Tuesday, March 24, 2020

තෙරුවන් සරණයි!


බුදු ගුණ බලයෙන් තෙරුවන් සරණින් අපේ රටත් ජනතාවත් සියළු වසංගත රෝග වලින් ආරක්ෂා වී සකලවිධ රෝග බිය දුරු වේවා.

Thursday, April 25, 2019

ත්‍රස්ත ප්‍රහාරයෙන් මියගිය සියළු දෙනා වෙනුවෙන් සාතිශය සංවේගය!



ඇතිව තිබූ කාර්ය බහුල තත්වය හේතුවෙන් සිංහල අළුත් අවුරුද්දට සුබ පැතුම් එක්කිරීමටද නොහැකි උනා. ඒ ගැන පසුතැවීමක් වගේම රටේ වර්තමාන අවාසනාවන්ත තත්වය ගැනද ඇත්තේ විශාල කනගාටුවක්. ඒ නිසා බ්ලොග් හඳුන්වා දීමට ප්‍රථමයෙන් අප්‍රේල් 21 ඉරුදින ත්‍රස්තවාදී බෝම්බ ප්‍රහාරයෙන් දිවි අහිමිවූවන් ඇතුළු තුවාල ලැබූ සියළු දෙනා වෙනුවෙන් සංවේගය පළකිරීමට කැමතියි. මේ කුරිරු ත්‍රස්ත ප්‍රහාරයෙන් මියගිය සියළු දෙනාට නිවන් සුව අත් වේවා, තුවාල ලැබූවන් සියළු දෙනාට තිසරණ සරණින් ඉක්මන් සුවය ලැබේවා.

Saturday, January 19, 2019

කාලීන තොරතුරු විවිධාංග විචාර සමග අළුත් බ්ලොග් එකක් " Masuranමසුරන් "

අලූත් සමනල්ලූ කොළඹ ආක‍්‍රමණය කරති! 

සේනා දළඹුවා ජෛව කුමන්ත‍්‍රණයක ප‍්‍රතිඵලයක් ද?
අලූත් සමනල්ලූ කොළඹ ආක‍්‍රමණය කරති!

(ක‍්‍රිෂ්ණ විජේබණ්ඩාර)
මනුෂ්‍යයන් අතර පමණක් නොවේ, සෙසු ජීවීන් අතර ද පරසතුරු ආක‍්‍රමණඑමට ය. ඒවායෙහි කිරුළු දරා සිටින්නෝ ආක‍්‍රමණිකහෝ ආගන්තුක  ජීවීන් ය. පරිසර සහ ජෛව සම්පත් සංරක්ෂණ ක්ෂේත‍්‍රයේ දී ආක‍්‍රමණික  හෝ ආගන්තුක ජීවීන්’ (Invasive Alien Species) යයි හඳුන්වන්නේ අනෙකුත් ජීවී විශේෂයක පැවැත්මකෙරෙහි තර්ජනාත්මකව හැසිරෙන ශාක සහ සත්ත්ව විශේෂයෝය. දැනට හඳුනා ගෙන ඇති ආකාරයට, ලෝකය පුරා සිටින දරුණු ගණයේ ආක‍්‍රමණික ජීවි විශේෂ (ශාක සහ සත්ත්ව විශේෂ)සංඛ්‍යාව සියයකට අධික ය.  ඉන් විශේෂ 32ක් පමණ ශ‍්‍රී ලංකාවෙන් ද හමු වේ. මේ දිනවල රට පුරා මහත් ආන්දෝලනයක් ඇතිකර තිබෙන සේනානම් විනාශකාරී දළඹුවා (Fall Army Worm/Spodoptera frugipeda&) ද, අපේ රටට හොර රහසේ කඩා වැදුණු එවන් ආක‍්‍රමණික සහ ආගන්තුකජීවියෙකි!
 
...........................................
 
පිවිසුම