Thursday, April 9, 2015

හඳුන්වාදෙන වැදගත් වෛද්‍ය උපදේශන හා දැනුම බ්ලොග් පිටුව "දත් වෙද සුමිතුරු"

විදුරුමස් රෝග II (Periodontal Diseases)

කලින් ලිපියෙන් විදුරුමස් රෝග හැදෙන්නේ කොහොමද, විදුරුමස් රෝග වල රෝග ලක්ෂණ ගැන එහෙම කතා කරපු නිසා අද විදුරුමස් රෝග ගැන තවත් වැදගත් තොරතුරු ටිකක් කියන්නම්.

විදුරුමස් රෝග සඳහා වැඩි අවදානමක් ඇති කරන සාධක කිහිපයක් තියෙනවා. මේ සාධක එකක් හෝ කිහිපයක් තියෙනවානම් ඔබට විදුරුමස් රෝග සෑදීමේ අවදානම වැඩියි.

  • දුම්පානය: දුම්පානය ඔබට විදුරුමස් රෝග ඇති කිරීමේ හැකියාව වැඩි කරනවා. ඒ වගේම විදුරුමස් රෝග සඳහා කෙරෙන් ප්‍රතිකාර වල කාර්යක්ෂමතාවයටත් දුම්බීම බලපානවා. ඔබ නිතර දුම්පානය කරන කෙනෙක් නම් මේ ප්‍රතිකාර වලින් කිසිම ප්‍රතිඵලයක් නැති වෙන්න පුළුවන්. 
  • හෝමෝන අසමතුලිතතා: විශේෂයෙන්ම කාන්තාවන්ගේ ගර්භණී සමයේ සිදුවන හෝමෝන වෙනස් වීම විදුරුමස් රෝග් සඳහා බලපාන්න පුළුවනි. 
  • දියවැඩියාව: පාලනය නොකරන් ලද දියවැඩියා තත්වය නිසා විදුරුමස් රෝග සඳහා කෙරෙන ප්‍රතිකාර වලින් යහපත් ප්‍රතිඵල නොලැබෙන්න තිබෙන හැකියාව වැඩියි. 
  • අනෙකුත් රෝගී තත්ව: විශේෂයෙන්ම ඒඩ්ස්, පිළිකා වැනි රෝගී තත්ව නිසාත් විදුරුමස් රෝගී තත්ව ඇති වෙන්න පුළුවන්. 
  • විවිධ බෙහෙත් වර්ග: උපත් පාලන පෙති, විශාදය (depression) සඳහා ලබාගන්න බෙහෙත් වර්ග (anti depressants) සහ හෘද රෝග සඳහා ලබාගන්න සමහර බෙහෙත් වර්ග මේ සඳහා හේතු වෙන්න පුළුවන්. 
  • ජානමය හේතු 
  • මානසික ආතතිය 
  • මන්දපෝෂණය 
  • ස්ථූලතාවය 
ඔය වගේ විවිධ හේතු විදුරුමස් රෝග ඇති වෙන්න බලපාන අවදානම් සාධක විදියට ක්‍රියා කරනවා. 

සාමාන්‍යයෙන් විදුරුමස් රෝග වැඩිපුර දකින්න ලැබෙන්නේ වයස අවුරුදු 30ට වඩා වැඩි පිරිමි අයගේ බවයි පර්යේෂණ වාර්තාවල සඳහන් වන්නේ. 

විදුරුමස් රෝග වල රෝග ලක්ෂණ කලින් ලිපියේ දක්වා තිබෙනවා. ඔබට එම රෝග ලක්ෂණ තියෙනවා නම් ඉක්මනින් ප්‍රතිකාර සඳහා යොමුවීම වැදගත්. 

විදුරුම රෝග සඳහා ප්‍රතිජීවක ඖෂධ, මුබ සේදුම් දියර ආදිය භාවිතා කරන්න ඕනේ වෛද්‍ය උපදෙස් යටතේ පමණයි. වෛද්‍ය උපදෙස් වලින් තොරව ඒ සඳහා යොමුවීම සුදුසු නැහැ. 

දත් බුරුසුවකින් දත් මැදීමට ආදේශකයක් විදියට මුඛ සේදුම් දියර භාවිතා නොකළ යුතුයි. මුඛ සේදුම් දියරයෙන් දත් වල් බැඳී ඇති මැලියම් ඉවත් වන්නේ නැහැ. ඒ නිසා දත් බුරුසුවකින් දත් මැදීම අත්‍යවශ්‍ය වෙනවා. 

විදුරුමස් රෝග වළක්වා ගැනීම සඳහා පහත දක්වා ඇති උපදෙස් අනුගමනය කරන්න පුළුවන්. 

  • සිනිඳු කෙඳි ඇති (soft) බුරුසුවකින් දවසට දෙවරක් දත් මැදීම. මේ සඳහා ෆ්ලෝරයිඩ් අඩංගු දන්තාලේප වර්ගයක් පාවිච්චි කරන්න. 
  • සෑම මාස 6කට වරක්වත් දන්ත වෛද්‍යවරයෙක් හමුවෙලා ඔබේ දත් පරීක්ෂා කරගෙනීම. 
  • දුම් පානයෙන් වැළකීම.
  • දියවැඩියා තත්වය පාලනය කර ගැනීම. 
විදුරුමස් රෝග වළක්වා ගැනීම මගින් දිගු කාලයක් පවතින් සුන්දර සිනහවකට හිමිකම් කියන්න ඔබටත් පුළුවන්. 



