ෆැන්ටසිකරණයක පාඨකයා අතරමංව සිටිනා සමයක යථාර්ථවාදී නිර්මාණකරණයක් තුළ පාඨකයා ග්‍රහණය කොට තබා ගැනීමට නම් එකී නවකතාවේ ප්‍රකාශනය ප්‍රබල විය යුතුය. එවන් වූ ප්‍රකාශනයක් ෆැන්ටසියකට ඔබ්බෙන් ගොස් පාඨක මනස ග්‍රහණය කරගන්නේ, හුදෙක් යථාර්ථවාදී නිර්මාණයක් තුළ පාඨකයා ඝෘජුවම ස්වකීය ජීවිතය හා සබැඳෙන බැවිනි. එබැවින් යථාර්ථවාදී නිර්මාණකරණය අතිශය අපහසු ය. ෆැන්ටසිවාදී නිර්මාණකරණයකට වඩා බෙහෙවින්ම අපහසු ය. කත්‍යානා අමරසිංහ නම් නවකතාකාරිණිය වණ්ණ දාසී නවකතාව තුළ එකී අපහසුදායක කඩයිම ජය ලබන්නේ යැයි යන්න පාඨකයෙකු ලෙස මගේ මතය වේ.
ඕනෑම නවකතාවක් කියවූ පමණින් කිසිවක් ලියන්නට මට සිත් නොදේ. නමුත් වණ්ණ දාසී කියවූ සැණින් ඒ පිළිබඳව යමක් ලියා තැබිය යුතුම යැයි මට හැඟේ. එබැවින් එහි පාඨකයෙකු ලෙස මාගේ සිත්බැඳි අදහස් මෙසේ ගොනු කරන්නෙමි.
වණ්ණදාසී කතාංගය අමා රණ්බණ්ඩාර නම් වූ කත වටා ගෙතෙන්නකි. අමා රණ්බණ්ඩාර වෙත එල්ලවන ගෝරණාඩුවකින් පූර්විකාව සපයනු ලබන කතාව ඉන්පසු පුවත්පත් ලිපියක් හේතුකොට ගෙන ඇය පත්වූ අපහසුතාවය මූලික කොටගනිමින් ඇගේ අනුවේදනීය ළමා හා යෞවන අත්දැකීම සමාජය ඉදිරිපිට මෙලෙස නිරුවත් කොට දමන්නීය. එය ඇය විසින්ම ස්වකීය ආත්මකථනයේ යෙදීමකි.
“ ඔය ළමයගේ අම්මට පොඩි කරදරයක්… අද ගෙදර එන්නේ නැතිවෙයි..“ ( පිටුව:19)............................
පිවිසුම
https://varalife.wordpress.com/
පොත කියවන්නට ආසාවක් ආවා. ස්තූතියි සටහනට .
ReplyDeleteහොඳයි.
Delete