Showing posts with label නිවේදන. Show all posts
Showing posts with label නිවේදන. Show all posts

Thursday, April 25, 2019

ත්‍රස්ත ප්‍රහාරයෙන් මියගිය සියළු දෙනා වෙනුවෙන් සාතිශය සංවේගය!



ඇතිව තිබූ කාර්ය බහුල තත්වය හේතුවෙන් සිංහල අළුත් අවුරුද්දට සුබ පැතුම් එක්කිරීමටද නොහැකි උනා. ඒ ගැන පසුතැවීමක් වගේම රටේ වර්තමාන අවාසනාවන්ත තත්වය ගැනද ඇත්තේ විශාල කනගාටුවක්. ඒ නිසා බ්ලොග් හඳුන්වා දීමට ප්‍රථමයෙන් අප්‍රේල් 21 ඉරුදින ත්‍රස්තවාදී බෝම්බ ප්‍රහාරයෙන් දිවි අහිමිවූවන් ඇතුළු තුවාල ලැබූ සියළු දෙනා වෙනුවෙන් සංවේගය පළකිරීමට කැමතියි. මේ කුරිරු ත්‍රස්ත ප්‍රහාරයෙන් මියගිය සියළු දෙනාට නිවන් සුව අත් වේවා, තුවාල ලැබූවන් සියළු දෙනාට තිසරණ සරණින් ඉක්මන් සුවය ලැබේවා.

Friday, May 5, 2017

සොයුර ඔබට නිවන් සුව....!


මේ සටහන තැබෙන්නේ මේ මස පළමු වැනිදා අවසන් ගමන් ගිය "විචාරක" බ්ලොග් සොයුරා ගැනයි. බ්ලොග් ලෝකය තුල "විචාරක" ලෙස දැන හැඳින සිටි මේ සොඳුරු මිනිසා නමින් මේජර් ගුනරත්න යි. බ්ලොග් ලෝකය තුල ඔහුගේ බ්ලොග් අඩවියේ නමට අනුව ඔහු සැබෑ ලෙසම විචාරකයෙකු විය. ඔහුගේ බ්ලොග් අඩවියේ සැබවින්ම පල කෙරුනේ අර්ථාන්විත දේමය. කෙනෙකු වෙන්ව යෑම දුකකි. කෙනෙක් සදහටම වෙන්ව යෑම ඊටත් වඩා දුකකි. මරණය නම් වලක්වනු බැරිම දෙයක් වේ. එහෙත් විචාරක අපේ බ්ලොග් සොයුරා අවසන් ගමන් ගියා ඉක්මන් වැඩිදැයි අපට විටක සිතෙයි. කෙසේ වුවත් විචාරක නැවත අප අතරට පැමිණෙන්නේ නැත. අප ඔහුට නිවන් සුව පතමු.

Tuesday, April 12, 2016

ලබන්නාවූ සිංහල අළුත් අවුරුද්ද සැමට සතුට සෞභාග්‍ය පිරි නව වසරක් වේවා...!



එළඹෙන්නාවූ සිංහල අළුත් අවුරුද්ද සකල ලක්වාසීන්ට මෙන්ම විශේෂයෙන් සයිබරයේ බ්ලොග් ලියන මිතුරු මිතුරියන් සියළු දෙනාටත් සුභම අළුත් අවුරුද්දක් වේවා......!

Sunday, January 10, 2016

බ්ලොග් මිතුරන්ට පොඩි දැනුම් දීමක් !

