14 ලිපිය - ගැටළු වලට පිළිතුරු 2
මං කලිනුත් සදහන් කලා ක්‍රියාව හා ශක්තිය කියන්නේ දෙකක් නෙවේ එකක් කියලා. මොකද යම් ක්‍රියාවක්ම තමයි ශක්තිය ලෙස අපට විද්‍යාමාන වන්නේ. හෞතික විද්‍යාවේ උනත් ඒ දෙකම මනින්නේ ජූල් කියන එකම ඒකකයකින් සහ දෙකටම තියෙන්නේ එකම මාන. ඉතින් ශක්තියේ ස්භාවය තමයි ක්‍රියාවේ යෙදෙන එක. ඉතින් මේ ලෝකේ නිර්මිත වෙලා තියෙන්නේ ශක්ති පහකින්. ඒ තමයි ආපෝ, තේජෝ, වායෝ, පඨවි, විඥ්‍යාන කියන්නේ. කලින් ලිපිවල සඳහන් කලත් ඔබේ පහසුව පිණිස නැවත මේ එක් එක් ශක්තීන්ගේ ක්‍රියාකාරීත්වය යම් පමණකින් හෝ මෙහිදී ද සඳහන් කරමු.
ආපෝ යනු ආකර්ශණ ශක්තියට අනුරූප ක්‍රියාවක්. එයින් ශක්තීන් එකතු කරනවා. එනම් අනෙක් හෞතික ක්‍රියාවන් තුන එක්කරනවා. ඒ වගේම ක්‍රියාවලින් දෙකක් උනත් එක් කරන්න පුළුවන් උදාහරණයකින් කිව්වොත් තඹ කුට්ටි දෙකක් එකට තිබ්බට ඒ දෙක එක කුට්ටියක් වෙන්නෙ නෑ. නමුත් ඒ දෙක අතර ආපෝ ක්‍රියාව වැඩි කලොත් ඒ දෙක එකක් කරන්න පුළුවන්. ඒ කියන්නේ ද්‍රව කලොත්.
වායෝ යනු ප්‍රසාරණය කිරීමයි. ආපෝ වලින් එක් කරන ක්‍රියාවන් වෙන් කිරීම වායෝ ක්‍රියාවේ ප්‍රධාන ලක්ෂණයයි. සියළු වස්තූන්ට යම් ප්‍රමාණවත් බවක් (පරිමාවක්) ලැබෙන්නේ එබැවිනි. නැතිනම් සියළු ක්‍රියා එක් ලක්ෂයකට සීමා වේ.
පඨවි ක්‍රියාවනම් දැඩිබවක් කර්කශ බවක් ඇති කිරීමයි. අපේ ශරීරයට දැනෙන්නේ මේ ක්‍රියාවයි.
තේජෝ කියන්නේ ශක්තින්ගේ ක්‍රියාවේ ස්වරූපය වෙනස් කිරීම. මෙහිදි අවධාරණය කල යුත්තේ ස්වරූපය වෙනස් කිරීම යනු ඇති දෙයහි වෙනසක් කිරීම නොව ඉපැදෙන ක්‍රියාව නැවත ඒ අයුරින්ම ඉපැදීමට නොදී වෙනත් අයුරකින් ඉපැදීමට ක්‍රියා කිරීමයි. උදාහරණයකින් කියනවනම් මුලින් ඉපැදුනු ආපෝ ක්‍රියාව එකක් නම් තේජෝ ක්‍රියාව නිසා ඊ ළඟට උපදින ආපෝ ක්‍රියාව දහයක් විමයි. එහිදි කලින් හටගත් ආපෝ ක්‍රියාව දහගුණයක් වීමයැයි ගැනීම වැරදි ගැනීමකි. මන්ද ඕනෑම ක්‍රියාවක ඇත්තේ හටගෙන ක්‍රියාව සිදුකර එතැනම අවසන් වීම මිස ක්‍රියාවේ වේගය, ආකාරය, තරම වෙනස් කිරීමක් නොවේ.
...........................................................................
පිවිසුම
http://asanka-mind.blogspot.com/
No comments:
Post a Comment