රේල් වෙඩි - Railway Detonator
රේල් වෙඩි යනු දුම්රිය මාර්ගයේ, දුම්රිය
පීල්ලට සවි කරනු ලබන වෙඩි විශේෂයකී. මෙම වෙඩි වෘතාකාර හැඩයක් ගන්නා අතර
මේවා දුම්රිය මාර්ගයේ සේවයේ නියුතු ජංගම මුරකරු වෙත ලබාදී ඇත. ජංගම මුර කරු
සතුව ඇති උපකරණ බටයේ මෙම වෙඩි අඩංගුය. ජංගම මුරකරු දවසේ පැය 24 පුරාම
දුම්රිය මාර්ගය නිරන්තරයෙන් පරික්ෂාවට ලක් කල යුතුය. දුම්රිය මාර්ගයට යම්
කිසි අනතුරක් සිදුවිය හැක. ගසක් කඩා වැටීම, ගල් පෙරලීම, නායයැම, ආදිය,
නිසා මාර්ගය අවහිර විය හැක. එවන් අවස්ථාවලදී දුම්රිය නතර කර ගැනීම සදහා මෙම
රේල් වෙඩි හෙවත් පිලි වෙඩි භාවිතයට ගන්නේය.
අනතුරක් ඇති ස්ථානයට කිලෝමීටර් 1/2 ක
දුරින් දුම්රිය එන දිශාවේ රියදුරු සිටින පැත්තේ (වම් පැත්ත) මෙම පිලි වේඩි
බදිනු ලැබේ. එසේ බදිනු ලබන පිලිවේඩි දුම්රිය රෝදයේ බර සහ පීඩනයට පුපුරා
ශබ්දයක් පිටවේ. එයින් දුම්රියේ රියදුරු යම් බාධකයක් ඉදිරියෙන් ඇති බව
දැනගෙන දුම්රිය නතර කරනු ලැබේ.
1841 දී ඉංග්රිසි ජාතික එඩ්වඩ් ඇන්ෆඩ් කවුපර් (Edward Alfred Cowper) විසින් රේල් වෙඩි මුල් වරට සොයාගෙන නිෂ්පාදනය කරන ලද්දේය.
ඇම්රිකාවේ ඇති රේල් වේඩි හතරැස් හැඩයක් ගන්නා අතර එය එරට Torpedo යන නමින් හදුන්වනු ලැබේ.
ඉහත කී පරිදි මෙම දුම්රිය වෙඩි දුම්රිය මාර්ගයේ සේවසේ නියුතු දුම්රිය මාර්ග ජංගම මුරකරුට අමතරව 1. යතුරු කරු 2. දුම්රියේ රියදුරු සහ 3. දුම්රියේ සිටින ගාර්ඩ් වරුන් දෙදෙනාටද ලබාදී ඇත. දුම්රියේ රියදුරුට සහ හාර්ඩ් වරුන්ට ලබාදී ඇත්තේ තමා සේවය කරන දුම්රියට හෝ දුම්රිය මාර්ගයට (පීලි පැනිම වැනි) අපදාවක් සිදුවුව හොත්, මාර්ගයේ යම් හේතුවක් නිසා ටැබ්ලට් රහිතව පැමිණිය හැකි ඩක්කු, රේල් බස් හෝ දුම්රිය, අනතුර සිදුවී ඇති ස්ථානයට ලගාවීම වැලැක්වීම සදහාය.

........................................................
පිවිසුම
http://inforinsrilanka.blogspot.com/
No comments:
Post a Comment