Showing posts with label Sinhala Blogs. Show all posts
Showing posts with label Sinhala Blogs. Show all posts

Saturday, January 19, 2019

කාලීන තොරතුරු විවිධාංග විචාර සමග අළුත් බ්ලොග් එකක් " Masuranමසුරන් "

අලූත් සමනල්ලූ කොළඹ ආක‍්‍රමණය කරති! 

සේනා දළඹුවා ජෛව කුමන්ත‍්‍රණයක ප‍්‍රතිඵලයක් ද?
අලූත් සමනල්ලූ කොළඹ ආක‍්‍රමණය කරති!

(ක‍්‍රිෂ්ණ විජේබණ්ඩාර)
මනුෂ්‍යයන් අතර පමණක් නොවේ, සෙසු ජීවීන් අතර ද පරසතුරු ආක‍්‍රමණඑමට ය. ඒවායෙහි කිරුළු දරා සිටින්නෝ ආක‍්‍රමණිකහෝ ආගන්තුක  ජීවීන් ය. පරිසර සහ ජෛව සම්පත් සංරක්ෂණ ක්ෂේත‍්‍රයේ දී ආක‍්‍රමණික  හෝ ආගන්තුක ජීවීන්’ (Invasive Alien Species) යයි හඳුන්වන්නේ අනෙකුත් ජීවී විශේෂයක පැවැත්මකෙරෙහි තර්ජනාත්මකව හැසිරෙන ශාක සහ සත්ත්ව විශේෂයෝය. දැනට හඳුනා ගෙන ඇති ආකාරයට, ලෝකය පුරා සිටින දරුණු ගණයේ ආක‍්‍රමණික ජීවි විශේෂ (ශාක සහ සත්ත්ව විශේෂ)සංඛ්‍යාව සියයකට අධික ය.  ඉන් විශේෂ 32ක් පමණ ශ‍්‍රී ලංකාවෙන් ද හමු වේ. මේ දිනවල රට පුරා මහත් ආන්දෝලනයක් ඇතිකර තිබෙන සේනානම් විනාශකාරී දළඹුවා (Fall Army Worm/Spodoptera frugipeda&) ද, අපේ රටට හොර රහසේ කඩා වැදුණු එවන් ආක‍්‍රමණික සහ ආගන්තුකජීවියෙකි!
 
...........................................
 
පිවිසුම

 

Monday, September 10, 2018

කලා හා සාහිත්‍ය රසවින්දනය සඳහාම විශේෂිත බ්ලොග් එකක් " දසුනට අරුතක් "


ඇත්තටම දුකයි මගේ හිතට
ඔයා ගොඩා.........ක් දුරයි දැන් මට
මෙහේදිත් ළඟ නොහිටියට
පාළුවක් දැනුණෙ නෑ මේ තරමට 


........................................

පිවිසුම
https://kawruu.blogspot.com/ 

Monday, August 27, 2018

කාලීන සිදුවීම් තොරතුරු විචාර සංවාද සමගින් බ්ලොග් පිටුවක් " Nidige Pancha Thanthare නිදිගෙ පංච තන්තරේ "

සිඳු දකින සඳ - දෙවෙනි කොටස

ඩැඩාගේ කතාවෙන් මම ගල්බීතවී ගියෙමි. අපි එව්වාට කියන්නේ කුණුහරුප කියලානේ!


යෞවනොද්ගමනයේදී.....
මට කියවුණේ ‘උඹම කියා දියං’ කියලාය. ඇත්තටම දැනගෙන ‘කතරගං යාම’ නොදැන යනවාට වඩා හැම අතින්ම හොඳය! හුදු කුතුහලය නිසාම තවත් නොදන්නා කෙනෙකුගෙන් උපදෙස් ගැනීම හරිම විපත්තිදායකය! දැන් නම් ඇටෙන්- පොත්තෙන් පැහෙන කොටම එයාලා ඒ සේරම ඉගෙනගෙන අහවරය.

පිරිමි ළමයෙකුගේ ‘යෞවනෝද්ගමනයෙදී; ටෙස්ටෙස්ටරෝන් ලිංගික හෝමෝනය වෑහෙන සමයේදී’ ඔහුට ලිංගික හැඟීම් පහළ වෙයි. සමහර විටෙක ශිෂ්ණය ප්‍රාණවත් වෙයි. ශුක්‍ර මෝචනය කිරීමට සිතෙයි. විටෙක සිහිනයෙන්, තමා නොදැනුවත්වම ශුක්‍ර පිටවෙයි. මේවා ‘ලෙඩ’ නොවේ. ස්වාභාවික දේවල්ය. 

එහෙම නොවෙනවා නම් ඒක ලෙඩකි! විටෙක ස්වයංවින්දනයක් මඟින් හෝ ආස්වාදයක් ලබන්නට පෙළඹීමත් අමුත්තක් නොවේ. අමුත්ත ඉව-බව නැතිව, අසීමාන්තිකව ඒවාට පෙළඹීමය.
..........................................

