මායාදුන්නේ කුමරුන් තම රාජධානිය
සදහා සීතාවක තොරා ගැනීමට බලපෑ හේතුන් බොහොමයක් බවටයි හදාරන්නන් යෝජනා
කරන්නේ. ඉන්පලමු කොටම කොළඹ සිට එන මාර්ගය සිතාවකදී කන්ද උඩරටට යන මාවත හා
සබරගමුවෙන් එන මාවත එකට මුන ගැසෙන ඉසව්ව මෙය වීම බවට යෝජනා කරනවා. එසේම
වළගම්බා රජ දවස සිටිම ආගමික මධ්‍යස්ථානයක් ලෙසට මානියම්ගම රජමහ විහාරය
පැවතීමත්, මෙහි වැඩ විසූ භික්ශූන් වහන්සේලා විජයබා කොල්ලයටත් පෙර සිටම
මායාදුන්නේ කුමරුට සහය දැක්වීමත් දක්වා සිටිනවා. තවද සීතාවක ගඟත් ගැටහැති
ඔයත් ඇතුලු ජලමාර්ගවලින් ලැබෙන ආරක්ශාවත් පමනක් නොව සරුසාර ගංගා මිටියාවතක්
වීමද ඒනිසාම පෙර කල සිටම කෘෂිකර්මාන්තය අතින් සරුසාරව පැවතීමත් හේතුවක්
ලෙසට දැක්වෙනවා. ආරක්ශාව පිලිබදව සැලකීමේදී මානියම්ගම ගිරිදුර්ඝයත්,
කටුපඳුරු සහිත වනාන්තර මෙන්ම මඩගොහුරු සහිත වගුරු බිම්ද වීම වැදගත් වන්නට
ඇති බවට ඔවුන් පෙන්වා දෙනවා. ඉතිහාසයේ සදහන්වෙන්නේ මයාදුන්නේ කුමරුගේ නියෝග
මත ආර්ය නම් ඇමතිවරයා රජ මාලිගව, රාජ සභාව, පරිවාර මාලිගාවන්, මංමාවත්,
මල් උයන් වලින් පිරි අලංකාර නගරයක් බවට පත්කල බවයි.
..............................
පිවිසුම