Monday, August 27, 2018

කාලීන සිදුවීම් තොරතුරු විචාර සංවාද සමගින් බ්ලොග් පිටුවක් " Nidige Pancha Thanthare නිදිගෙ පංච තන්තරේ "

සිඳු දකින සඳ - දෙවෙනි කොටස

ඩැඩාගේ කතාවෙන් මම ගල්බීතවී ගියෙමි. අපි එව්වාට කියන්නේ කුණුහරුප කියලානේ!


යෞවනොද්ගමනයේදී.....
මට කියවුණේ ‘උඹම කියා දියං’ කියලාය. ඇත්තටම දැනගෙන ‘කතරගං යාම’ නොදැන යනවාට වඩා හැම අතින්ම හොඳය! හුදු කුතුහලය නිසාම තවත් නොදන්නා කෙනෙකුගෙන් උපදෙස් ගැනීම හරිම විපත්තිදායකය! දැන් නම් ඇටෙන්- පොත්තෙන් පැහෙන කොටම එයාලා ඒ සේරම ඉගෙනගෙන අහවරය.

පිරිමි ළමයෙකුගේ ‘යෞවනෝද්ගමනයෙදී; ටෙස්ටෙස්ටරෝන් ලිංගික හෝමෝනය වෑහෙන සමයේදී’ ඔහුට ලිංගික හැඟීම් පහළ වෙයි. සමහර විටෙක ශිෂ්ණය ප්‍රාණවත් වෙයි. ශුක්‍ර මෝචනය කිරීමට සිතෙයි. විටෙක සිහිනයෙන්, තමා නොදැනුවත්වම ශුක්‍ර පිටවෙයි. මේවා ‘ලෙඩ’ නොවේ. ස්වාභාවික දේවල්ය. 

එහෙම නොවෙනවා නම් ඒක ලෙඩකි! විටෙක ස්වයංවින්දනයක් මඟින් හෝ ආස්වාදයක් ලබන්නට පෙළඹීමත් අමුත්තක් නොවේ. අමුත්ත ඉව-බව නැතිව, අසීමාන්තිකව ඒවාට පෙළඹීමය.
..........................................

පිවිසුම
http://nidigepanchathanthare.blogspot.com/ 

Monday, August 20, 2018

සාහිත්‍යමය රසවින්දන කලා විචාර සමගින් බ්ලොග් පිටුවක් " වාරා "

වණ්ණ දාසි – කත්‍යානා අමරසිංහ සූරිය ප්‍රකාශන
ෆැන්ටසිකරණයක පාඨකයා අතරමංව සිටිනා සමයක යථාර්ථවාදී නිර්මාණකරණයක් තුළ පාඨකයා ග්‍රහණය කොට තබා ගැනීමට නම් එකී නවකතාවේ ප්‍රකාශනය ප්‍රබල විය යුතුය. එවන් වූ ප්‍රකාශනයක් ෆැන්ටසියකට ඔබ්බෙන් ගොස් පාඨක මනස ග්‍රහණය කරගන්නේ, හුදෙක් යථාර්ථවාදී නිර්මාණයක් තුළ පාඨකයා ඝෘජුවම ස්වකීය ජීවිතය හා සබැ‍‍‍‍ඳ‍ෙන බැවිනි. එබැවින් යථාර්ථවාදී නිර්මාණකරණය අතිශය අපහසු ය. ෆැන්ටසිවාදී නිර්මාණකරණයකට වඩා බෙහෙවින්ම අපහසු ය. කත්‍යානා අමරසිංහ නම් නවකතාකාරිණිය වණ්ණ දාසී නවකතාව තුළ එකී අපහසුදායක කඩයිම ජය ලබන්නේ යැයි යන්න පාඨකයෙකු ලෙස මගේ මතය වේ.download (7)
ඕනෑම නවකතාවක් කියවූ පමණින් කිසිවක් ලියන්නට මට සිත් නොදේ. නමුත් වණ්ණ දාසී කියවූ සැණින් ඒ පිළිබඳව යමක් ලියා තැබිය යුතුම යැයි මට හැ‍ඟේ. එබැවින් එහි පාඨකයෙකු ලෙස මාගේ සිත්බැඳි අදහස් මෙසේ ගොනු කරන්නෙමි.
වණ්ණදාසී කතාංගය අමා රණ්බණ්ඩාර නම් වූ කත වටා ගෙතෙන්නකි. අමා රණ්බණ්ඩාර වෙත එල්ලවන ගෝරණාඩුවකින් පූර්විකාව සපයනු ලබන කතාව ඉන්පසු පුවත්පත් ලිපියක් හේතුකොට ගෙන ඇය පත්වූ අපහසුතාවය මූලික කොටගනිමින් ඇගේ අනුවේදනීය ළමා හා යෞවන අත්දැකීම සමාජය ඉදිරිපිට මෙලෙස නිරුවත් කොට දමන්නීය. එය ඇය විසින්ම ස්වකීය ආත්මකථනයේ යෙදීමකි.

“ ඔය ළමයගේ අම්මට පොඩි කරදරයක්… අද ගෙදර එන්නේ නැතිවෙයි..“ ( පිටුව:19)
............................

පිවිසුම
https://varalife.wordpress.com/ 

Thursday, August 16, 2018

කලා සාහිත්‍යමය රසවින්දනය සඳහා විශේෂ වූ බ්ලොග් එකක් "දම්මිගේ පිටුව "

ආදරණීය නපුරා - අවසාන කොටස



සහන් රත්නපුරේට ලං වෙනකොට රෑ වෙන්නත් කිට්ටුයි.මේ රෑ එහෙම ගෙදරකට යන එක හොදද කියලා හිතුනත් සජිනිව හොයාගන්න උවමනාව ඊට වඩා තදින් තිබුන නිසා සහන් කෙලින්ම ගියේ සජිනිගේ නැන්දගේ ගෙදර හොයාගෙන.