පිවිසුම
http://nidigepanchathanthare.blogspot.com/ 

Monday, August 20, 2018

සාහිත්‍යමය රසවින්දන කලා විචාර සමගින් බ්ලොග් පිටුවක් " වාරා "

වණ්ණ දාසි – කත්‍යානා අමරසිංහ සූරිය ප්‍රකාශන
ෆැන්ටසිකරණයක පාඨකයා අතරමංව සිටිනා සමයක යථාර්ථවාදී නිර්මාණකරණයක් තුළ පාඨකයා ග්‍රහණය කොට තබා ගැනීමට නම් එකී නවකතාවේ ප්‍රකාශනය ප්‍රබල විය යුතුය. එවන් වූ ප්‍රකාශනයක් ෆැන්ටසියකට ඔබ්බෙන් ගොස් පාඨක මනස ග්‍රහණය කරගන්නේ, හුදෙක් යථාර්ථවාදී නිර්මාණයක් තුළ පාඨකයා ඝෘජුවම ස්වකීය ජීවිතය හා සබැ‍‍‍‍ඳ‍ෙන බැවිනි. එබැවින් යථාර්ථවාදී නිර්මාණකරණය අතිශය අපහසු ය. ෆැන්ටසිවාදී නිර්මාණකරණයකට වඩා බෙහෙවින්ම අපහසු ය. කත්‍යානා අමරසිංහ නම් නවකතාකාරිණිය වණ්ණ දාසී නවකතාව තුළ එකී අපහසුදායක කඩයිම ජය ලබන්නේ යැයි යන්න පාඨකයෙකු ලෙස මගේ මතය වේ.download (7)
ඕනෑම නවකතාවක් කියවූ පමණින් කිසිවක් ලියන්නට මට සිත් නොදේ. නමුත් වණ්ණ දාසී කියවූ සැණින් ඒ පිළිබඳව යමක් ලියා තැබිය යුතුම යැයි මට හැ‍ඟේ. එබැවින් එහි පාඨකයෙකු ලෙස මාගේ සිත්බැඳි අදහස් මෙසේ ගොනු කරන්නෙමි.
වණ්ණදාසී කතාංගය අමා රණ්බණ්ඩාර නම් වූ කත වටා ගෙතෙන්නකි. අමා රණ්බණ්ඩාර වෙත එල්ලවන ගෝරණාඩුවකින් පූර්විකාව සපයනු ලබන කතාව ඉන්පසු පුවත්පත් ලිපියක් හේතුකොට ගෙන ඇය පත්වූ අපහසුතාවය මූලික කොටගනිමින් ඇගේ අනුවේදනීය ළමා හා යෞවන අත්දැකීම සමාජය ඉදිරිපිට මෙලෙස නිරුවත් කොට දමන්නීය. එය ඇය විසින්ම ස්වකීය ආත්මකථනයේ යෙදීමකි.

“ ඔය ළමයගේ අම්මට පොඩි කරදරයක්… අද ගෙදර එන්නේ නැතිවෙයි..“ ( පිටුව:19)
............................

පිවිසුම
https://varalife.wordpress.com/ 

Thursday, August 16, 2018

කලා සාහිත්‍යමය රසවින්දනය සඳහා විශේෂ වූ බ්ලොග් එකක් "දම්මිගේ පිටුව "

ආදරණීය නපුරා - අවසාන කොටස



සහන් රත්නපුරේට ලං වෙනකොට රෑ වෙන්නත් කිට්ටුයි.මේ රෑ එහෙම ගෙදරකට යන එක හොදද කියලා හිතුනත් සජිනිව හොයාගන්න උවමනාව ඊට වඩා තදින් තිබුන නිසා සහන් කෙලින්ම ගියේ සජිනිගේ නැන්දගේ ගෙදර හොයාගෙන.

ආයතනයේ වැඩ වලට ඇවිත් තිබ්බ නිසා රත්නපුරේ ගැන සෑහෙන දැනුමක් තිබ්බ එක මේ වෙලාවේ සහන්ට ගොඩක් ප්‍රයෝජනවත් වුනා.ඒ කොහොම වුනත් රත්නපුරේට ආවේණික වුන චුරු චුරු වැස්ස අස්සේ පාරවල් වැරදි වැරදි සහන් නැන්දාගේ ගෙදරට එනකොට හොදටම රෑ වුනා.

වාහනේ එළියේ ඉඩ තියෙන තැනක නවත්තපු සහන් ගෙදර දොර ලගට ගියේ චකිතයෙන්.සජිනි නොහිටියොත් කියන බය එක්කම කොහොම පිළිගැනීමක් ලැබේවිද කියලත් සහන්ට විශ්වාසයක් තිබ්බෙ නෑ.දොර ලගට ගියපු සහන් දොරේ බෙල් එක ගැහුවා.බෙල් එක වැඩ නැද්ද දන්නේ නෑ කියලා කෝකටත් දොරටත් තට්ටු කරා.ටිකකින් දොර ඇරියේ මැදි වයසේ ගෑනු කෙනෙක්.එයා සහන් දිහා බැලුවේ ප්‍රශ්නාර්ථයක් මූණේ තියාගෙන .
"මේ ප්‍රියානි නැන්දා ද?" සහන් එහෙම අහනවත් එක්කම ඒ ගෑනු කෙනා බය වෙලා වගේ බැලුවා

"ඔව් කවුද මේ?"

