Showing posts with label බ්ලොග් හඳුන්වාදීම. Show all posts
Showing posts with label බ්ලොග් හඳුන්වාදීම. Show all posts

Saturday, January 19, 2019

කාලීන තොරතුරු විවිධාංග විචාර සමග අළුත් බ්ලොග් එකක් " Masuranමසුරන් "

අලූත් සමනල්ලූ කොළඹ ආක‍්‍රමණය කරති! 

සේනා දළඹුවා ජෛව කුමන්ත‍්‍රණයක ප‍්‍රතිඵලයක් ද?
අලූත් සමනල්ලූ කොළඹ ආක‍්‍රමණය කරති!

(ක‍්‍රිෂ්ණ විජේබණ්ඩාර)
මනුෂ්‍යයන් අතර පමණක් නොවේ, සෙසු ජීවීන් අතර ද ‘පරසතුරු ආක‍්‍රමණ’ එමට ය. ඒවායෙහි කිරුළු දරා සිටින්නෝ ‘ආක‍්‍රමණික’ හෝ ‘ආගන්තුක’  ජීවීන් ය. පරිසර සහ ජෛව සම්පත් සංරක්ෂණ ක්ෂේත‍්‍රයේ දී ‘ආක‍්‍රමණික  හෝ ආගන්තුක ජීවීන්’ (Invasive Alien Species) යයි හඳුන්වන්නේ ‘අනෙකුත් ජීවී විශේෂයක ‘පැවැත්ම’ කෙරෙහි තර්ජනාත්මකව හැසිරෙන ශාක සහ සත්ත්ව විශේෂයෝ’ ය. දැනට හඳුනා ගෙන ඇති ආකාරයට, ලෝකය පුරා සිටින දරුණු ගණයේ ‘ආක‍්‍රමණික ජීවි විශේෂ (ශාක සහ සත්ත්ව විශේෂ)’ සංඛ්‍යාව සියයකට අධික ය.  ඉන් විශේෂ 32ක් පමණ ශ‍්‍රී ලංකාවෙන් ද හමු වේ. මේ දිනවල රට පුරා මහත් ආන්දෝලනයක් ඇතිකර තිබෙන ‘සේනා’ නම් විනාශකාරී දළඹුවා (Fall Army Worm/Spodoptera frugipeda&) ද, අපේ රටට හොර රහසේ කඩා වැදුණු එවන් ‘ආක‍්‍රමණික සහ ආගන්තුක’ ජීවියෙකි!
 
...........................................
 
පිවිසුම

 

Monday, August 27, 2018

කාලීන සිදුවීම් තොරතුරු විචාර සංවාද සමගින් බ්ලොග් පිටුවක් " Nidige Pancha Thanthare නිදිගෙ පංච තන්තරේ "

සිඳු දකින සඳ - දෙවෙනි කොටස

ඩැඩාගේ කතාවෙන් මම ගල්බීතවී ගියෙමි. අපි එව්වාට කියන්නේ කුණුහරුප කියලානේ!


යෞවනොද්ගමනයේදී.....
මට කියවුණේ ‘උඹම කියා දියං’ කියලාය. ඇත්තටම දැනගෙන ‘කතරගං යාම’ නොදැන යනවාට වඩා හැම අතින්ම හොඳය! හුදු කුතුහලය නිසාම තවත් නොදන්නා කෙනෙකුගෙන් උපදෙස් ගැනීම හරිම විපත්තිදායකය! දැන් නම් ඇටෙන්- පොත්තෙන් පැහෙන කොටම එයාලා ඒ සේරම ඉගෙනගෙන අහවරය.

පිරිමි ළමයෙකුගේ ‘යෞවනෝද්ගමනයෙදී; ටෙස්ටෙස්ටරෝන් ලිංගික හෝමෝනය වෑහෙන සමයේදී’ ඔහුට ලිංගික හැඟීම් පහළ වෙයි. සමහර විටෙක ශිෂ්ණය ප්‍රාණවත් වෙයි. ශුක්‍ර මෝචනය කිරීමට සිතෙයි. විටෙක සිහිනයෙන්, තමා නොදැනුවත්වම ශුක්‍ර පිටවෙයි. මේවා ‘ලෙඩ’ නොවේ. ස්වාභාවික දේවල්ය. 

