අවසානය...!
ජීවිතය කියන්නෙ සින්දු අහනවා කියන එකටම තමයි. මොකද ජීවිතේ
කියන්නෙත් සින්දුවක්. අපි සින්දුවක් අහනවා... එතකොට ඒ සින්දුවෙ රස අපි
විදිනවා විනාඩි කීපයකින් ඒ රස ඉවර වෙනවා. ඉතින් ඒ සින්දුව අපිට සතුට ගේනවා
නම් සතුටක් දැනෙයි නැත්නම් දුකක් දැනෙයි. හරියට අපි ජීවිතේ මුහුණදෙන
සිදුවීම් වගේ.
මම ජීවිතේ එක කතාවක් පටන් ගත්තු හැටි ලිව්වා එක බ්ලොග් පෝස්ට් එකකින්. දැන් ඒ කතාව ඉවර කරන්න යන්නෙ පෝස්ට් එකකින්ම.
කතාව ඉවර කරලා ටික දවසක් උනත් (හරියටම 2017-08-19) ලියන්න වෙලාවක් තිබුනෙත් ශක්තියක් තිබුනෙත් නෑ.
මේ කතාව පටන් ගත්තේ...
"මම සාමාන්ය පෙළ කරන කාලෙදි විද්යාව ඉගෙන ගන්න ගෙවල් ගාව පන්තියකට ගියා..." කියලා...
දැන් ඉවර කරන්න හදන්නෙ.
ඉතින් ඒ ළමයාගෙන් මම ඇහුවා... මම පරක්කුයි...
කොහේදෝ පාලු මූසල හවසක වැස්සක් වෙලාවෙ තනිවෙලා වගේ මට දැනුනා.
ඒ මැවුනු වැස්ස මට මුමුණනවා...
......................................
පිවිසුම