Friday, May 6, 2016

සාහිත්‍යමය රසවින්දනය වෙනුවෙන් රුසියානු කතා සමග එන අළුත් බ්ලොග් එකක් " රුසියානු පරිවර්තන "

පෙම්වතියේ






ඇලෙක්සාන්දර් සිර්ගෙවිච් පුෂ්කින්

පෙම්වතියේ
( මා මනසේ ඇඳේ ඒ ආශ්චර්යවත් මෙහොත )

මා මනසේ ඇඳේ ඒ ආශ්චර්යවත් මෙහොත,
ඔබ මා ඉදිරියේ ප්‍රභාවත් විය,
අසුරු සැනින් වන් දසුනක් මෙන්,
නොඉඳුල් සුන්දරත්වයේ දෙවඟනක් මෙන්,

සැනසුම් සුසුමෙහි අනපේක්ෂිත දොම්නසේ,
කැළඹිමෙහි නිෂ්ඵල දෝංකාරයේ,
සවනේ වැකුනි ඔබ මුදු මොලොක් හඬ බොහෝ කල්,
සිහිනයක් විය චමත්කාර රූ සපුව,

වසර ගෙවී ගියේය,
දුර්දව චණ්ඩ මාරුතය,
සී සී කඩ හැරීය පෙර සිහින,
වියැකි ගියේය ඔබ මුදු මොලාක් හඬ,
ඔබගේ නබෝගත රූ සපුව.
.......................................
 
පිවිසුම

No comments:

Post a Comment