Friday, May 9, 2014

"සමකය වටේ"

සතිපතා පළවන පැරැණිතම සිංහල පුවත්පත ඥානාර්ථ ප්‍රදීපය 

 

 ආරම්භය 1866 ජුනි 07
අදට වසර 148කට පෙර 1866 ජුනි මස 07 දින පීටර් ඉලාරි පියතුමාගේ අධ්‍යක්ෂකත්වයෙන් හා ජුවාන් ප්‍රනාන්දු මහතාගේ කර්තෘත්වයෙන් ඇරැඹි ඥානාර්ථ ප්‍රදීපය දැනට ශ්‍රී ලංකාවේ පළවන පැරැණිතම සතිපතා පුවත්පතයි.


1866 ජුනි මස 7 වැනි දින ඥානාර්ථ ප්‍රදීපය මුල්ම පුවත්පත

වසර 148ක් සිංහල ජාතියට, සිංහල භාෂාවට, සිංහල සාහිත්‍යයට, සිංහල සංස්කෘතියට ඥානාර්ථ ප්‍රදීපයෙන් කළ සේවාව අතිමහත්ය. වසර 100ක් නොකඩවා පළවු එකම දිනපතා පුවත්පත දිනමිණ පුවත්පත 1909 ඇරැඹි අතර එය 1915 සිංහල මුස්ලිම් කෝලහල අවදියේ මාස කිහිපයකට නැවතී නැවත ඇරැඹිය.
ඥානාර්ථ ප්‍රදීපය වසර 1866 ජුනි මස 07 දින ඇරැඹි අදට වසර 148ක් නොකඩවා පළවූ සතිපතා පුවත්පතක් වූ මෙය එක් අවස්ථාවකදී පමණක් 1869 කලාප කිහිපයක් පලකිරීමට නොහැකි වී ඇති බව වර්තමාන ඥානාර්ථ ප්‍රදීපයේ කර්තෘ සාන්ත සාගර හෙට්ටිආරච්චි පියතුමා පවසයි.
මුලින්ම ඥානාර්ථ ප්‍රදීපය පුවත්පතේ මුද්‍රණ කරුත් කර්තෘත්වූයේ කොළඹ මෝදර පිෂර්ස් හිල් හි නොම්මර 47 දරන නිවසේ විසු ජුවන් ප්‍රනාන්දු මහතායි.

කියවන්න
http://samakayawate.blogspot.com/2014/05/blog-post_8.html 

බ්ලොග් එකට පිවිසෙන්න
http://samakayawate.blogspot.com/ 
 

Wednesday, May 7, 2014

"වැවු ඉස්මත්ත"


"කුලහීනයා"


''ලොකු දුව උඹට ඉල කැඩෙනකං කියල තියෙනව අර... අර කම්මල් කාරයත් එක්ක තියෙන පලහිලව්ව නතර කරන්ඩ කියල.......උඹල හදන්නෙ අපෙ මූණෙ දැලි ගාන්ඩද?  මහ  මිනිහ එහෙම දැන ගත්තොත් විසුමක් වෙන්නෑ....... උන් කවුද ......අපි කවුද.....ලැජ්ජාවක් නැද්ද  ලලිතා...? ඔය ඕකුන්ගෙ මහ එකා ඒ දවස්වල උඹලෑ  අප්පොච්චි දකින කොට ආ පුංචි මහත්තයා කියල සුම්බරේ අතට අරං හතරට පහට නැමිච්ච උං......ඔය කම්මල් කාරයින්ට අපෙ පවුල් පෑහෙන්නෑ ලලිතො...''


'' අනේ අම්මෙ මේ උදේ පාන්දරම අම්මට මොනව වෙලාද...මේ..මේ කුල මල ගෝත්තරේ ඇදගෙන  ලැජ්ජ නැද්ද අම්මෙ...පාරෙ යන මිනිස්සුත් හිනා වෙනව....." අතුගගා හුන් ලලිතා ඉදල මුල්ලකට විසි කර ගෙතුලට ගියාය.



" ඔව් ඔව්....පාරෙ යන මිනිස්සු හිනා වෙනව....ඒක තමයි උඹට තියෙන අමාරුව..බලා හිටිං.....!.අනේ.... හපොයි..!මෙහෙම ගියොත් අපිට දොට්ට පිළට බහින්ඩ වෙන්නෑ....මේ පරට්ටි කරන අසමජ්ජාති වැඩ හිංද........"



මුළු ගෙදරම හෝරාවක් පමණ වේලාවක් මහා නිහඩ බවකින් වෙලා ගත්තීය.මල් මල් ගවුමකින් සැරසුණු ලලිතා එලියට බැස්සාය.
කියවන්න
http://wewismatha.blogspot.com/2014/05/blog-post.html 

බ්ලොග් අඩවියට පිවිසුම
http://wewismatha.blogspot.com/ 

Thursday, May 1, 2014

"කඳු"


‘‘මගේ අම්මා ඉරාමනාදර් රාසම්මා. තාත්තා අයයම්පිල්ලේ ෂන්මුගම්පිල්ලේ. ඒ දෙන්නම දැන් ඉන්නේ වන්නියේ. අවු.76ක් තරම් වයස ඔවුන්ට යුද්ධය කොයිතරම් පීඩනයක් කරලා ඇද්ද කියලා හිතා ගන්න බෑ. බේත් හේත් නැතිව, මුදල් නැතිව පිළිසරණක් වන්නට යුද්ධය ඉඩ දෙන්නේ නැහැ. යුද්ධය විසින් අපව ඈත් කරවලා..''(2000, දමිළ කවියෙහි ශ්‍රී ලාංකික සළකුණ – ජෙයපාලන් කෘතියෙන්)

කියවන්න
http://amaleymunasinghe.blogspot.com/2014/05/blog-post_5986.html

බ්ලොග් අඩවියට පිවිසුම