Friday, August 4, 2017

කාලීන සිදුවීම් තොරතුරු විචාර සමග රසවින්දනය පිරි අළුත් බ්ලොග් එකක් ' සෙව්වන්දිය '

ජිරාෆ් ස්ත්‍රීන්


මේ ඡායාරූපයේ ඉන්නේ නැගෙනහිර මියන්මාරයේ(බුරුමයේ)වෙසෙන කායන් (Kayan)  ගෝත්‍රික කාන්තාවක්.

මෙම මෙම ගෝත්‍රයේ ගැහැණු දරුවන්ට වයස අවුරුදු පහේ සිටම සිය ගෙලේ දිගු පෙනුමක් ඇතිකිරීම සඳහා මේ වගේ කොයිල් එකක් ගෙල වටේ ඔතනු ලබනවා. ඔවුන් වයසින් වැඩෙද්දී කොයිල් ප්‍රමාණය වැඩි කරනවා.
ඇත්තටම මෙම කොයිල් වලට ඔවුන්ගේ ගෙල දිගු කිරීමේ හැකියාවක් නැහැ. නමුත් මෙම කොයිල් වල බර හේතුවෙන් ඔවුන්ගේ අකු ඇටය  පහළට තල්ලු කරනු ලබනවා. එමගින් ගෙලට දිගු බවක් ලැබෙනවා.අවශ්‍යනම් මොවුන්ට මෙම කොයිල් ඉවත් කිරීමේ හැකියාව පවතිනවා. දිගු කලක් මේවා ගෙලේ තබා ගැනීමට හුරුවී ඇති නිසා ඒවා ඉවත්කල පසු , ඔවුන් ඉන් අපහසුතාවයට පත්වෙන  නිසා මෙන්ම දිගු කලක් ඔවුන් මේවා පැළඳ සිටීමෙන් ඔවුන්ගේ සම දුර්වර්ණ වී ඇති නිසා ඔවුන් මේවා ඉවත් කිරීමට මැලිකමක් දක්වනවා.
මෙම කොයිල් සඳහා පිත්තල භාවිතයට ගැනෙනවා.  මේ පිත්තල වළලු ගලවා දැමුවිට ඔවුන්ට ඔවුන් නිරුවත්ව  සහ අනාරක්ෂිතව ඉන්නවා වගේ හැඟීමක් දැනෙන බව මේ කාන්තාවන්ගෙන් බහුතරයක් පවසනවා.

...................................

පිවිසුම
 

Sunday, July 9, 2017

වැලිකඩ බන්ධනාගාරය සම්බන්ධ තොරතුරු රැගත් අපූරු බ්ලොග් එකක් " වැලිකඩ බන්ධනාගාරය "

ලෝක බාලදක්ෂ ව්‍යාපාරයේ නිර්මතෘතුමාගේ 160 වන ගුණානුස්මරණ දිනය


ලෝක බාලදක්ෂ ව්‍යාපාරයේ නිර්මතෘ රොබට් ස්ටීවන්ස් ස්මිත් බේඩින් පවෙල් සාමිතුමාගේ 160 වන ගුණානුස්මරණ දිනට සමගාමීව වැලිකඩ බන්ධනාගාරයේ පැවැත්වූ උත්සවය.











.......................................

 පිවිසුම

Sunday, May 14, 2017

සටන්කලාව පිළිබඳ බ්ලොග් එකක් " World Of Martial Arts - සටන් කලා ලෝකය "

සාම්ප්‍රදායික කොරියානු සටන් කලාව - ටයික්‍යෝන්


කොරියානු සටන් කලාවක් ගැන කතා කරතොත් බොහෝ දෙනා නිතැතින්ම සිතනුයේ ටයිකොන්ඩෝ ගැනය, නමුත් ටයිකොන්ඩෝ යනු වසර 70 ක් තරම් මෑත කාලීනව බිහිවූ සටන් කලාවකි. 
නමුත් කොරියානු  සටන් කලාවන්හි ඉතිහාසය ඊට බොහෝ ඈතට දිව යයි. එම පුරාණ සාම්ප්‍රදායික සටන් කළා අතර  ටයික්‍යෝන් (Taekkyeon) ප්‍රධාන තැනක් ගැනී.ටයිකොන්ඩෝ බිහිවීමේදී ටයික්‍යෝන් ආභාෂය විශාල ලෙස දායක වී ඇත.

අතීතයේ පටන් කොරියානු පිරිස් පුහුණුවූ ටයික්‍යෝන් පුහුණු වූ බවට වසර 300 කට පැරණි ලිඛිත සාධක පවතී. 
.................................................
 
පිවිසුම