Monday, April 27, 2015

තවත් එක් තොරතුරු විවිධාංග බ්ලොග් පිටුවක් "ලෝකයේ කොනක"

ස්කෑන් සහ සතොස

බදාදා.............සායන දවස. අවුරුද්දක් දෙකක් තිස්සෙ පුරුදු පුහුණු කරපු මගෙ ඉවසීම , ඉවසලා ඉවසලා බැරිම තැන බිඳිලා යන එකම තැන තමයි සායන කාමරය.  (ඉවසීම බිඳිලා යනවා කිවුවට බනින්නෙ ගහන්නෙ නෑ කාටවත්.....:-) )
ඒත් , කටහඬ ටිකක් උස් වෙනවා. මූණෙ හිනාව අඩු වෙනවා. දාඩිය දාන්න පටන් ගන්නවා.......... තව ලෙඩ්ඩු කී දෙනෙක් ඉන්නවද කියලා එලියට ඔලුව දාලා බලන්න හිතෙනවා........ මේ වගේ ගොඩක් දේවල් වෙනවා.   මොකද්ද මේ වෙනසට හේතුව කියලා හිතලා බලද්දි තමයි තේරුණේ.......  පොදු හේතුව, භාශා ප්‍රශ්නෙ.
සායන වලට එන රෝගීන් කියන ගොඩක් දේවල් මට තේරෙන්නෙ නෑ. වාට්‍ටුවෙ නම් මොකක් හරි තේරෙන්නෙ නැත්නම්, ක්ෂණිකව ඒක තේරුම් කරලා දෙන්න අපේ හෙද නිලධාරීන් සැදී පැහැදී ඉන්නව. ඒත් සායනයෙ ඉන්න සේවකයන්ට සිංහල හොඳින් බෑ. 
ඒ නිසා මට නොතේරෙන දේවල් තේරුම් කරන්න කෙනෙක් සල්ලි වලට හරි හොයා ගන්න හිතිලා තියෙන්නෙ දැන් නම්.  ඊටත් වඩා තියන ප්‍රශ්නෙ , තේරුම් ගන්න ටික නම් කොහොම හරි කරන්න පුළුවන්, ගොඩක් වෙලාවට සායනයෙදි විවිධ රෝගීන්ට විවිධ උපදෙස් දෙන්න ඕන. ඒක තමයි ලොකුම ප්‍රශ්නෙ. කියන්න ඕන කිසිම දෙයක් හරියට කියාගන්න බැරි වෙද්දි දැනෙන ඒ හැඟීම නම් විස්තර කරන්න අමාරුයි. අන්තිමට ලෙඩා හිටියටත් වඩා ලෙඩ වෙලා තමයි මගෙ ලඟින් නැගිටලා යනවා ඇත්තෙ........ 
(හැමදාම ක්ලිනික් එක වෙලාවට "අද නම් දෙමළ වාක්‍ය දහයක්වත් පාඩම් කරනවා කියලා හිතා ගත්තත්, ඒකෙන් එළියට යද්දි ඒ අධිශ්ටානය එහෙමම අමතක වෙලා යනව. ආයෙ මතක් වෙන්නෙ ඊළඟ බදාදා)
ඉතින්, ගිය බදාදාත් මේ වගේම සුන්දර බදාදාවක්.  කොයි තරම් සුන්දරද කියනව නම් අවුරුදු නිවාඩුවට ගෙදර ගිය සමහර අය ඇවිත් හිටියෙත් නැති නිසා, දොස්තරට ලෙඩ්ඩු අනුපාතයේ විශාල වෙනසක් වුණා.  සිංහලෙන්ම කිවුවොත් , ලෙඩ්ඩු වෙනදා වගේම ගනනක් සහ දොස්තරලා එක්කෙනයි.  වෙනදට කලින් සායනය පටන් ගන්න හිතපු මම 7 වෙද්දි සායනයට ගියා. (වෙනදට පටන් ගන්නෙ 8ට) ඒත් ඉතින් මම 7ට ගියා කියල රෝගීන් දන්නෙ නෑනෙ........  මම යන වෙලාවෙ කිසිම රෝගියෙක් ඇවිත් හිටියෙ නෑ. හැමෝම ආවෙ සුපුරුදු පරිදි 7.30 පහු වුණාට පස්සෙ. 
ඒකට තවත් හේතුවක් තමයි, අපේ සායනයට හැතැප්ම ගණන් දුර ගෙවාගෙන එන රෝගීන් ඉන්නව. ඒ මිනිස්සුන්ට යන්න එන්න මුළු උදේ වරුවටම තියෙන්නෙ එක බස් එකයි.  ඉතින් ලෙඩ්ඩු එන්නෙ, අපිටවත් එයාලටවත් ඕන වෙලාවට නෙමේ, බස් එකට ඕන වෙලාවට. ඒ බස් එක වැරදුනොත් එදාට සායනෙත් නෑ.  ඉස්සර යුද්ධ කාලෙ අපිට අහන්න ලැබුණ ගම්මාන වල නම් සහ ඒවගෙ ජීවත් වෙන මිනිස්සු  දැන් සජීවීවම දකින්න ලැබෙන විදිය එක්තරා විදියක පුදුමයක්.  

.................................................................................................

පිවිසුම
http://lokayekonaka.blogspot.com/

No comments:

Post a Comment