ආයතනයේ වැඩ වලට ඇවිත් තිබ්බ නිසා රත්නපුරේ ගැන සෑහෙන දැනුමක් තිබ්බ එක මේ වෙලාවේ සහන්ට ගොඩක් ප්‍රයෝජනවත් වුනා.ඒ කොහොම වුනත් රත්නපුරේට ආවේණික වුන චුරු චුරු වැස්ස අස්සේ පාරවල් වැරදි වැරදි සහන් නැන්දාගේ ගෙදරට එනකොට හොදටම රෑ වුනා.

වාහනේ එළියේ ඉඩ තියෙන තැනක නවත්තපු සහන් ගෙදර දොර ලගට ගියේ චකිතයෙන්.සජිනි නොහිටියොත් කියන බය එක්කම කොහොම පිළිගැනීමක් ලැබේවිද කියලත් සහන්ට විශ්වාසයක් තිබ්බෙ නෑ.දොර ලගට ගියපු සහන් දොරේ බෙල් එක ගැහුවා.බෙල් එක වැඩ නැද්ද දන්නේ නෑ කියලා කෝකටත් දොරටත් තට්ටු කරා.ටිකකින් දොර ඇරියේ මැදි වයසේ ගෑනු කෙනෙක්.එයා සහන් දිහා බැලුවේ ප්‍රශ්නාර්ථයක් මූණේ තියාගෙන .
"මේ ප්‍රියානි නැන්දා ද?" සහන් එහෙම අහනවත් එක්කම ඒ ගෑනු කෙනා බය වෙලා වගේ බැලුවා

"ඔව් කවුද මේ?"

"මං සහන්,මට ඇතුළට එන්න පුලුවන්ද?"

..................................................


පිවිසුම
http://dammigepituwa.blogspot.com/



Tuesday, August 7, 2018

කාලීන තොරතුරු විචාර රසවින්දන සමගින් එන විවිධාංග බ්ලොග් පිටුවක් " Iranga.net "


කොහොම හරි ට්‍රයි කරලා කැම්පස් වරෙන්… ඒක පට්ට..!


මේ සටහන ලියන්න ඕනි කියලා හිතුණෙ උසස් පෙළ විභාගය ලියන නංගිලා මල්ලිලා වෙනුවෙන්. මොකද මාත් මීට අවුරුදු හතකට කලින් ඒ විදිහට ලොකු කට්ටක් කාලා ඒ ලෙවල් විභාගෙ ලියලා ඊට පස්සෙ කැම්පස් ඇවිත් තාමත් ජීවිතේ බලාපොරොත්තු ඉටු කර ගන්න ලොකු ට්‍රයි එකක් දෙන නිසා මං මේ කියන දේවල් වැදගත් වෙයි කියලා හිතුණ නිසා.

මං දකින විදිහට ඒ ලෙවල් කියන්නෙ අපේ රටේ තියෙන දරුණුම විභාගය. විභාගෙ ලියන උඹලට ඒක ලොකුවට දැනුණෙ නැති වුණාට අම්මලා තාත්තලා කියන විදිහට, ගුරුවරුන් කියන විදිහට මේක තමා උඹලට මූණ දෙන්න වෙන පට්ටම දරුණු විභාගය. ඒක මේ වචන වලින් විස්තර කරන්න අමාරු තරමේ මහා ලොකු තේරුමක් තියෙන කතාවක්. මං ඒක මගෙයි මගෙ යාළුවෙක්ගෙයි අත්දැකීමක් එක්ක මෙහෙම කියන්නම්කො.
එක වසරේ ඉඳන් දහ තුන වසරට එනකන් තමන් එක්ක එකට ඉගෙන ගත්ත ආව ගිය කාපු බීපු තමන්ගෙ හොඳම යාළුවා මේ විභාගෙන් පස්සේ තමන්ට වඩා එක ලකුණක් හරි ඇරන් කැම්පස් යන්න සිලෙක්ට් වෙනවා. ඒත් ඒ යාළුවත් එක්ක එකටම ඉඳලා එකට පාඩම් කරත් තමන්ට එහෙම කැම්පස් යන්න බැරි වුණොත් එක පැත්තකින් යාළුවා කැම්පස් ගියා කියලා හිතට දුකක් දැනෙයි. ඒත් ඊට එහා ගියපු ලොකු වේදනාවක් දැනෙන්නෙ තව අවුරුදු හතරකින් පස්සේ ඒ යාළුවා කැම්පස් එකෙන් අවුට් වෙලා ඇවිත් ජීවත් වෙන විදිහ දකිද්දි. මං මේ කියන කතාව ආට් කොමස් කරන අයට ලොකුවට දැනෙන්නෙ නැති වුණත් ඒ ලෙවල් වලට බයෝ මැත්ස් කරපු අයට නම් මං මේ කියන්නෙ මොකක් ද කියලා හොඳටම තේරෙයි. ඒක තව දුරටත් පැහැදිලි කරන්න මට මුහුණ දෙන්න වුණ අත්දැකීමකුයි මගෙ යාළුවෙක් මට කියපු අත්දැකීමකුයි මං කියන්නම්.

.............................
පිවිසුම
http://iranga.net/