Sunday, April 12, 2015

තවත් වැදගත් විචාරාත්මක ශාස්ත්‍රීය හා තොරතුරු බ්ලොග් අඩවියක් "සෙනෙවිරුවන්"

යහ පාලනයට අනුව ගැසූ කූරගල තුරුම්පුව


                                         
                                        

              බළන්ගොඩ තන්ජන්තැන්න ගමේ පිහිටා තිබෙන
 ඓතිහාසික ගල්ලෙන් ආරාම සංකීර්ණයක් වන
 කූරගල බෞද්ධයන් අතර ජනප්‍රිය ව තිබෙන්නේ බුදුන්
 වහන්සේ ගේ ලංකාගමනයත් සමග බැඳි සිදුවීම්
 නිසාය. බෞද්ධයන්ගේ විශ්වාසය වන්නේ බුදුන්
 වහන්සේ කූරගලට වැඩම කල බවයි.කූරගල
 හිටුවන්ගල පර්වතයේ පැවති අවතල හැඩයේ සිරිපතුල්
 ලාංඡන කීපයක් ගැන කූරගල ගමේ වැඩිහිටියන් අතර
 තිබෙන  ප්‍රවාද මෙයට සාක්ෂි වශයෙන් දැක්විය
 හැකිය. එබැවින් කූරගල පුදබිම බෞදධයන්ට ඉතා
 වැදගත්ය. පුරා විද්‍යාවට වසර එකසිය විසිපහක
 ඉතිහාසයක් තිබෙන්නේ නම් කූරගල බෞද්ධ
 උරුමයට වසර දහස් ගණනාවක ඉතිහාසයක් හිමිය.
 එහෙව් කොට 1971දී මේ පුදබිම පුරා විද්‍යා
 දෙපාර්තමේන්තුව භාරයට ගෙන ඇත. එහි වරදක්
 නැත. වර්තමාන නීතියට අනුව රජයේ ඓතිහාසික
 දේපළ ආරක්ෂා කිරීමටත් සංරක්ෂණය කිරීමටත්
 තිබෙන ආයතනය වන්නේ මේ දෙපාර්තමේන්තුව
 බැවිනි.

           එහෙත්  1930 පමණ සිට මෙම ලෙන් සංකීර්ණයට වැද එහි තිබෙන බුදු පිළිම හා සිරිපතුල් කඩා ලෙන් චිත්‍ර මත අරාබි අකුරු කුරුටු ගෑ මරක්කලයන් එයට අයිතිවාසිකම් පවසා එහි ඉඳි කිරීම් කරද්දී පුරාවිද්‍යාවේ ඇත්තෝ නිහඬවම සිටියහ. කූරගල ගල මුදුනේ පිහිටි ඓතිහාසික මාරජී සෑයේ ගඩොල් එකින් එක ගලවා කන්දෙන් පහළට හෙළීම මේ මරක්කලයන් විනෝදාංශයක් කර ගත්තේ අද ඊයේ සිට නොවේ. ඔවුන්ගේ සෑම වන්දනා වාරයකදීම එලෙස සිදුවනවිට පුරා විද්‍යා නිළධාරීන් කලේ චෛත්‍ය වටා  කටුකම්බි ගැසීමය.මරක්කලයන් ගේ තාඩන පීඩන නිසා ගරා වැටුණු මාරජී සෑය යළි පිළිසකර කිරීමට පුරා විද්‍යා දෙපාර්තමේන්තුව කීප විටක්ම උත්සාහ දරණ ලදී. එහිදී මෙහි අරක් ගෙන සිටි අබුසාලි ඇතුළු මරක්කලයන් එයට විරුද්ධ විය. මෙහි තිබෙන ලෙන් ලිපි පිටපත් කර ගැනීම සඳහා කිරිඇල්ලේ ාණවිමල නාහිමියන් ඇතුළු පිරිසක් එහි ගිය විට උන්වහන්සේලාට විරුද්ධව බළන්ගොඩ පොලීසියට පැමිණිලි කළ බව ද සඳහන්ය. නමුත් කූරගල වෙනුවෙන් කැප වුණු සිංහල බෞද්ධයන් නිසා දිනෙන් දිනම එහි අයිතිය නැවතත් හෙළි පෙහෙලි වූ බව කිව යුතුය. නමුත් හිටපු පුරා විද්‍යා කොමාසාරිස් වරයකු වූ රාජා ද සිල්වා 1972 සැප්තැම්බර් 13 දින  යැවූ ලිපියක් මගින්  කූරගලට අයිතිවාසිකම් කියන මරක්කලයන් එහි තව දුරටත් ස්ථාවර වූ බව  පැහැදිලිය. 


පිවිසුම
http://seneviruwan.blogspot.com/ 

No comments:

Post a Comment