Saturday, September 9, 2017

සාහිත්‍ය රසවින්දනය සමග කාලීන විචාර රැගත් අළුත් බ්ලොග් එකක් " ධනූගේ අඩවිය "

අවසානය...!

ජීවිතය කියන්නෙ සින්දු අහනවා කියන එකටම තමයි. මොකද ජීවිතේ කියන්නෙත් සින්දුවක්. අපි සින්දුවක් අහනවා... එතකොට ඒ සින්දුවෙ රස අපි විදිනවා විනාඩි කීපයකින් ඒ රස ඉවර වෙනවා. ඉතින් ඒ සින්දුව අපිට සතුට ගේනවා නම් සතුටක් දැනෙයි නැත්නම් දුකක් දැනෙයි. හරියට අපි ජීවිතේ මුහුණදෙන සිදුවීම් වගේ.
මම ජීවිතේ එක කතාවක් පටන් ගත්තු හැටි ලිව්වා එක බ්ලොග් පෝස්ට් එකකින්. දැන් ඒ කතාව ඉවර කරන්න යන්නෙ පෝස්ට් එකකින්ම.
කතාව ඉවර කරලා ටික දවසක් උනත් (හරියටම 2017-08-19) ලියන්න වෙලාවක් තිබුනෙත් ශක්තියක් තිබුනෙත් නෑ.
මේ කතාව පටන් ගත්තේ...
"මම සාමාන්ය පෙළ කරන කාලෙදි විද්යාව ඉගෙන ගන්න ගෙවල් ගාව පන්තියකට ගියා..." කියලා...
දැන් ඉවර කරන්න හදන්නෙ.
ඉතින් ඒ ළමයාගෙන් මම ඇහුවා... මම පරක්කුයි...
කොහේදෝ පාලු මූසල හවසක වැස්සක් වෙලාවෙ තනිවෙලා වගේ මට දැනුනා.
ඒ මැවුනු වැස්ස මට මුමුණනවා...
......................................


පිවිසුම

Tuesday, September 5, 2017

කතන්දර සිදුවීම් විචාර සහ රසවින්දනය සමගින් එන බ්ලොග් එකක් " කට්ටකාඩුව "

ඉඩෝරයාගෙ හීනෙ - අන්තිම කොටහ

ඉඩෝරයා ගේ කතාව මං බාගෙට කියලා නැවැත්තුවේ කතාව ටිකක් දිග වැඩි වෙච්චි හින්දා. ඉඩෝරයාගේ කල් කිරියාව කොහොම එකක්දෑ කියල කියන් නැතුව ඉඩෝරයාගේ ඉරණම කියන එක තේරුමක් නෑ. ඒකයි කතාව දික් උනේ. කවුරු හරි ඉඩෝරයාගේ කතාවෙ මුල් ටික කියවලා නැත්නම් මයෙ අම්මා තරහ නැතුව මෙතැනිං ඒ කොටහ කියවලම වරෙල්ල හොදේ. නැතුව අර ටැලිවිසොන් පෙට්ටියේ රෑට රෑට - රූට රූට පෙන්නන නාට්ටිය බලලා පුරුද්දට, එක දවසක කෑල්ලක් නෙවෙයි දවස් තිහ හතලිහක කෑලි නොබැලුවත් අවුලක් නැතුව ඉස්සරහට බලාගෙන යන්ඩ පුළුවන් වෙන මෙගා කුණු හරුප නං නෙවෙයි ඕං මෙව්වා. මෙගා නාට්ටිය කියන්නේ මුත්තයියගේ ගල් කේක් වගේ දෙයක්. හැබැයි ඒක වෙනම දවසක කියන්ඩ ඕන වෙනම කතාවක්... දැන් ඉඩෝරයාගේ දෙවැනි කොටස



උඹ කොහොමද මට ලී ගෙනත් දෙන්නෙ?”

පර බාසාව ප්‍රෂ්නෑක් උන් නැත්තන් මටත් ආව් අප්ප කියල උපාධිය ගන්ඩ පුලුහන් වෙයි!!”.

එහෙම කියන කොටත් ඉඩෝරයාගේ මූනේ පොඩි හිනාවක් යනවා. අත් දෙක පද්දන වේගෙ ටික ටික වැඩි වෙනවා.

“…එහෙම උනොත් මං අපේ ගමේ ග්‍රාමය වෙනවා!!!...

මොකක්?”

ග්‍රාමයා ජේෂ් තුමා ග්රාමයා!!...

මූට ඕන ග්‍රාම සේවක කෙනෙක් වෙන්ඩද උපාධියෙන් පස්සේ?. මට හිතා ගන්ඩ බැරි උනා. සාමාන්යෙන් උපාධිය ගත්තහම අපි බලාපොරොත්තු උනේ ආණ්ඩුවේ ලොකු රස්සාවකට හරි ප්‍රයිවෙට් තැනක ලොකු පඩියක් ගන්ඩ පුළුවන් ජොබ් එකකට යන්ඩ. ග්‍රාම සේවක තනතුරක් ගැන අපි කවුරුවත් හිතලා තිබ්බේ නැති වෙලාවක මෙන්න මේකා ග්‍රාම සේවක කෙනෙක් වෙන්ඩ හදනවා!!!. මං ඒ රස්සාව පාත් කරනවා නෙවෙයි. එත් ඒ කාලේ අපිට හිතුනේ උපාධියක් ගත්තහම ඊට වඩා ලොකු රස්සාවක් කරන්ඩ ඕන කියලයි.
...................................................................

පිවිසුම