Monday, December 1, 2014

අළුත් රසවින්දන විවිධාංග බ්ලොග් එකක් "මධුමාධවී"

බිස්නස් නම් බිස්නස් මල්ලී



එකමත් එක කාලයකදි රිටක් වගේ උසට උසේ දිඝජන්තු යයි නම් ඇති මිනිහෙක් උන්නා
කොච්චර උස වුනත් අහෝ කතා කරන එක අමාරු මේ මිනිහට උපතින් එන ගොතයක් තිබුණා

'මේක හරිම වාතයක්ය' කියලා සිතු දීඝජන්තු ප්‍රයිවෙට් ක්ලීනික් එකකට පියවර මැන්නා
සම්පූර්ණ පරීක්ෂාව නිමකරලා වෙදදුරු තැන රෝග නිධානය මුලින්ම අල්ලා ගත්තේ
"ඔහේගෙ සමහර එව්වා ඕනිවාට වඩා දිගයි ඒක නිසා නහර ඇදිල තමයි මේ ගොතේ"
"දොද්.. දොස්තර මහත්තයෝ ටිට්..ටි.. ටිකක් වැඩියි තමා කි..කීය ගියත් කමක් නැතේ දිද්..දිද්..දිග අඩුකරමූ"
දොස්තර මහතාද එවිට ගණන් හිලව් කතාකරල අන්තිමේදි දාපි මෙහෙම  කොන්දේසියකුත්
"මට මේ සර්ජරි එක ගැන කිසිම ගැටලුවක් නැත්තේ ඒත් මේක මතක් කරල ඉන්න එක හොඳයි
මේ වාගේ සැත්කමකින්  පස්සෙදි බෑ කවදාවත් කැපුණු කොටස නැවත ඔබට බද්ධ කරන්න
ඒ හින්දා ලියවිල්ලක් ගන්න වෙනව අත්සන් කර පොරොන්දුවක් සමග නැවත නොම ඉල්ලන්න
කොහොම උනත් මම කියන්නෙ තමුසෙ දිනක් දෙකක් අරං මං කියාපු මේ කාරණ හිතල බලනවා"
දිනකින් දෙකකින් ආපසු දීඝජන්තුවා ආවා නැහැ තීරණයේ වෙනසක් වැඩේ තීන්දුයි
සැත්කම මැනවින් නිමවී දීඝජන්තු ගෙදර ගියා මාසයකට විතර පස්සෙ ඩේටිනුත් ගියා
පුරුදු කෙල්ල වෙනද පුරුදු ප්‍රමාණයන් නැත්තෙ මොකද ඇසුවෙන් කොල්ලා සිදුවුණ සිද්ධිය කිව්වා

 පිවිසුම
http://madhumadhavi135.blogspot.com/ 

Sunday, November 30, 2014

හඳුන්වාදෙන කලාකාමී ගීතමය බ්ලොග් එක "සින්දු ඇනෝ"

අපෙ සිත්වල නෑ ක්‍රෝදේ විහිළුවටයි විවාදේ...............




කරුණාරත්න අබේසේකර හා ගුණරත්න අබේසේකර
 
 යන 

දෙසොහොයුරන් හා ජෝතිපාල හා මිල්ටන් පෙරේරා
 
 යන ගායකයන්

දෙපළගේ සුසංයෝගයෙන් බිහිවූ සොඳුරුතම ගී
 
 පෙළක්. ගීතයකට 

පිළිතුරු ගීත ලෙස බිහිවූ මෙම ගී පෙළ රසික හදවත් 
 
අමන්දානන්දයට 

පත්කළේය.බලන්න මේක කොතරම් සුන්දර වාදයක්
 
 උනාද කියලා.

අපේ අවාසනාව මෙවැනි නිර්මාණ අද බිහි නොවීමයි ..... 



01.අනංගයා මන් අනංගයා......

අනංගයා මන් අනංගයා අනංගයා මන් අනංගයා
ආදරේ ප්‍රේමයේ සුරලොව තනතුරු දැරූ
අනංගයා මන් අනංගයා අනංගයා මන් අනංගයා

රාම සිතා එක්වුණේ රාධ ක්‍රිෂ්ණා ලන්වුණේ
සාලිය කුමරුට අශෝක මාලාවන් අත්වුණේ
මා හින්දය් මේ ලොවේ හැම යුවලම එක්වුණේ
අර සුර ලොවෙ මනු ලොවේ කොතැනත් මගෙ බල පෙනේ

තරුණ හදක් සොයනවා මල්සර පහ යොදනවා
මේ උක්දඩු දුන්න නමා මල් හීයෙන් විදිනවා
කුල බලේ නිල බලේ දන බලේ පන්නලා
අතුපැලේ මාලිගේ පෙම්වතුන් ලන්කලා

පැන දුවන්න ඕන නෑ දුක් විදින්න ඕන නෑ
මා ජීවත්වනතුරු මේ පෙම්ලෝකය පාළු නෑ
ආදරේ ප්‍රේමයේ සුරලොව තනතුරු දැරූ
මල්සරා පෙම්සරා මගුල් සක්වලේ රජා

ගායනය - එච් .ආර් ජෝතිපාල 
ගී පද - ගුණරත්න අබේසේකර  


පිවිසුම
http://sinduano.blogspot.com/ 

Thursday, November 27, 2014

වැදගත් වෛද්‍ය විද්‍යාත්මක බ්ලොග් එකක් "Online Doctor"

Online Doctor Sri Lanka Forum යනු ඉතා විශාල හිඩැසක්ව පවතින ශ්‍රි ලංකාවේ සෞඛය ක්ෂේත්‍රයේ ඇති දැනුම (Sri Lankan medical knowledge) ගලා යමේ ඇති අඩු ලුහුඩුකම් පිරවීමට අවසන් වසර වෛද්‍ය සිසුවෙකු (final year medical student) දැරු යම් ප්‍රයත්නයක අවසාන ප්‍රතිඵලයයි. තවද මෙය Online chanelling / online බෙහෙත් දීමට වඩා ජනතාව දැනුවත් කිරීමේ වැයමෙන් ආරම්භ කල වැඩසටහනක් වන අතර ඔබගේ ගැටලු වලට පිලිතුරු සැපයිම සුදුසුකම් ලැබු වෛද්‍යවරයෙක්(doctor) හෝ වෛද්‍යසිසුවෙකු (medical student) මගින් සිදුවේ. read more
මෙහි සිටින වෛදයවරුන් සමග කටයුතු කිරීමේදි නිවැරදි ආමන්ත්‍රණ පමනක් භාවිතා කරන්න..
 
 
පිවිසුම