ක්‍රෂ් ක්‍රෑෂ් වීම ... Crashed Crush
" ශ්...ශ්... මල්ලි මල්ලි ..."
" උඹ නේද ප්‍රගීත් කියන්නේ "
" ඔ.. ඔව් අයියේ .... ඇයි ... ?"
" පොඩ්ඩක් වරෙන්කො මෙහෙට බය වෙන්නේ නැතුව ...තෝව ගිලින්නේ නෑ "
උසස් පෙළ අවසාන වසරේ හිටපු අයියලා හතර දෙනෙක් මම ඉස්ල්කොලේ ඇරිලා ගෙදර යද්දී ,කතා කළා ..
මට එක සැරේම බැලුනේ මගේ අතිජාත මිත්‍ර මෝරා දිහා.
"යමං ගිහින් බලමුකෝ ...එහෙම කියපු මෝරා ඉස්සර වුනා ..
" තෝ මොකද? කවුද උගුඩුවො තොට බුලත් දුන්නේ ...? පල යන්න කන පලාගන්නේ නැතුව .."
මෝරා බය වෙච්ච පාර ඉබේම නැවතුනා ,
"උඹ වරෙන් මල්ලි ..තෝ ඔතන හිටපිය මේකව එවනකන්, අපෙන් මැරුම් නොකා " මෝරාට
ආපහු තග දාපු අයියලා මාවත් ඇදගෙන ඉස්කෝලෙට පහලින් තිබ්බ ඔරලෝසු කනුව ඉස්සරහ
තිබ්බ කඩේ අස්සට යන්න හැදුවා
" අනේ අයියේ ඔය කඩේ ඇතුලට යන්නනම් බෑ ..."
" ඇයි මොකද තෝ මහා ඒජන්තගේ පුතාද වර යන්න , " මගේ බෙල්ලෙන් අල්ල ගත්ත එකෙක් මාව කඩේ ඇතුලටම ඇදගෙන ගියා .
මං ඔය කඩේ අස්සට යන්න බෑ කිව්වේ වෙන මොකවත් නිසා නෙවෙයි ,ඔතන තමයි ඉස්කෝලේ
කොල්ලෝ සිකරට් බොනවා කියලා ලේබල් වැදිච්ච තැන . අපේ විනය පාලක හාමුදුරුවොත්
ඔතන ඉස්සරහ ටික වෙලාවක් ඉඳලා කට්ටියව නෝට් කරගෙන තමා හැමදාම ඉස්කෝලේ ඇරුනම
යන්නේ .
ඉතිං යකෝ මම වගේ සුරා සූදුවෙන් තොර සත් ගුණවත් අහිංසකයෙක් කොහොමද ඔය කඩේ
ඇතුලේ ඉඳන් මාට්ටු වුනාම ..උදේ රැස්වීමේ ඉස්සරහට ගෙනත් කින්ඩිය දාද්දි ආයේ
වසලා හමාරයි .
*******
පිවිසුම
No comments:
Post a Comment