1552 දී පෘතුගීසී කපුටන් විසින් කොල්ලකා දසවද දුන් අපේ බුදු පුතුන් ගේ ශ්‍රී දේහය
දේහයේ උස අඩුවීම ගැන කියන හේතු සාධාරණද?7 වැනි කොටස

අපවත් වන මොහොතේ දේහය දින දහස් ගණනක් නරක් නොවී තබා ගැනුමට “සිදු අලු රසය” නම් වූ බෙහෙතක් පානය කළ බව ජනප්‍රවාදයේ ඇත. උන්වහන්සේගේ දකුණු අතෙහි කවි දෙකක් කොටා තිබූ අතර අද ශාන්ත සේවියර් පියතුමාගේ යෑයි ගෝවේ තිබෙන දේහයෙහි දකුණු අත නොමැත. එය රාහුල හිමිගේ දේහය බව සනාථ වන බැවින් අත කපා ඉවත් කර ඇති බවට සැකකෙරේ. ශාන්ත සේවියර් යනු ස්‌පාඤ්ඤයේ ඉපිද නැගෙනහිර ආසියාවේ ආගම ව්‍යාප්ත කිරීම සඳහා පාප්වහන්සේ පත්කළ නියෝජිතයෙකි. එම පියතුමා චීනයට යන අතරතුර “සැන්ක්‌පන්” නම් දූපතෙහිදී මියගිය බව ද මලක්‌කාවට ගෙනයැමට පෙර එහි වළලා මාස කීපයකට පසුව ගොඩගන්නා විට දේහය නරක් නොවී තිබුණු බව ද කිතුනු පොත පතෙහි සඳහන් වේ. තවද දේහයේ තිබෙන විවිධ තුවාල “සාධාරණීය” කිරීම සඳහා ඔවුන්ගේ වාර්තාවට දේහයට කෲර අන්දමින් සලකා ඇති බව ද සඳහන් වේ. මෙම සිරුරේ නියම තත්ත්වය පිළිබඳව නිල පශ්චාත් වෛද්‍ය පරීක්‍ෂණ වාර්තාවන්වල විස්‌තරවලින් සිරුරේ දකුණු අත නොමැති බව සනාථ වී ඇත. අද එතැන් සිට….
කතෝලික බැතිමතුන් විසින් ඉදිරිපත් කර ඇති වාර්තාවට ශාන්ත සේවියර් පියතුමා ජීවත්ව සිටින විට අඩි 5 1/2 ක් එනම් මී. 1. සෙමී. 69 ක උසින් යුක්‌ත බැව් කියෑවේ. නමුත් සිරුරේ මිනුම් ගත් විට හිස කෙලින් තබා දිග මී. 1 සෙ. මී. 46 ක්‌වේ. ඔවුනට අනුව මළ සිරුරෙහි දිග අඩුවීම සාධාරණීය කර ඇත්තේ මෙසේය.
....................................................................
පිවිසුම
https://jealousdeviyo.wordpress.com/
No comments:
Post a Comment