එහෙම නොවෙනවා නම් ඒක ලෙඩකි! විටෙක ස්වයංවින්දනයක් මඟින් හෝ ආස්වාදයක් ලබන්නට පෙළඹීමත් අමුත්තක් නොවේ. අමුත්ත ඉව-බව නැතිව, අසීමාන්තිකව ඒවාට පෙළඹීමය.
..........................................

පිවිසුම
http://nidigepanchathanthare.blogspot.com/ 

Monday, August 20, 2018

සාහිත්‍යමය රසවින්දන කලා විචාර සමගින් බ්ලොග් පිටුවක් " වාරා "

වණ්ණ දාසි – කත්‍යානා අමරසිංහ සූරිය ප්‍රකාශන
ෆැන්ටසිකරණයක පාඨකයා අතරමංව සිටිනා සමයක යථාර්ථවාදී නිර්මාණකරණයක් තුළ පාඨකයා ග්‍රහණය කොට තබා ගැනීමට නම් එකී නවකතාවේ ප්‍රකාශනය ප්‍රබල විය යුතුය. එවන් වූ ප්‍රකාශනයක් ෆැන්ටසියකට ඔබ්බෙන් ගොස් පාඨක මනස ග්‍රහණය කරගන්නේ, හුදෙක් යථාර්ථවාදී නිර්මාණයක් තුළ පාඨකයා ඝෘජුවම ස්වකීය ජීවිතය හා සබැ‍‍‍‍ඳ‍ෙන බැවිනි. එබැවින් යථාර්ථවාදී නිර්මාණකරණය අතිශය අපහසු ය. ෆැන්ටසිවාදී නිර්මාණකරණයකට වඩා බෙහෙවින්ම අපහසු ය. කත්‍යානා අමරසිංහ නම් නවකතාකාරිණිය වණ්ණ දාසී නවකතාව තුළ එකී අපහසුදායක කඩයිම ජය ලබන්නේ යැයි යන්න පාඨකයෙකු ලෙස මගේ මතය වේ.download (7)
ඕනෑම නවකතාවක් කියවූ පමණින් කිසිවක් ලියන්නට මට සිත් නොදේ. නමුත් වණ්ණ දාසී කියවූ සැණින් ඒ පිළිබඳව යමක් ලියා තැබිය යුතුම යැයි මට හැ‍ඟේ. එබැවින් එහි පාඨකයෙකු ලෙස මාගේ සිත්බැඳි අදහස් මෙසේ ගොනු කරන්නෙමි.
වණ්ණදාසී කතාංගය අමා රණ්බණ්ඩාර නම් වූ කත වටා ගෙතෙන්නකි. අමා රණ්බණ්ඩාර වෙත එල්ලවන ගෝරණාඩුවකින් පූර්විකාව සපයනු ලබන කතාව ඉන්පසු පුවත්පත් ලිපියක් හේතුකොට ගෙන ඇය පත්වූ අපහසුතාවය මූලික කොටගනිමින් ඇගේ අනුවේදනීය ළමා හා යෞවන අත්දැකීම සමාජය ඉදිරිපිට මෙලෙස නිරුවත් කොට දමන්නීය. එය ඇය විසින්ම ස්වකීය ආත්මකථනයේ යෙදීමකි.

“ ඔය ළමයගේ අම්මට පොඩි කරදරයක්… අද ගෙදර එන්නේ නැතිවෙයි..“ ( පිටුව:19)
............................

පිවිසුම
https://varalife.wordpress.com/ 

Thursday, August 16, 2018

කලා සාහිත්‍යමය රසවින්දනය සඳහා විශේෂ වූ බ්ලොග් එකක් "දම්මිගේ පිටුව "

ආදරණීය නපුරා - අවසාන කොටස



සහන් රත්නපුරේට ලං වෙනකොට රෑ වෙන්නත් කිට්ටුයි.මේ රෑ එහෙම ගෙදරකට යන එක හොදද කියලා හිතුනත් සජිනිව හොයාගන්න උවමනාව ඊට වඩා තදින් තිබුන නිසා සහන් කෙලින්ම ගියේ සජිනිගේ නැන්දගේ ගෙදර හොයාගෙන.