"මං සහන්,මට ඇතුළට එන්න පුලුවන්ද?"

..................................................


පිවිසුම
http://dammigepituwa.blogspot.com/



Tuesday, August 7, 2018

කාලීන තොරතුරු විචාර රසවින්දන සමගින් එන විවිධාංග බ්ලොග් පිටුවක් " Iranga.net "


කොහොම හරි ට්‍රයි කරලා කැම්පස් වරෙන්… ඒක පට්ට..!


මේ සටහන ලියන්න ඕනි කියලා හිතුණෙ උසස් පෙළ විභාගය ලියන නංගිලා මල්ලිලා වෙනුවෙන්. මොකද මාත් මීට අවුරුදු හතකට කලින් ඒ විදිහට ලොකු කට්ටක් කාලා ඒ ලෙවල් විභාගෙ ලියලා ඊට පස්සෙ කැම්පස් ඇවිත් තාමත් ජීවිතේ බලාපොරොත්තු ඉටු කර ගන්න ලොකු ට්‍රයි එකක් දෙන නිසා මං මේ කියන දේවල් වැදගත් වෙයි කියලා හිතුණ නිසා.

මං දකින විදිහට ඒ ලෙවල් කියන්නෙ අපේ රටේ තියෙන දරුණුම විභාගය. විභාගෙ ලියන උඹලට ඒක ලොකුවට දැනුණෙ නැති වුණාට අම්මලා තාත්තලා කියන විදිහට, ගුරුවරුන් කියන විදිහට මේක තමා උඹලට මූණ දෙන්න වෙන පට්ටම දරුණු විභාගය. ඒක මේ වචන වලින් විස්තර කරන්න අමාරු තරමේ මහා ලොකු තේරුමක් තියෙන කතාවක්. මං ඒක මගෙයි මගෙ යාළුවෙක්ගෙයි අත්දැකීමක් එක්ක මෙහෙම කියන්නම්කො.
එක වසරේ ඉඳන් දහ තුන වසරට එනකන් තමන් එක්ක එකට ඉගෙන ගත්ත ආව ගිය කාපු බීපු තමන්ගෙ හොඳම යාළුවා මේ විභාගෙන් පස්සේ තමන්ට වඩා එක ලකුණක් හරි ඇරන් කැම්පස් යන්න සිලෙක්ට් වෙනවා. ඒත් ඒ යාළුවත් එක්ක එකටම ඉඳලා එකට පාඩම් කරත් තමන්ට එහෙම කැම්පස් යන්න බැරි වුණොත් එක පැත්තකින් යාළුවා කැම්පස් ගියා කියලා හිතට දුකක් දැනෙයි. ඒත් ඊට එහා ගියපු ලොකු වේදනාවක් දැනෙන්නෙ තව අවුරුදු හතරකින් පස්සේ ඒ යාළුවා කැම්පස් එකෙන් අවුට් වෙලා ඇවිත් ජීවත් වෙන විදිහ දකිද්දි. මං මේ කියන කතාව ආට් කොමස් කරන අයට ලොකුවට දැනෙන්නෙ නැති වුණත් ඒ ලෙවල් වලට බයෝ මැත්ස් කරපු අයට නම් මං මේ කියන්නෙ මොකක් ද කියලා හොඳටම තේරෙයි. ඒක තව දුරටත් පැහැදිලි කරන්න මට මුහුණ දෙන්න වුණ අත්දැකීමකුයි මගෙ යාළුවෙක් මට කියපු අත්දැකීමකුයි මං කියන්නම්.

.............................
පිවිසුම
http://iranga.net/ 

 

Monday, July 23, 2018

හාස්‍ය රසය සමගින් විනෝදාත්මක බ්ලොග් එකක් " ඩර්ටි කවි "

සුවඳින් හැඳිනීම



උසස් පෙළට ඉගෙන ගන්න පොඩි කෙළි පැටියෙක් උන්නා පාඩම් වැඩ කරනු පිණිස තව කොලුවෙක් එහි එන්නා
මේ දෙන්නා පාඩම් වැඩ කරන්නෙ උඩ තට්ටුවේය මව්පිය දෙන්නා නිතරම ඉන්නෙ පහළ තට්ටුවේය
පහළ සිටිය පියා දිනක් කඩල මුලක් රස විඳිනව කඩල උඩදදා හිනැහී මව්හට ඔච්චම් කරනව
කඩල ඇටය උඩවිසිකර කට දල්වා සිටින්නේය කටට වැටුණු විගස හෙතෙම හිනැහී ඔජ වඩන්නේය
මෙහෙම දෙතුන් වරක් කළා - මව්ද සිටී සිනා සලා ඊළඟ එක හුටා පටා - කටේ නැතිව නහයෙ ගියා
හුස්මත් ගන්නට බැරිවී ඔහු උඩපැන නටන්නේය හොඳටම බිය වී අම්මා යටිගිරියෙන් හඬන්නේය
මේ හඬ ඇසිලා උඩ සිටි දෙන්නා දුවගෙන එන්නා ඔහොම ඉන්න අංකල් මම ඕකට විසඳුම දෙන්නා
..................................

