අම්බලමේ පිනා
මෙය කුඩා ළමයාගේ සිට වැඩිහිටියා දක්වා අපි හැමෝම දන්නා කට වහරේ ඇති ජන
කවියකි.මෙම කවිය නිර්මාණාත්මක ලෙස දිගු කර මුල් කවියේ අර්ථයට සාපේක්ෂව
වෙනස් වූ අපූරු අර්ථයක් හැඟවෙන ලෙස රචනා කරන ලද කවි පෙළක් පසු ගිය දා
එනම්,2015-04-09 වන බ්‍රහස්පතින්දා දිවයින වටමඬල අතිරේකයේ පල විය.එය මෙසේ
ය,
අම්බලමේ පිනා
අම්බලමේ පිනා වළං කදක් ගෙනා ඒක බිඳපි ගොනා නොවනු එයට හිනා
තව දිනයක පිනා කදත් රැගෙන එනා පුරුදු පරිදි ගොනා කද බිඳගෙන යනා
ඉන් නොසැලෙන පිනා කරබාගෙන එනා යළිදු වළං තනා කදත් රැගෙන යනා
මහ මඟ එන පිනා දුටුව පරණ ගොනා පිම්මෙන් දිවගෙනා යයි කද බිඳගෙනා
දුකම පුරුදු පිනා
යළිදු ගෙදර එනා
තණ මිටියක් මනා
කද බැඳගෙන එනා
ඔහුව දැකපු ගොනා හෙමිහිට ළං වුණා තණ මිටියට ගොනා කෙමෙන් වසඟ වුණා
හීන්සැරේ පිනා මිතුරු කරන් ගොනා යළි නිවසට එනා කරත්තයක් තනා
අම්බලමේ පිනා වළං ගැලකි ගෙනා ඒක අදින ගොනා ඒකට මට හිනා....
සුදේශ් කවීශ්වර කැලණිය විශ්වවිද්‍යාලය
ඔහුව දැකපු ගොනා හෙමිහිට ළං වුණා තණ මිටියට ගොනා කෙමෙන් වසඟ වුණා
හීන්සැරේ පිනා මිතුරු කරන් ගොනා යළි නිවසට එනා කරත්තයක් තනා
අම්බලමේ පිනා වළං ගැලකි ගෙනා ඒක අදින ගොනා ඒකට මට හිනා....
සුදේශ් කවීශ්වර කැලණිය විශ්වවිද්‍යාලය
(2015-04-09/දිවයින-වටමඬල)
.......................................................................
පිවිසෙන්න
check out www.nerdynaut.com
ReplyDeletenice to see a good blog
ReplyDelete