විදුරුමස් රෝග ගැන වගේම අනෙකුත් ගැටලු ගැනත් අපිට ලියන්න. මේ සඳහා කමෙන්ට් වගේම, මේ පිටුවේ උඩින්ම දක්වා තිබෙන ඊමේල් ලිපිනයත් භාවිත කරන්න ඔබට පුළුවන්. 

පිවිසුම

Tuesday, April 7, 2015

විවිධාංග විචාර හා තොරතුරු බ්ලොග් එකක් " සඳුනිමා "

32. අප්‍රේල් මෝඩයා.......... April Fool



කට්ටියටම සුභ උපන්දිනයක් වේවා එහෙනම්.විශේෂයෙන්ම අද කාන්තා පාර්ශ්වයට වැදගත් දිනයක්ලු නේද? මමත් හරියටම දන්නේ නැහැ, හත වසරේ කෙල්ලෙක් තමයි මටත් කිව්වෙ.



උපුටාගැනීම - චූටි මල්ලි සහ පොඩි මල්ලි ෆේස්බුක් පිටුව



ඉතින් දවසේ වැදගත්කම ගැනත් හිතලා බලලා කාලෙකට කලින් අන්තිම පේලියට ලියුව එකක් ආයෙම උස්සන් ආවා.කලින්ම කියනවා උපුටාගත්තේ ඊයකින්. කියවන උන් කියවපල්ලා. බණින උන් බැනපල්ලා. අත කසනවටයි, ආසාවටයි ලියන්නේ.අනිත් කාරණේ හැම වෙලේම හැමෝවම සතුටු කරන්නත් බෑ, ඇත්ත සිද්ධිම හැම වෙලේම ලියන්න කියලා නීතියකුත් නෑනේ.
.................................................................
පිවිසුම

Monday, April 6, 2015

නව විස්තර විවිධාංග රසවින්දන බ්ලොග් එකක් " සිතූගේ සිතුවිලි "

තිමිර 09

කතාවේ මුල් කොටස් බැලුවේ නැත්තම් මෙතනින් බලන්න. 
තිමිර 03
තිමිර 04
තිමිර 05
තිමිර 06
තිමිර 07
තිමිර 08

"සඳා? කවුද අම්මෙ සඳා කියන්නේ? මේ ඉන්නේ රන්දි නේ?"  ශශික එහෙම කිව්වෙ අම්මා දිහා බලාගෙන. මමත් බලන් හිටියේ මේ මොනවත් තේරුම් ගන්න බැරුව. 

""හරි පුතේ... ඒ දවස්වල මගෙ හොඳම යාළුවා තමයි සඳා කියන්නේ.. මේ දුව ආයෙත් ඇරපු අතක් නෑ සඳා වගේමයි.. ඒකයි මම එකපාරටම රැවටුණේ..." ශශිකගේ අම්මා එහෙම කිව්වේ අපිට කෝපි අල්ලන ගමන්. 

"ඉතින් ආන්ටි දැන් එයා නැද්ද? එයාට මොකද වුණේ?" මම එහෙම ඇහුවෙ තවත් විස්තර දැන ගන්න අරමුණෙන්. 

"ඒක දිග කතාවක් දුව..." ශශිකගේ අම්මා එහෙම් කිව්වේ දිග සුසුමක් හෙළන ගමන්. 

"ආන්ටිට කරදරයක් නැත්තම් අපි කැමතියි ඒ කතාව අහන්න.." මම එහෙම කිව්වෙ සඳා ගැන තවත් තොරතුරු දැනගන්න ඕනෙ වුණ නිසයි. 

"දුවලා අහලා තියෙනවද ගල්කන්ද වලව්වෙ කතන්දරේ?" ආන්ටි එහෙම ඇහුවම මොකද්ද දෙන උත්තරේ කියලා මට හිතාගන්න බැරි වුණා. 

"කඩේ මුදලාලිනම් එහෙම කතාවක් කිව්වා ආන්ටි.. ඒත් හරියටම කතාව දන්නේ නැහැ." වාසල මල්ලි යන්තම් මැද්දට පැනලා මම පත්වුණ අපහසුතාවයෙන් ගලවගත්තා. 

"ගල්කන්ද වලව්වෙ සඳා මැණිකේ තමයි ඒ දවස්වල මගේ හොඳම යාළුවා. අපි පොඩි කාලේ ඉඳන්ම හැදුනේ වැඩුනේ එකට. ඉස්කෝලේ ගියේ එකට. සඳා නම් දවසෙන් වැඩි හරියක් හිටියේ අපේ ගෙදර." 

"සඳාගේ තාත්තා එයා පොඩි කාලෙදිම නැති වුණා. ඊට පස්සෙ සඳාලගෙ අම්මා තමයි එයාලව බලාගත්තේ. මේ ගමේ ඉඩ කඩම්, වතුපිටි වුණත් වැඩි හරියක් ගල්කන්ද වලව්වට  අයිතියි. ඉතින් එයලට අඟහිඟයක් නම් තිබ්බෙ නැහැ." 

"සඳාට හිටියේ අයියලා දෙන්නෙක්. ඒ අයියලා දෙන්නා නම් පුදුම තරම් නපුරුයි. හැම වෙලේම හිතුවේ ඉඩකඩම්, නම්බුව ගැන. එයාලා ළඟ වැඩ කරපු මිනිස්සුන්ටත් හරිම නපුරු විදියට සැලකුවේ. ගමේ මිනිස්සුන්ට  ඒ දෙන්නා ගැන නම් තිබ්බෙ හොඳ ආකල්පයක් නෙවෙයි." 

.................................................................

පිවිසුම
http://sithuwili-sithu.blogspot.com/