පිවිසුම
http://dirtykavi.blogspot.com/ 

Monday, July 16, 2018

කලා සාහිත්‍යමය රසවින්දනය සමගින් තවත් අළුත් බ්ලොග් එකක් " අරූගේ ලෝකය - World of Aru "

පරම ජයග්‍රහණය




කමක් නෑ මේ සියල්ලට.
ප්‍රේමයක් කියන්නේම
හිමිවුනත්, අහිමිවීම් හුඟකට..
ඔබ කියන්නෙම මට
ඒ අහිමිවීම් මැද
හිමි වුනම එක් අස්වැසිල්ලකට...
මැණික...
ඒ අහිමි වීම් මැද,
ඔබව හිමිවීමම පමණක්ම,
පරම ජයග්‍රහණයක් මට...

..........................
පිවිසුම

Friday, June 29, 2018

කාලීන තොරතුරු සමග රසවින්දනය හා විචාර රැගත් බ්ලොග් පිටුවක් " මනස්ගාත "

අතේ ඇති මුදලට නවතින්න සුපිරි තැන් ටිකක් ...

ඔන්න මනස්ගාත සටහන් වලින් අද කියන්න යන්නේ නිවාඩුවට ගෙදරට වෙලා නිදාගෙන ඉන්න බැරි , ලංකාව වටේ සංචාරය කරන්න කැමති කොල්ලෝ කෙල්ලන්ට පුංචි , නෑ ලොකු වාසියක් හම්බවෙන වැඩක්. hiking ගිහින් , beach camping එහෙම ගිහින් කට්ටියට මහන්සිත් ඇතිනේ.

|The Most Reliable and Cost Effective Hotel Booking Chain in Sri Lanka|


යමුද වෙනසකටත් එක්ක සුපිරිම සුපිරි හෝටලයකට සති අන්තේ නිවාඩුවක් ගත කරලා එන්න.  බය වෙන්න එපා එච්චර ලොකු ගානක් වියදම් නොකර  සුපිරි සති අන්තයක් ගත කරලා එන්න පුළුවන් තැන් ටිකක්  තමයි මම අද ඔයාලට කියන්න යන්නේ.

රට වටේම අපිත් එක්ක 

නුවර , ගාල්ල , නුවර එලිය විතරක් නෙවෙයි ලංකාවේ සුන්දර ස්ථාන 50 කටත් වඩා වැඩි සංඛ්‍යාවක් ඔයාගේ අතේ තියෙන ගානෙන්  නරඹලා ඒ සුපිරි හෝටල් අත්දැකීම හිතන්නෙවත් නැති මුදලකට ඔයාලට අරන් එන්නේ inna.lk කියන වෙබ් අඩවිය. ඔයාලට පුළුවන් මෙයාලගේ site එකට ගිහිල්ලා එතන තියෙන සුපිරි හෝටල් වලින්  ඔයාට ගැලපෙනම සුපිරි හෝටලය අදම book කරලා ඔයාට කැමති දවසක විවේකය ගත කරලා එන්න.

අවුරුද්දකට සැරයක් නෙවෙයි මාස් පතා උනත් මේ වගේ ගානකට මෙහෙම තැනක නැවතිලා ඒ සුන්දරත්වය විදින එක, ආදරේ කරන ඔයාලට වගේම , සල්ලි පස්සේ දුවලා  හෙම්බත් වෙලා ඉන්න  ඔයාටත්  ඔයාගේ බිරිඳ වගේම  දරුවන් එක්ක ඒ සැනසීම විදගන්නත් මෙහෙම අඩු මුදලකට කෙලින්ම ඔය කියන සුපිරි හෝටල් වලට ගියාම වත් ලැබෙන්නේ නෑ.

ඇයි ඉතින් inna. lk ? 

මේක ලංකාවේ ප්‍රකටම සරසවි දෙකක් වෙන මොරටුවේ සහ පේරා උපාධි ගත්තු කොල්ලෝ කීපදෙනෙක් එකතු වෙලා කරන වැඩක් . එතකොට ඉතින් 100% ක් ශ්‍රී ලාංකිකයි කියන එක අමුතුවෙන් කියන්න ඕනා නෑ නේ ඉතිං. ඉක්මන් කරන්න මේ දවස් වල ගොඩක් සුපිරි හෝටල් වලට ඔයාට යන්න පුළුවන් 50% කටත් වැඩි discount එකක් අරන්  inna.lk හරහා ඉඩ පහසුකම් වෙන් කළා නම්. ආයෙත් හිතන්න දෙයක් නෑ ඉතින් හොදම දේ හොදම විදියට මෙච්චර අඩු මුදලකට කෙලින්ම හෝටලේට ගියත් ඔයාට ගන්නනම් හම්බවෙන්නේ නෑ .මම කිව්වට විශ්වාස කරන්නත් එපා. අනික් website එක්කත් සංසන්දනය කරලා බලන්න. මිල වෙනස කොහොමද කියලා හිතාගන්නවත් බැරි වෙයි.