ආයතනයේ වැඩ වලට ඇවිත් තිබ්බ නිසා රත්නපුරේ ගැන සෑහෙන දැනුමක් තිබ්බ එක මේ වෙලාවේ සහන්ට ගොඩක් ප්‍රයෝජනවත් වුනා.ඒ කොහොම වුනත් රත්නපුරේට ආවේණික වුන චුරු චුරු වැස්ස අස්සේ පාරවල් වැරදි වැරදි සහන් නැන්දාගේ ගෙදරට එනකොට හොදටම රෑ වුනා.

වාහනේ එළියේ ඉඩ තියෙන තැනක නවත්තපු සහන් ගෙදර දොර ලගට ගියේ චකිතයෙන්.සජිනි නොහිටියොත් කියන බය එක්කම කොහොම පිළිගැනීමක් ලැබේවිද කියලත් සහන්ට විශ්වාසයක් තිබ්බෙ නෑ.දොර ලගට ගියපු සහන් දොරේ බෙල් එක ගැහුවා.බෙල් එක වැඩ නැද්ද දන්නේ නෑ කියලා කෝකටත් දොරටත් තට්ටු කරා.ටිකකින් දොර ඇරියේ මැදි වයසේ ගෑනු කෙනෙක්.එයා සහන් දිහා බැලුවේ ප්‍රශ්නාර්ථයක් මූණේ තියාගෙන .
"මේ ප්‍රියානි නැන්දා ද?" සහන් එහෙම අහනවත් එක්කම ඒ ගෑනු කෙනා බය වෙලා වගේ බැලුවා

"ඔව් කවුද මේ?"

"මං සහන්,මට ඇතුළට එන්න පුලුවන්ද?"

..................................................


පිවිසුම
http://dammigepituwa.blogspot.com/



Monday, January 15, 2018

කාලීන තොරතුරු දැනුම විචාරය සමග රසවින්දනය සපිරි තවත් අළුත් බ්ලොග් පිටුවක් " නීල නිම්නය "

අඳුරු මතකය


බන්ධුල සිසිර කුමාර -


එදිනෙදා කටයුතු අතර කාර්ය බහුල ව අවිවේකී මනසකින් සිටින ඔබට,  වර්තමානයෙන් මඳකට මිදී අවුරුදු නවයකට එහා වූ අතීතයට නැවත මනසින් ගමන් කල හැකිනම්, අද දක්නට නොලැබෙන දේ සමූහයක්, අද නොඇසෙන වචන සමූහයක් නැවතත් හමු වනු ඇති.

ගමන් බඩු රාක්ක ගලවා ඉවත් කළ, නැතහොත් කම්බි දැල් ගසා ඒවා වසා දමා ඇති බස් රථ, පාසල් ගේට්ටු මුර කරන දෙමාපියන්, කොළඹ නගරයේ කොතැනක හෝ මහා පිපිරීමකින් ජීවිත හා දේපළ අහිමි විම්, ප්‍රාදේශීය නගර වලද සිදු වන පිපිරීම්, පිපිරීමකට බිලි ව මව හා පියා එකවර ම දරුවන් ට අහිමි විම වැලැක්වීමේ අරමුණින් මව හා පියා බස් රථ දෙකකින් කාර්යාලවලට යාම වැනි දෑ එකල එදිනෙදා ජීවිතයේ සාමාන්‍ය සිද්ධීන් බවට පත් ව තිබුණා. කොහේ හෝ සිදු වූ මහා සමූහ ඝාතනයක් පිළිබඳ තොරතුරුවලින් පුවත්පත් පිරී තිබුණා. බස් රථයක යද්දී හාත්පස ගැන මනා අවධානයෙන් නොයාම, මරණයට අත වැනීමක් වූ .ඒ යුගයේ අද මෙන් හෑන්ඩ්ස්ෆ්‍රී කට්ටලය හා ස්මාර්ට්ෆෝනය සමග හුදකලා විය හැකි වූයේ නැහැ.

එකල අපේ වදන් මාලාවට අලුතින් එකතු වූ වචන රාශියක් ද වූවා. ඒ අතුරින් එකක් වූයේ "මායිම් ගම්මාන" යන්නයි. බෙදුම්වාදීන්ගේ සිහින රාජ්‍යයේ සීමාව අසල වූ ගම්මාන මේ නමින් හැඳින්වුණු අතර ඔවුන් ඒ ගම්වලට කඩා පැන ලොකු කුඩා, බාල මහලු සියලු දෙනා කපා කොටා මරා දැමීම නිරන්තරයෙන් සිදු වුණා.
.......................................................
පිවිසුම