| වැණුවාට |
ඔපේ පොත්තෙ විතරයි පුන්පොහො | රෑට |
ලිපේ පුළිගුවත් තනියම දෙයි | පාට |
අපේ මළණුවන් රැවටුණි දෝ | කාට |
| |
මලේ පිරෙන රොන් ඇති මල්වර | දාට |
ලොලේ කර වහති නිලමැස්සොත් | ඊට |
හැලේ මිලින වී කුසුමත් පෙති | පාට |
මලේ, නාඩපන් මල උබෙ | නූනාට |
| |
සිනේ රූ පෙමින් විසිතුරු | කෙරුවාට |
උණේ ගැනෙන හැටි විරහව ආ | දාට |
සෙනේ දිය සොයා කතරේ | දිව්වාට |
අනේ මිරිගුවෙන් පල නැහැ | තිබහාට |
බොහොම ස්තුතියි
ReplyDelete