............................................... 

පිවිසුම
http://snimalka.blogspot.com/

Thursday, May 3, 2018

කාලීන සිදුවීම් තොරතුරු දැනුම පිරි විවිධාංග බ්ලොග් පිටුවක් " Diyaneth.com "



ලිංගික ශක්තිය වැඩිකරන ෆාමසිවලින් ගන්න බෙහෙත් ගැන ඇත්තම දේ මෙන්න දැනගන්න

“බටහිර වෙදකමේ වාජීකරණ ඖෂධ සහ ප්රතිකාර නැත්තේ මන්දැයි” පසුගිය දිනෙක මගේ හිතවතෙක් අසා සිටියේය.එහිදී ඔහු කීයේ සාර්ථක යුග දිවියක් සඳහා ඉවහල්වන අඹු – සැමි සබඳතා සඳහා මනා පිටිවහලක් දෙන වාජීකරණ විෂයට පැරණි ආයුර්වේදයේ ප්රධාන තැනක් ලැබී ඇති බවය.
ඒ අතින් බටහිර වෛද්ය විද්යාව ඒ සම්බන්ධයෙන් උනන්දුවක් පළ නොකරනුයේ මන්දැයි ඔහු මගෙන් විමසා සිටියේය.
සාර්ථක යුගදිවියක් සඳහා ඉවහල්වන මනා ලිංගික සබඳතාවයක් සඳහා යොදා ගන්නා බව පැවසෙන “කාමෝද්දීපක” පිළිබඳව ලොව පුරා ජනතාව තුළ මහක් කුතුහලයක් සහ උනන්දුවක් පවතී.
විශේෂයෙන් පුරුෂ ශක්තිය වර්ධනය වීම සම්බන්ධ ආහාර, ඖෂධ සහ වෙනත් චිකිත්සක ක්රම බොහොමයක් ලොව පුරා පවතින බව නොරහසකි. අපගේ දේශීය වෙදකමේද එවැනි දේ ඇති බව පෙනේ.
මෙහිදී පුරුෂයන් සම්බන්ධයෙන් බලපවත්නා “ලිංගික බෙලහීනතා” සේ සැලකෙන ප්රධානතම තත්ත්වයන් දෙකකි. එනම් ලිංගික අප්රාණිකත්වය සහ ‍ක්ෂණික මෝචනය යන තත්ත්වයයි.
මෙම තත්ත්වයන් කායික, මානසික සහ ඒ දෙයාකාරයේම හේතුමත පැනනැගිය හැකි බව මෙතෙක් සිදුකරන ලද සමීක්ෂණයන්ගෙන් තහවුරු වී තිබේ.
....................................................

පිවිසුම
http://www.diyaneth.com/

Tuesday, January 30, 2018

සාහිත්‍යමය රසවින්දනය රැගත් තොරතුරු, විවිධාංග බ්ලොග් පිටුවක් "තිරික්කලේ"

රේස් ...

        පොල් අතු වියලේ අලුතින් හැදුණු සිදුරකින් පෙරී ඉර එලිය සමන්ගේ නින්ද බින්දේය. දිනපතා අලුත්වන පාළු වැව වල් අලි හානි ලයිස්තුවේ අලිතින් එකතුවූ පේලි කීපයට සමන්ගේ නිවාස ඇතුලත් වී සතියක් ගතවන්නට ඇත.. අතු පැලලි කීපයක් යන්තමට අටවා වසාගත් වම්පස බිතියට එපිටින් අම්මා සිනි බෝතලය සූරනු සමන් අසා සිටියේ පපුගත් සුසුම් රැල කිහිපයක් බිම හෙළමිනි..

       පැදුර අකුලා මුල්ලක ගැසූ සමන් පිටුපසට ඇදුනේ අමාරුවෙන් ගෙට රින්ගවාගත් තම එකම වස්තුව වූ බයිසිකලය පුරා බැල්මක් හෙළමිනි. මහ ගෙදරින් හොයාගත් පරණ බයිසිකල් පට්ටමක් අවුරුදු උස්සවේ රේස් පැදිය හැකි බයිසිකලයක් කරන්නට ඔහුගත් මහන්සිය දත්තේ ඔහුම පමණි. වින්කල් ගානේ කරක් ගසා සොයාගත් කෑලි ගෙදරම අමුණා සාදාගත් බයිසිකලයේ බ්රෙක්පලු හතරට වරුවකුත් ග්‍රීස් හා බයිසිකල් බෝල සඳහා දවසකුත් ලෙස ගිරවැල් කට්ටි කැපීමට ඔහුට සිදුවිය.. සියල් ආතාගෙන් ලැබුණු තීන්ත ටින් එකත්, නාමල් අයියාගේ පරණ පැඩල් කුට්ටමත් ඇරෙන්නට සියල්ලටම තම දාඩිය මහන්සිය යටවූ බව සමන් සිහිකලේ ආඩම්බරයෙනි..