අළුත් අවුරුද්දේ අපේ බ්ලොග් මිතුරු මිතුරියන් පොඩි දෙයක් ගැන දැනුවත් කරලා හිටියොත් හොඳයි කියලා හිතුනා. මේක අපේ බ්ලොග් අ ට්දර්ශකය තුල මම දැකපු එක සිද්ධියක් සම්බන්ධයෙන් පොඩි උපදෙසක්. බ්ලොග් දර්ශකයට ඇතුලත් කරල තියෙන ඇතැම් බ්ලොග් කොතෙක් යාවත්කාලීන උනත් දර්ශකයේ බ්ලොග් රෝල් තුල අළුතින් අප්ඩේට් වුනු තොරතුරු පෙන්වන්නේ නෑ. ඊට හේතු වෙන්න පුළුවන් එක් ප්‍රධාන දෙයක් ගැනයි මේ පෙන්වලා දෙන්න හදන්නේ. හේතුව මේකනම් තමන්ගේ බ්ලොග් එකේ සෙටින් වල එය තමන්ටම නිවැරදි කරගන්න පුළුවන්. වැඩි විස්තර පහත රූප රාමුත් එක්කම බලන්න.

පළමුව " Site feed  " සෙටින් එක පරිෂා කරන්න ඕනේ. ඒක කරන්නේ මෙහෙමයි.

1) බ්ලොග් එකේ ඩෑශ් බෝඩ් එකේ Settings වලට යන්න.




2) ඉන් පසුව Other තුලට යන්න.



3) මෙහි Site feed කොටසේ Allow blog feed යන්න " Full " ලෙස සෙට් වී තිබිය යුතුයි.
    

4) " Allow Blog Feed " යන ෆීල්ඩ් එක ගැන සවිස්තර කරුනු බලා ගැනීමට ඒ ඉදිරියේ ඇති " ? " ලකුණ මත ක්ලික් කරන්න.




අපේ බ්ලොග් මිතුරන්ගෙන් තම තමන්ගේ බ්ලොග් යාවත්කාලීන වෙද්දී අළුත් තොරතුරු සින්ඩි වල හෝ වෙනත් බ්ලොග් වල බ්ලොග් රෝල් වල නිසි කලට අප්ඩේට් වෙලා පෙන්වන්නේ නැත්නම්  හේතුව පෙර සඳහන් කළ Site feed හි Allow Blog Feed යන්න " Full " ලෙස සෙට් වී නොතිබීම වෙන්න බොහෝ දුරට ඉඩ තිබෙනවා. මේ ප්‍රශ්නය අපේ බ්ලොග් මිතුරන් කාට හරි තියෙනවනම් මා ඉහත පෙන්වා දී ඇති පියවර අනුව සෙටින් පරික්ෂා කර බලාගත හැකියි.

Sunday, May 31, 2015

පින්බර පොසොන් පෝය


සකල ශ්‍රී ලංකාවාසී බෞද්ධ ජනතාවටත් සියළු රටවැසියන්ටත් උදාවන පොසොන් පොහොය ඉමහත් බැතියෙන් සැමරීමට හැකි වේවා කියා ප්‍රාර්ථනා කරනවා.

Tuesday, April 14, 2015

සැමට සුභ නව වසරක් වේවා.


උදාවූ සිංහල අළුත් අවුරුද්ද සියල්ලන්ටම සතුට සෞභාග්‍ය පිරි නව වසරක් වේවා කියා ප්‍රාර්ථනා කරනවා. ඒත් එක්කම මේ නව වසරේ තවත් ශ්‍රී ලාංකික සිංහල බ්ලොග් කරුවන් වැඩි වැඩියෙන් බිහි වේවා කියලත් ඉත සිතින් ප්‍රාර්ථනා කරන්න කැමතියි.

Sunday, April 12, 2015

මහනායක හිමියනි ඔබවහන්සේට නිවන් සුව අත්වේවා!


මහ නායක හිමියනි, ඔබ වහන්සේ රටට කළ ජාතික ශාසනික මෙහෙවර අප ඉතා බැතියෙන් සිහිපත් කරමු. අපවත් වී වදාල අස්ගිරි පාර්ශවයේ මහ නායක හිමි අති පූජ්‍ය උඩුගම ශ්‍රී බුද්ධරක්ඛිත හිමියන්ට නිවන් සුව ලැබේවා.

Thursday, January 1, 2015

සුභ නව වසරක් වේවා.

