Friday, May 13, 2016

තොරතුරු විචාර විවිධාංග කාලීන සිදුවීම් සමග සාහිත්‍යමය රසවින්දනය රැගෙන එන අළුත් බ්ලොග් පිටුවක් " සයිමගේ සිතුවිලි "

බලාපොරොත්තුව


ජීවිතයේ ආලවට්ටම්
සොයනා බහුතරය'තර
ඔබ නොමැති බව දුටිමි


තුරු අතර කඳු මුදුන්වල
ඔබේ දෝංකාරය ඇසුණි
වළාකුළු පිසිමින් හැමූ
ඔබේ සුවඳ හඹා ගියෙමි
සප්ත මහා සාගරයේ ඉපිලෙමින්
ඔබේ සළකුණු සොයා ආවෙමි
පාළු අඳුරු හුදෙකලා තැන් වල
ඔබ එනතුරු බලා සිටියෙමි


සමාජයේ ප්‍රවාහයට හසු වුණු
ජීවී මළවුන් හට සිනාසෙන
සාපේක්ෂ රාමු වලට පිටින් ඉන්නා
ඔබව සෙව්වෙමි

තවමත් හමුනොවූවත්
ඔබත් මා සොයමින්
සිටිනා බව දනිමි!
..................................
 
පිවිසුම

No comments:

Post a Comment