"උබ උදේම නැගිටල.. " අම්මා ගේ හඬ සමන්ගේ සිතුවිලි දාරාව බින්දේය..

"අන්න කහට එකක් ඇති බිහන් මම එකක් හදාගන්නම්.. මන් යනවා අද සිරිය නැන්දලයි කුබුරේ වැඩට"

සමන් කහට කෝප්පය අතට ගත්තේය..

"අම්ම මන් යනවා බයිසිකල් පදින්න.. ගුණේ එනවා කිඋව පහල කෑල්ලට" එළිපත්තෙන් මෑත වී මව දෙස බැලු සමන් කිවේ මව දෙසට හැරෙමිනි..

"ඔන්න එහෙනම් ඔය වළදෙන් වහල ඇති හිල් බත් ඩිංගක් කාල පලෙන් බඩගින්නේ යන්නේ නැතිව.. දවල් වරෙන් කුඹුර පැත්තෙන්"

සමන් කුස්සි කෑල්ලට එබිකම් කලේ අඩි වැළඳේ වසා තැබූ බත්පත වෙතය..කිහිප කටකට වඩා නොවූ හිල් බත උඩින් ලුනුමිරිසක් යයි අමාරුවෙන් කිවහැකි, මිරිස් සමග මිරිකුණු රතුළුණු ගෙඩි කිහිපයක් සමන්ගේ නෙත ගැටිණි...

"අම්ම කෑවද ? " සමන් කුස්සිය තුල සිටම හඬලීය..

"කෑවා කෑවා උබ කාහන්කෝ" මව එසේ කීවද ඊයේ රෑ පිසුණු සහල් දෙහුන්ඩුවෙන් මිට වඩා යමක් ඉතිරිවිය නොහැකි බව සමන් දත්තේය..
...........................................................
 
 පිවිසුම

Monday, January 15, 2018

කාලීන තොරතුරු දැනුම විචාරය සමග රසවින්දනය සපිරි තවත් අළුත් බ්ලොග් පිටුවක් " නීල නිම්නය "

අඳුරු මතකය


බන්ධුල සිසිර කුමාර -


එදිනෙදා කටයුතු අතර කාර්ය බහුල ව අවිවේකී මනසකින් සිටින ඔබට,  වර්තමානයෙන් මඳකට මිදී අවුරුදු නවයකට එහා වූ අතීතයට නැවත මනසින් ගමන් කල හැකිනම්, අද දක්නට නොලැබෙන දේ සමූහයක්, අද නොඇසෙන වචන සමූහයක් නැවතත් හමු වනු ඇති.

ගමන් බඩු රාක්ක ගලවා ඉවත් කළ, නැතහොත් කම්බි දැල් ගසා ඒවා වසා දමා ඇති බස් රථ, පාසල් ගේට්ටු මුර කරන දෙමාපියන්, කොළඹ නගරයේ කොතැනක හෝ මහා පිපිරීමකින් ජීවිත හා දේපළ අහිමි විම්, ප්‍රාදේශීය නගර වලද සිදු වන පිපිරීම්, පිපිරීමකට බිලි ව මව හා පියා එකවර ම දරුවන් ට අහිමි විම වැලැක්වීමේ අරමුණින් මව හා පියා බස් රථ දෙකකින් කාර්යාලවලට යාම වැනි දෑ එකල එදිනෙදා ජීවිතයේ සාමාන්‍ය සිද්ධීන් බවට පත් ව තිබුණා. කොහේ හෝ සිදු වූ මහා සමූහ ඝාතනයක් පිළිබඳ තොරතුරුවලින් පුවත්පත් පිරී තිබුණා. බස් රථයක යද්දී හාත්පස ගැන මනා අවධානයෙන් නොයාම, මරණයට අත වැනීමක් වූ .ඒ යුගයේ අද මෙන් හෑන්ඩ්ස්ෆ්‍රී කට්ටලය හා ස්මාර්ට්ෆෝනය සමග හුදකලා විය හැකි වූයේ නැහැ.

එකල අපේ වදන් මාලාවට අලුතින් එකතු වූ වචන රාශියක් ද වූවා. ඒ අතුරින් එකක් වූයේ "මායිම් ගම්මාන" යන්නයි. බෙදුම්වාදීන්ගේ සිහින රාජ්‍යයේ සීමාව අසල වූ ගම්මාන මේ නමින් හැඳින්වුණු අතර ඔවුන් ඒ ගම්වලට කඩා පැන ලොකු කුඩා, බාල මහලු සියලු දෙනා කපා කොටා මරා දැමීම නිරන්තරයෙන් සිදු වුණා.
.......................................................
පිවිසුම

Thursday, January 4, 2018

කාලීන තොරතුරු තාක්ෂණය දැනුම සපිරි විවිධාංග බ්ලොග් එකක් " යොමාල් ගේ අඩවිය "

කවදාවත් බැට්‍රි බහින්නෙ නැති ඔරලෝසුවක් හදමු...!


