තැපෑලයි මමයි
ලංකාවේ තැපැල් සේවය හා මා අතර ඇත්තේ එක්තරා විදියක ජන්මාන්තර වෛරයක් බව මට
දැන් දැන් තේරෙන්නට පටන් ගෙන තියෙන්නේ. ලියුම් මාමා ගැන අමිහිරි අත්දැකීම්
මගේ පාසල් ජිවිතේ 6 වසර දක්වා දිගු අතීතයක් තියෙනවා. දකුණු පළාතේ ඉපදුනු මම
ශිෂ්‍යත්වෙන් පාස් වෙලා කොළඹ ඉස්කෝල දෙක තුනකට ඉල්ලුම් කරලා ගෙදරට වෙලා
හිටිය ජොලියේ. අපේ ඉස්කෝලේ 5 වසරෙන් ඉවරයි. ඉතින් 6 වසරට යන්න වෙන
ඉස්කෝලයක් ඕන. හොද ලකුණු තිබුන නිසා බය නැතිව හිටියට ජනවාරි මාසෙත් ගෙවිල
ගියා. ම්හ් මුකුත් නෑ ලියුමක් වත්. දැන් පෙබරවාරි මාසෙත් ගෙවිල යන නිසා මගේ
වයසේ උන් දැන් මාස දෙකක් 6 වසරේ ඉගෙන ගත්ත නිසා අන්තිමේ අම්මල තාත්තල එකතු
වෙලා ලග තිබුන ඉස්කෝලෙකට ඔන්න බාර දුන්න. මෙන්න මාර්තු මාසේ පලවෙනි සතියේ
එනවා ලියුමක්... ඔබ කොළඹ මේ විද්‍යාලයට තෝරාගෙන තියෙනවාය පෙබරවාරි මස 28
පෙර ඇවිත් ඇතුලත් වන්නය කියල. ලියුම එවල තියෙන්නේ පෙබරවාරි මාසේ මුල.
ලියාපදිංචි තැපැල් ලියුමක්. මදැයි කොලා. අර ලස්සනට හදාගෙන තිබුන ලියන පොත්
වල මුල් පිටු ටික ඉරලා පහුවෙනිදම ගියා ඉස්කෝලෙට. දෙයියන්ගේ පිහිටෙන් මාව
ඇතුලත් කරගත්ත ඉස්කෝලේ විදුහල්පතිට පින් සිද්ද වෙන්න. එත් මාස තුනක්
උගන්නපු දේ එක මාසෙන් ඉගෙන ගන්න උනා. අප්‍රේල් මුල විබාගේ නේ? අනේ ඉතින්
ගමේ ඉස්කෝලේ හැමදාම 1 වෙච්ච මම ඒ විබාගේ ලියල 23 උනා. හොද වෙලාවට ළමයි 42
ක් හිටිය.
ඒ කතාව ඇති. තව තියෙනවා. මට ජොබ් ඒවා ගොඩකට ලියුම් ආවේ ලියුම පොස්ට් වෙලා
සති දෙකකට විතර පස්සේ. හැමදාම පහුවෙනිදා ඉන්ටවිව් එකට අද තමයි ලියුම
ලැබෙන්නේ. ඉතින් දුවපන් සෙටිපිකට් ටික කරේ තියන් ෆොටෝ කොපි ගහල සත්‍ය
පිටපතක් බව තහවුරු කරන්න. දවසක් දවල් එනවා ලියුම පහුවෙනිදට පොලිස් රිපෝර්ට්
එකත් අරන් එන්න වැඩ බාරගන්න කියල. මට මතකයි එදා ගෙදර ආවේ මුළු දවල් වරුවම
රස්තියාදු වෙලා පොලිසියේ වාඩි වෙලා ඉඳල හරියට අපරාධ කාරයෙක් වගේ. ලංකාවේ
පොලිසියත් බොහොම කාර්යක්ෂමයි නොවැ . ඒ ගැන මට වෙච්ච දේවල් වෙනම ලියන්න
වෙනවා ලියන්න ගියොත්.
....................................................
පිවිසුම
මගේ නම ලිලියන් එන්. මෙය මගේ ජීවිතයේ ඉතා ප්‍රීතිමත් දවසක් වන්නේ වෛද්‍ය සගුරු මගේ හිටපු ස්වාමිපුරුෂයා ඔහුගේ මායාවෙන් සහ ප්‍රේම මන්ත්‍රයෙන් නැවත ලබා ගැනීමට මට උදව් කරමින් මට කළ උපකාරය නිසාය. මම විවාහ වී වසර 6 ක් ගත වූ අතර එය ඉතා භයානක විය, මන්ද මගේ සැමියා මට වංචා කර දික්කසාද වීමට උත්සාහ කළ නමුත් මට අන්තර්ජාලය හරහා Dr.saguru විද්‍යුත් තැපෑලෙන් පැමිණි විට ඔහු බොහෝ දෙනෙකුට ඔවුන්ගේ හිටපු අයව ලබා ගැනීමට සහ සම්බන්ධතාවය නිවැරදි කිරීමට උදව් කර ඇති ආකාරය ගැන. සහ ඔවුන්ගේ සබඳතාවලදී මිනිසුන් සතුටු කරන්න. මම ඔහුට මගේ තත්වය පැහැදිලි කර, පසුව ඔහුගේ උපකාරය පැතු නමුත්, මා පුදුමයට පත් කරමින්, ඔහු මට පැවසුවේ ඔහු මගේ නඩුවට මට උදව් කරන බවත්, මෙන්න මම දැන් සමරන්නේ මගේ සැමියා සම්පූර්ණයෙන්ම වෙනස් වී ඇති බැවිනි. ඔහුට සෑම විටම මා අසල සිටීමට අවශ්‍ය වන අතර මගේ වර්තමානය නොමැතිව කිසිවක් කළ නොහැක. මම ඇත්තටම මගේ විවාහය සතුටින් ගත කරනවා, මොනතරම් විශිෂ්ට උත්සවයක්ද? වෛද්‍ය සගුරු සැබවින්ම මන්ත්‍ර ගුරුකම් කරන්නෙකු බැවින් මම දිගටම අන්තර්ජාලයේ සාක්ෂි දෙමි. ඔබට උදව් අවශ්‍යද දැන් විද්‍යුත් තැපෑල හරහා වෛද්‍ය සගුරු අමතන්න: drsagurusolutions@gmail.com හෝ whatsapp +13124340555 ඔහු ඔබේ ගැටලුවට එකම පිළිතුර වන අතර ඔබේ සම්බන්ධතාවය තුළ ඔබට සතුටක් දැනේ. සහ ඔහුගේ ද පරිපූර්ණයි
ReplyDelete1 ආදර අක්ෂර වින්‍යාසය
2 නැවත ජය
3 ගර්භාෂයේ ඵල
4 අක්ෂර වින්‍යාස ප්‍රවර්ධනය
5 අක්ෂර වින්‍යාස ආරක්ෂණය
6 ව්‍යාපාරික අක්ෂර වින්‍යාසය
7 හොඳ රැකියා අක්ෂර වින්‍යාසය
8 ලොතරැයි අක්ෂර වින්‍යාසය සහ උසාවි නඩුවේ අක්ෂර වින්‍යාසය