Sunday, November 16, 2014

තවත් වැදගත් තාක්ෂණික විවිධාංග බ්ලොග් එකක් " Hetadina blog "


LED BULBS අපිම හදා ගමු.. 

 




  ඇත්තටම ගොඩක් සතුටුයි.අපේ බ්ලොග් එක කියවලා විශාල පිරිසක් LED BULB නිෂ්පාදනය පටන් අරගෙන කියල අපට දැනුම් දීල තියෙනවා..ගොඩක් දෙනෙක් තම නිවසට අවශ්‍ය බල්බ් ගෙදරම හදා ගත්ත කීවා..ඇත්තටම ඒක ගොඩක් වැදගත්..අපටම අවශ්‍ය දේ අපටම නිපදවා ගන්න පුළුවන් නම් එය ඉතා වැදගත්..තවත් සමහර අය කුඩා ව්‍යාපාරයක් හැටියට
බල්බ නිෂ්පාදනය පටන් අරන්.බල්බ නිෂ්පාදනය පටන් ගන්න අයට මුලින්ම කියන්න ඕනා එය පළමුවෙන්ම නිවසින් පටන් ගන්න කියලා.ගෙදරට අවශ්‍ය සියලුම බල්බ තමාම නිපදවා ගන්න.දැන් බඩු වල මිලත් අඩුවෙලා තියෙන නිසා වැඩේ ලේසියි.විනාඩි දෙක තුනෙන් හදා ගන්න පුළුවන් බල්බ වර්ග තියෙනවා කියල මම මිට පෙර පොස්ට් එකකින් කියා දුන්නා මතක ඇති.ප්ලාස්ටික් බල්බයේ සිට ඇලුමේනියම් බල්බ හා LED ටියුබ් ලයිට් හා ෆ්ලෑෂ් ලයිට් දක්වා ඕනෑම එකක් ඔබට ඉතා පහසුවෙන් තනා ගත හැකියි..මෙම බල්බ වල වැදගත්ම කරුණ වන්නේ එය නැවත නැවත අලුත්වැඩියා කර භාවිතා කල හැකිවීමයි.එහි බාහිර ආවරණයට හානිවීම ඉතා අඩු නිසා එය නැවත නැවත භාවිතා කරන්න පුළුවන්..

පිවිසුම
hetadina.blogspot.com 

Tuesday, November 11, 2014

තවත් ජනප්‍රිය විචාරාත්මක විවිධාංග බ්ලොග් පිටුවක් "කොළඹ ගමයා"

විසි පස් වසරකට පෙර ඇද වැටුණු බර්ලින් තාප්පය හා පූටින් හා ස්ටාසිලන්තය


බර්ලින් තාප්පය ඇද  වැටුන කාලේ අපි සෝවියට් දේශයේ ශිෂ්‍යයෝ. අපි බටහිර බර්ලිනයට හෝ එංගලන්තයට ආවේ දුම්රියේ. ඒක හරි රසවත් ගමනක්.  දුම්රිය ලන්ඩනයට  එන්නම දවස් තුනක් යනවා. රුසියාව, බෙලෝ රුසියාව හා පෝලන්තය පහු කරලා තමා එන්නේ. ඒ දවස්වල බර්ලිනය ලං වෙනකොට බර්ලින් තාප්පය පේන්න  පටන් ගන්නවා. ඉස්සෙල්ලම දකින වෙනස තමා  අති  විශාල වෙළඳ දැන්වීම් පුවරු. සාමාන්‍යයෙන් සමාජවාදී රටවල වෙළඳ දැන්වීම ඒ වගේ තිබ්බේ නැහැ. ඉතින් අපි දුම්රියේ ඇවිත් ෆ්‍රෙඩ්රික්ස්ට්‍රාස (Friedrichstrasse) කියන දුම්රිය පොලෙන් බැහැල , චෙක්පොයින්ට් චාලි කියන බර්ලින් තාප්පය මැද  හරියේ තියෙන ප්‍රසිද්ධ රැකවල්  ගේට්ටුව පහු කරලා තමා බටහිර බර්ලිනයට එන්නේ.  විදේශිකයන්ට ඒක  යටින් තිබෙන උමගින් ගිහිල්ල ආගමන විගමන නිලධාරින් පහු කලාම  වැටෙන්නේ බටහිර බර්ලිනයේ   සූගාර්ඩ්න් (Zoo Garden) උමන් නැවතුම් පොලට.  (පහත තියෙන්නේ එහි මුල් කාලයේ තාප්පය.)


පිවිසුම
http://kolambagamaya.blogspot.com/ 

Saturday, November 8, 2014

තවත් තොරතුරු විවිධාංග බ්ලොග් එකක් " සිතුම් සයුර "

අන්ඩර්ටේකර් vs රතූ




දෙයියනෙ..! මේ අයියල අක්කල කොච්චර හොදද.  මේ වගේ කට්ටියක් හම්බවෙන්න  කොච්චර පිං කරල තියෙන්න ඕනෙද....

කැම්පස් ඇවිත් ගතවුනු පලමු පැය හතරෙදි මට හිතුනෙ එහෙම.

බය වෙන්න එපා කියනව,  subject combination  ගැන කියල දෙනව,   අපේ විස්තර අහනව,  කන්න ගෙනත් දෙනව, බොන්න ගෙනත් දෙනව

දෙයියනෙ කවන්නෙ නැති එක විතරයි

ඉතින්, මොකට බය වෙන්නද ,

අප්පච්චි හිටිය කැම්පස් එකෙ වගේ වෙන්න බෑ මේක,

මේක සුපිරි තැනක්.....


පිවිසෙන්න
http://sithums.blogspot.com/