වසර 2014 ගෙවී අවසන්ව අදින් 2015 වසර ඇරඹුනා. බ්ලොග් ලියන අපේ හිතවතුන්ටත් සියළු බ්ලොග් පාඨකයන්ටත් සර්වප්‍රකාරයෙන් සිතුම් පැතුම් ඉටුවන සුභම සුභ නව වසරක් වේවා කියා අජිත් කුමාර අපේ බ්ලොග් දර්ශකය තුලින් ප්‍රාර්ථනා කරනවා.

Sunday, September 28, 2014

දර්ශකයට ඇතුල් කර ඇති බ්ලොග් කතුවටුන් වෙත කෙරෙන කාරුණික දැනුම් දීමයි.



අපගේ බ්ලොග් දර්ශකය තුලට මෙතෙක් ඇතුල් කර ඇති සියළුම බ්ලොග් අඩවි දෙස බැලීමේදී පෙනෙන්නට තිබෙන දෙයක් නම් ඇතැම් බ්ලොග් අඩවි මාස ගණනක් තිස්සේ යාවත්කාලීන නොවීමයි. එය අපට ගැටළුවක් නොවන අතර එසේ වූ පමණින් එම බ්ලොග් අඩවි කිසිවක් දර්ශකයෙන් ඉවත් කිරීමටද කටයුතු කර නැත. ඇතැම් විට වසරකට වැඩි කලක් තිස්සේ අත් හැර දමා තිබෙන බ්ලොග් අඩවි ඉවත් කිරීමට සිදුවන්නට පුළුවන. එසේ වුවත් එම බ්ලොග් කතෘවරුන්හට ඔවුන්ගේ බ්ලොග් පිටු නැවත යාවත්කාලීන කරනුලැබූ කලක නැවතත් දර්ශකයට ඇතුල් කිරීම සඳහා ඉඩ ප්‍රස්ථාව තිබේ. කෙසේ නමුත් අප මෙතෙක් කල් අනුපිළිවෙලින් බ්ලොග් අඩවි හඳුන්වා දීම ලිපි මගින් සිදු කළත් මින් ඉදිරියට එසේ බ්ලොග් අඩවි හඳුන්වාදීමේදී වඩා ඉක්මනින් යාවත්කාලීන වන බ්ලොග් පිටු සඳහා ප්‍රමුඛත්වයක් ලබාදීමට කටයුතු කරන්නට අදහස් කර ඇත. මේ කටයුත්ත අප සහෝදර බ්ලොග්කරුවන් හරියාකාරව තේරුම්ගනු ඇතැයි අප උදක්ම බලාපොරොත්තු වන්නෙමු.

Sunday, August 3, 2014

බ්ලොග් දර්ශකය වෙත සම්බන්ධවී ඇති හා අනෙකුත් පාඨකයන් වෙත කෙරෙන දැනුම්දීමයි !



මෙතෙක් ඔබ සියළු දෙනා විසින් අපගේ බ්ලොග් දර්ශකයට බ්ලොග් අඩවි ඇතුල්කිරීමට ඉදිරිපත්කළ ඉල්ලීම් සියල්ලට ප්‍රතිචාර වශයෙන් ඒවා සියල්ලම මෙම බ්ලොග් දර්ශකය තුලට ඇතුල් කිරීමට පියවර ගෙන ඇත. බ්ලොග් දර්ශකයට ඇතුල් කිරීම සඳහා අප වෙත යොමුකළ ඉල්ලීම් පරිදි ඒ බ්ලොග් අඩවි තවමත් බ්ලොග් දර්ශකයට ඇතුල් වී නොමැතිනම් බ්ලොග් පිටු වල ලින්ක් නැවත අප වෙත යොමු කරන ලෙස එම බ්ලොග් අඩවි පවත්වාගෙන යන හිතවත් බ්ලොග්කරුවන්ගෙන් අප කාරුණිකව ඉල්ලා සිටිමු.

ajith.kumara192@gmail.com