මගේ කාමරේ ඔරේලෝසුවෙ බැට්‍රි බැස්සම ආපහු මාසයක් දෙකක් යනකං බැට්‍රි දාන එක අමතක වෙනව,,. ඉතිං ඔරලෝසුවත් ඔහේ තියෙනව,,. මම පාරක් එහෙම ගහල මේකට මොකද කරන්නෙ කියල කල්පනා කරා., මම හැදුව එකට වඩා වෙනස් විදියට තමයි මේ පෝස්ට් එකේ කියන්න යන එක තියෙන්නෙ..,!
                                                                     මේක නොමිලේ (‍ෆ්‍රී පවර්)..,
! මේ ඔරලේසුවෙන් අයින් වෙලා හැට පැයට වෙලාව බලනව නම් තමයි හොඳ, මම කැමතිත් එහෙම, නමුත් බහුතරයට උවමනා නිසා මම විකාරෙන් හදල අන්තිමට පත්තු උන ‍ෆ්‍රී පවර් ඔරලෝසුව දෙන්නම්..,!
....................................................


පිවිසුම
http://yomalgeadaviya.blogspot.com/

Tuesday, January 2, 2018

වින්ඩෝස් සහ තොරතුරු තාක්ෂණ දැනුම සමගින් අළුත් වෙබ් අඩවියක් " Windows Geek "



ගෙවී ගිය 2017 වසර ගැන නැවත ආපස්සට හැරී බැලූ විට 2017 වසර Microsoft ආයතනය සිය නිෂ්පාදන අතින් ඉහල ප්‍රගතියක් අත්කරගත් වසරක් කියලා හඳුන්වන්න පුලුවන්. එම ව්‍යාපෘති සියල්ලම වගේ 2018 වසරටත් කරගෙන යාමට සැලසුම් කර තිබෙන්නේ පෙර කී සාර්ථකත්වය නිසායි.
Microsoft CEO, Satya Nadella පවසන්නේ ඔවුන්ගේ ආයතනයේ අනාගතය AI(කෘතිම බුද්ධිය), Mixed Reality හා Quantum Computing මත රඳා පවතින බවයි. 2017 වසරේ Microsoft හඳුන්වාදුන් හා වැඩිදියුණු වූ අලුත් තාක්ෂණයන් කීපයක් පිලිබඳව විමසා බලමු.
Windows 10 Creators Update
Windows 10 පරිගණක සඳහා හඳුන්වාදුන් Windows 10 Creators Update තුලින් නව විශේෂාංග හා වැඩිදියුණු කිරීම් ගණනාවක්ම ඔබට ලැබෙනවා. Creators Update සමඟින් privacy හා security වැඩිදියුණු කිරීම්, අලුත් themes, mixed reality, revised sharing experience, Windows Ink support ඇතුලු තවත් විශේෂාංග බොහොමයක් Windows 10 හරහා ඔබට ලැබෙනවා.
............................................................

පිවිසුම
http://windowsgeek.lk/



Friday, December 15, 2017

සාහිත්‍ය කලා රස වින්දනය සමග අළුත් බ්ලොග් පිටුවක් " ආඩම්බරකාරි "

නාඩන් උලලේනෝ


සරත් රෑ ඉම නොඑක් ආරෙන් දරන් ඉද්දී කදු හිස
අදත් නෑ තව ගින්න නිවුනේ වියළි තුරු පත් කොළ අග
වැළඳි ලෙඩ දුක නුහුරු ගස් බෙන වලට වැදි පැටවුන් ඇග
නහර ඇලිලා දෙඇස් ගිලිලා බලන් පණ ඉල්ලන වග
හුගක් කාලෙට සරත ආවම නොකිය ඉකිලන තුරු පත
අගක් හොයලා හතිය හින්දා ඔහේ හෙලැවෙනවා අද
මගක් ඇවිදින් නැවත හැරිලා යන්න නොහැකිව තනිවුණ
ඔහේ දුර මං බලා යනවා ඒක මෑ සසරෙහි හැඩ
මුදුන් මුල් ඇති දේව ගණයේ උසස් ගස්කුලයක හිද
රෑට අහසේ තනිය අස්සේ කොහොම හිටියද අඩ හඳ
මසැස් අස්සේ උසස් හිත්සේ පසක් වෙද්දී උකුසැස
එළිය දිස්වේ කොළග අස්සේ එහෙව් ඇස් නොනිදා ඇත
කැලේ සමහර දිනක් රෑ මැද තනිව උඩුබුරලනවද
උඹට දුක උහුලන්න උලමෝ බැරිද ඔයහැටි ඉකිබිද
අතරමං වුණ බලෙන් නැවතුණ ගණ කැලෑවක තනිවුණ
හුගක් ඇස් වල කදුළු තිබුණත් එතන මළසිරුරක් නැත
Krish
 
...............................................
 
