Sunday, April 12, 2015

මහනායක හිමියනි ඔබවහන්සේට නිවන් සුව අත්වේවා!


මහ නායක හිමියනි, ඔබ වහන්සේ රටට කළ ජාතික ශාසනික මෙහෙවර අප ඉතා බැතියෙන් සිහිපත් කරමු. අපවත් වී වදාල අස්ගිරි පාර්ශවයේ මහ නායක හිමි අති පූජ්‍ය උඩුගම ශ්‍රී බුද්ධරක්ඛිත හිමියන්ට නිවන් සුව ලැබේවා.

Friday, April 10, 2015

හඳුන්වාදෙන නව සාහිත්‍යමය රසවින්දන හා විවිධාංග බ්ලොග් පිටුව "සන්දේශය"

අම්බලමේ පිනා


 ''අම්බලමේ  පිනා
වළං කදක් ගෙනා
ඒක බිඳපි ගොනා
ඒකට මට හිනා''

මෙය කුඩා ළමයාගේ සිට වැඩිහිටියා දක්වා අපි හැමෝම දන්නා කට වහරේ ඇති ජන කවියකි.මෙම කවිය නිර්මාණාත්මක ලෙස දිගු කර මුල් කවියේ අර්ථයට සාපේක්ෂව වෙනස් වූ අපූරු අර්ථයක් හැඟවෙන ලෙස රචනා කරන ලද කවි පෙළක් පසු ගිය දා එනම්,2015-04-09 වන බ්‍රහස්පතින්දා දිවයින වටමඬල අතිරේකයේ පල විය.එය මෙසේ ය,

අම්බලමේ පිනා
අම්බලමේ පිනා වළං කදක් ගෙනා ඒක බිඳපි ගොනා නොවනු එයට හිනා
තව දිනයක පිනා කදත් රැගෙන එනා පුරුදු පරිදි ගොනා කද බිඳගෙන යනා
ඉන් නොසැලෙන පිනා කරබාගෙන එනා යළිදු වළං තනා කදත් රැගෙන යනා
මහ මඟ එන පිනා දුටුව පරණ ගොනා පිම්මෙන් දිවගෙනා යයි කද බිඳගෙනා
දුකම පුරුදු පිනා 
යළිදු  ගෙදර එනා තණ මිටියක් මනා කද බැඳගෙන එනා
ඔහුව දැකපු ගොනා හෙමිහිට ළං වුණා තණ මිටියට ගොනා කෙමෙන් වසඟ වුණා
හීන්සැරේ පිනා මිතුරු කරන් ගොනා යළි නිවසට එනා කරත්තයක් තනා
අම්බලමේ පිනා වළං ගැලකි ගෙනා ඒක අදින ගොනා ඒකට මට හිනා....
සුදේශ් කවීශ්වර කැලණිය විශ්වවිද්‍යාලය
(2015-04-09/දිවයින-වටමඬල)
.......................................................................
 
 
පිවිසෙන්න