Thursday, April 30, 2015

තවත් සුවිශේෂී ශාස්ත්‍රීය විචාරාත්මක හා විවිධාංග බ්ලොග් එකක් "කසාපබ්බත"

වහල් ජාතිය ඇමතුම...!

ජනපති ජාතිය අමතා ජනවාරි 08 වෙනිදා ඇමරිකාව ප්‍රමුඛ යුරෝපය සහ ඉන්දියාව තමා ඇමට යොදා කරන ලද බල පෙරළිය නැතහොත් ආක්‍රමණය විප්ලවයකට සමාන කළේ ය. එය ලෙහෙසි පහසු විප්ලවයක් නොව එක්සත් ජනපදයේ ඒබ්‍රහම් ලින්කන්ගේ වහල් තහනමට සමාන ය. මේ අදීනවිප්ලවය කළේ ඉන්දිය අගමැති නරේන්ද්‍ර මෝඩිගේ ඇඳුම ඇඳීමෙන් ද එංගලන්තයේ රැජිනගේ ග්ලවුස් නැති අත වර්ණනා කිරීමෙන් ද සිය ඇඹේනිය ලවා සිය යටත් විජිතවාසී ස්ත්‍රීන් එංගලන්ත රැජිනට ආචාර කරන ලෙස ආචාර කිරීමෙන් ද සිය නිදහස් නිවහල් ආදීනත්වය අකනිටා බඹලොව දක්වා පතුරුවා හළ ජනපති ය.

එදා ලින්කන් වහලුන්ට නිදහස ලබා දෙන විට ඇතැම් වහලුන් ඊට විරුද්ධ වූ බවත් අද තම විප්ලයට අකුල් හෙළන විරුද්ධ වන අය සහ එම වහලුන් අතර වෙනසක් නැති බවත් ඔහු කීවේ ය. ඔහුගේ ඊනියා විප්ලවයට ජනවාරි 08 වෙනිදා විරුද්ධ වූයේ ලක්ෂ 58ක් වුවත් අද, එදා ඔහුට ඡන්දය ලබා දී රටට සිදු කළ මහා අපරාධය පිළිබඳ පසුතැවෙන පිරිස දිනෙන් දින ඉහළ යන හෙයින් එය දැන් ලක්ෂ 70ට ආසන්න වෙතැයි සිතමි.  ඒ කෙසේ වෙතත් ඔහු තමාට එරෙහිව ඡන්දය පාවිච්චි කළ ජනතාව 18 වන සියවසේ එක්සත් ජනපදයේ විසූ වහලුන්ට සමාන කර තිබේ. ඔවුහු නිකන් ම වහලුන් නොව නිදහස එපා යැයි සටන් කළ වහල්ලු ය.

ඇමරිකානු ධනවාදය සහ අධිරාජ්‍යවාදය ද ඉන්දීය කළාපීය ව්‍යාප්තවාදය ද එක පෙළට සිට ජනවාරි 08 වෙනිදා කළ මේ මහා විප්ලවයට පසු "අප්පොච්චි මළෝ...!" යැයි හොටු පෙරා ගෙන සිරිසේන ජනපති ලබා දුන් නිවහල් දේශය බලා එක පිම්මේ දිව ගිය විජිත් විජිතමුණි සොයිසා ලා ද එතෙක් මහින්දගේ දෙපා මුළ ලැඟ සිට කිහිප වරක් උඩු බුරා සිරිසේන වෙත දුව ගිය මර්වින් සිල්වා ලා ද සිරිසේනට කොන්දක් නැතැයි නොහොඹිනා විහිළු කර ඔහුගේ දෙපා මුලට බඩ ගෑ දයාසිරි ජයසේකර ලා ද සැබෑ නිදහසේ අරුත වහා වටහා ගත් නිදහස්කාමී වහලුන් යැයි කිව හැකි ය. 58 ලක්ෂයක් ජනතාව ද එම ජනතා නියෝජිත ද 18 වන සියවසේ නිදහස එපා යැයි කියූ මෝඩ වහලුන් ය.

.............................................................


පිවිසුම
http://kasapabbatha.blogspot.com/ 

Wednesday, April 29, 2015

තවත් අළුත් විචාර ශාස්ත්‍රීය හා තොරතුරු විවිධාංග බ්ලොග් පිටුවක් "සිතුන නිසා"

මෙහෙම පුදුමයක්


19 ? ඔන්න බලාපං වෙන දේ


මොනව හිතුනත් උඹ හෙම මොනවත් ලියන්න එපා ! ආත දුන්න නියෝගයක් හින්ද; හිතෙන ඒව ලියාගන්න බැරුව හිටියෙ. සමහරු ලියල තියන ඒව දැක්කම මයෙත් ඇඟ වෙවුලන්ඩ අරන් තිබුණෙ. මුන් මෙච්චර බය නැතුව ලිය්නනෙ කොහොමද කියල හිතාගන්න බැරුව.

අපේ ආත කිව්වෙ බලය ගත්ත එව්වො රහ වැටුනම ඒක අතාරින්නේ නෑ.මෙච්චරකල් උනේ ඒක කියල.
“ඒ කාලෙ හිතට  හිතෙන, ඇඟට දැනෙන  ඒව කියන්න ගිහින් අපි ජීවිතේ බේරගත්තෙත් අමාරුවෙන්; ඒ හින්ද  නිකං ඉඳිං. නැත්තං උඹ හින්ද මටයි දොස් පරොස්.
ඒකත් ඇත්ත තමයි කියල මාත්  අනෙක් අයගේ ලිපි කියව කියව හිටිය. ආතා හින්ද කලාතුරකින්වත් කොමෙන්ටටුවක් වත් දැම්මෙ හොරෙන්.

“19 ? ඔන්න බලාපං ඕක  කතා කර කර ඉන්නව විතරයි. මොකක් හරි උප්පරවැට්ටියක් කරල ඕක නොකර ඉන්න තැනට වැඩ හරිගස්සනව.“ අපේ ආතට මේපාර නං වැරදුනා. ඊයේ හවස  කට උත්තර නැතුව ගියා.

....................................................


පිවිසෙන්න
http://madthoughtful.blogspot.com/ 

Tuesday, April 28, 2015

අළුත් සාහිත්‍යමය තොරතුරු විවිධාංග රසවින්දන බ්ලොග් එකක් "ටිකක් හිතන්න"

19

හොදත් නරක ඇහුණා කණ දෙදරන්න
උද්ඝ‍ෝෂණද නැගුවා හඩ රැව්දෙන්න
විවිධ වැඩත් කෙරුවලු පහු කරලන්න
රටට හොදයි නම් සම්මත කරලන්න

ජනතා මතය අමතක කරලන්න එපා
නීතිය රටේ කිසිවිට වැනසෙන්න එපා
නිදහස කාගෙවත් අනතුරෙ වැ‍ට‍ෙන් එපා
අනිසි බලය කිසිවෙකුටත් ලැබෙන් එපා


.........................
පිවිසුම
http://hithamutikak.blogspot.com/