පිවිසුම

Thursday, December 14, 2017

තොරතුරු විවිධාංග සමගින් රසවින්දන බ්ලොග් එකක් " ජීවිතයේ කෙටි සටහන් "

අම්මාගේ චිත්‍රය



අම්මා අද චිත්‍ර අඳින්න යනවා මුහුදු වෙරළට. ඒ කියන්නෙ තවත් මම කැමතිම දවසක්. මං තමයි අම්මගෙ චිත්‍ර බඩු උස්සගෙන යන්නෙ. කියන්න කලින් මං කැමැත්තෙන්ම කරන එකම වැඩේ. මුහුදු වෙරළ කිට්ටුවෙන කොට මගේ හද ගැස්ම වැඩි වෙනවා. කී පාරක් ඇවිත් තිබුනත් හැමදාමත් එහෙම වෙනවා.

අම්මා මුහුදු වෙරළේ සුදුසු තැනක් බලලා චිත්‍රය අඳින්න ලෑස්ති උනා. ඊසල් එක හරියට හදා ගෙන කඩදාසිය අමුණගෙන පැන්සල් පින්සල් පාට ඔක්කොම  හරි තැන්වල තියාගෙන ඊළඟට මට සුපුරුදු අවවාදෙ  දුන්නා. "ඔයා ඈතට යන්න එපා . මට පේන්න ඉන්න." හරි. මං එයා කියන විදිහට ඉන්නවා.

මුහුද. ඒ ලස්සන ලොකු අද්භූත දෙය මං දිහා බලාගෙන ඉන්නවා. මං අම්මාගේ අවවාදය යටතේ උනත් රැල්ල පාගනවා. මගේ කකුල් යටින් වැලි හෝදගෙන යනවා දැනෙන එකට මං හරිම කැමතියි. එතකොට නොවැටී ඉන්න ලොකු දක්ෂ කමක්  වගේම නිර්භීතකමක් අවශ්‍යයි.
...................................................
 
 
පිවිසුම

Sunday, December 10, 2017

කාලින සිදුවීම් තොරතුරු සමග විචාර ගෙනෙන විවිධාංග බ්ලොග් එකක් " මිනිසුන් අතර "

මිස් යුනිවර්ස් සහ තවත් කථා


මිස් යුනිවර්ස් 2017 තරඟය පසුගිය දාක නිමා වුණා. මෙහි ජයග්‍රහණය ලැබුවේ දකුණු අප්‍රිකානු තරඟකාරිය.
නමුත් මේ තරඟයේ සිත් ඇදගත් වෙනත් දේවල් කිහිපයක්, බෙදා ගන්නට හිතුව. එකක් නම් ශ්‍රී ලාංකික අපටත් සතුටුදායකයි.
ශ්‍රී ලංකාව නියෝජනය කරපු ක්‍රිස්ටිනා පීරිස්, මුල් 16 දෙනා අතරට පිවිසුණා. මීට කලින් ශ්‍රී ලාංකිකයෙක් මිස් යුනිවර්ස් හි මුල් 16 අතරට පිවිසුණේ 1955 දී. ඒ, ශ්‍රී ලාංකික Maureen Hingert, තෙවැනි ස්ථානය (Second runner up) වූ අවස්ථාව.
ක්‍රිස්ටිනා, පිළිකා රෝගීන් ගේ සුභ සිද්ධිය ගැන හිතන, ව්‍යාපාරික යුවතියක්. වයස 23 යි. විලාසිතා නිර්මාණකරණය සබැඳි ව්‍යාපාරයක් කරන ඇය විසින්ම තමයි ඇගේ evening gown විලාසිතාව පිළියෙළ කරගෙන තිබුණෙ. මේ පහළ පින්තූරයේ ඉන්නේ ඈ තමයි, ඇගේ evening gown නිර්මාණය සමග. ඇය දිරිමත් කාන්තාවක් බව මම කියන්නේ ඇයි දැයි මේක බැලුවොත් ඔබට වැටහේවි. ක්‍රිස්ටිනා තරඟයේ හොඳ ස්ථානයක් ලබා ගනු ඇති බවට, තරඟය අතරතුරදී දේශීය හා විදේශීය පිරිස්, මත පළකර තිබුණා. නමුත් පොදුවේ බැලුවම ශ්‍රී ලාංකික පිරිස, Beauty Pageants ෆලෝ කරනවා අඩුයි. අපේ අසල්වැසි රටවල් අතරින් පිස්සුවෙන් වගේ Miss Universe ෆලෝ කරන්නේ Philippines, Thailand වගේ ගිනිකොණ දිග ආසියානුවන් තමයි.





.....................................................
පිවිසුම

http://minisunathara.blogspot.com/ 



















Tuesday, November 21, 2017

සන්නිවේදන තොරතුරු තක්ෂණය හා අන්තර්ජාල දැනුම සමගින් එන නව බ්ලොග් අඩවිය " SB made "

On page optimization Seo Guide - part 05 

alking with a new topic today, the SEO talks about.Many of my posts have been published in our site for SEO.You can learn much from those articles.Read the following articles before you can read further articles.

Read all SEO artical HERE
.............................
 
පිවිසුම