ මිනිහට උපතින් එන ගොතයක් තිබුණා

'මේක හරිම වාතයක්ය' කියලා සිතු දීඝජන්තු ප්‍රයිවෙට් ක්ලීනික් එකකට පියවර මැන්නා
සම්පූර්ණ පරීක්ෂාව නිමකරලා වෙදදුරු තැන රෝග නිධානය මුලින්ම අල්ලා ගත්තේ
"ඔහේගෙ සමහර එව්වා ඕනිවාට වඩා දිගයි ඒක නිසා නහර ඇදිල තමයි මේ ගොතේ"
"දොද්.. දොස්තර මහත්තයෝ ටිට්..ටි.. ටිකක් වැඩියි තමා කි..කීය ගියත් කමක් නැතේ දිද්..දිද්..දිග අඩුකරමූ"
දොස්තර මහතාද එවිට ගණන් හිලව් කතාකරල අන්තිමේදි දාපි මෙහෙම  කොන්දේසියකුත්
"මට මේ සර්ජරි එක ගැන කිසිම ගැටලුවක් නැත්තේ ඒත් මේක මතක් කරල ඉන්න එක හොඳයි
මේ වාගේ සැත්කමකින්  පස්සෙදි බෑ කවදාවත් කැපුණු කොටස නැවත ඔබට බද්ධ කරන්න
ඒ හින්දා ලියවිල්ලක් ගන්න වෙනව අත්සන් කර පොරොන්දුවක් සමග නැවත නොම ඉල්ලන්න
කොහොම උනත් මම කියන්නෙ තමුසෙ දිනක් දෙකක් අරං මං කියාපු මේ කාරණ හිතල බලනවා"
දිනකින් දෙකකින් ආපසු දීඝජන්තුවා ආවා නැහැ තීරණයේ වෙනසක් වැඩේ තීන්දුයි
සැත්කම මැනවින් නිමවී දීඝජන්තු ගෙදර ගියා මාසයකට විතර පස්සෙ ඩේටිනුත් ගියා
පුරුදු කෙල්ල වෙනද පුරුදු ප්‍රමාණයන් නැත්තෙ මොකද ඇසුවෙන් කොල්ලා සිදුවුණ සිද්ධිය කිව්වා

 පිවිසුම
http://madhumadhavi135.blogspot.com/ 

6 comments:

  1. තවත් කදිම හඳුන්වාදීමක්. ලැබිය යුතුම තැනට ඔබේ ප්‍රචාරය ලැබෙනවා. බෙහෙවින්ම ස්තූතියි..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මනෝෂ්. මේ ප්‍රචාරය තරම්ම ඔබේ කමෙන්ටුව වටිනවා.

      Delete
  2. අජිත්, ඔබ නවකයින්ට දෙන මේ තල්ලුව බ්ලොග් එකක් ලියනවාට වඩා වටිනවා. ස්තුතියි බොහෝම!

    ReplyDelete
  3. This comment has been removed by the author.

    ReplyDelete
  4. එක් ඉල්ලීමකින්ම මගේ බ්ලොග් එකත් සින්ඩියට එක් කළාට මගේ ප්‍රණාමය ..

    ReplyDelete
  5. නියමයි අජිත් බොස් ...

    ReplyDelete