Thursday, May 11, 2017

ජාතික වශයෙන් වැදගත් සිංහල පොතපත් ගැන විස්තර ඇතුලත් වටිනා බ්ලොග් පිටුවක් " අපේ පොත් එකතුව "




 

"සිංහලයා යනු කවුද? සිංහලයා විසින් බිහිකළ ශ්‍රෙෂ්ඨ ශිෂ්ටාචාරයේ විශිෂ්ඨ අංග මොනවාද? ඔවුන්ගේ ජීවන දර්ශනය කෙබඳුද? හා ඔවුන්ට සිදු වූ වින්නැහිය කවරේද? එය සිදුකළේ කවුද? කෙසේද? යන කරුණු මෙම පොත මගින් එළි දක්වනවා පමණක් නොව මෙම නස්පැත්තියෙන් ගොඩ ඒමට නම් අප කළ යුත්තේ කුමක්ද යන්නත් මෙහි විස්තර කර ඇත.
සෑම සිංහලයෙකුම විසින්ම කියවිය යුතු පොතකි"

--ගංගොඩවිල සෝම හිමි.--

මේ ග්‍රන්ථය මෙහි පළ කිරීමට අපට ලබා දුන්නේ කතුවර ධර්මසිරි සෙනෙවිරත්න මහතාම විසිනි. 1999 දී මුද්‍රණය කර ඇත. පිටපත් වෙළෙඳපොළේ සොයා ගැනීමට නොමැත. 


.....................................................

පිවිසුම
http://sinhalaebooksfree.blogspot.com/ 


 


Friday, May 5, 2017

සොයුර ඔබට නිවන් සුව....!


මේ සටහන තැබෙන්නේ මේ මස පළමු වැනිදා අවසන් ගමන් ගිය "විචාරක" බ්ලොග් සොයුරා ගැනයි. බ්ලොග් ලෝකය තුල "විචාරක" ලෙස දැන හැඳින සිටි මේ සොඳුරු මිනිසා නමින් මේජර් ගුනරත්න යි. බ්ලොග් ලෝකය තුල ඔහුගේ බ්ලොග් අඩවියේ නමට අනුව ඔහු සැබෑ ලෙසම විචාරකයෙකු විය. ඔහුගේ බ්ලොග් අඩවියේ සැබවින්ම පල කෙරුනේ අර්ථාන්විත දේමය. කෙනෙකු වෙන්ව යෑම දුකකි. කෙනෙක් සදහටම වෙන්ව යෑම ඊටත් වඩා දුකකි. මරණය නම් වලක්වනු බැරිම දෙයක් වේ. එහෙත් විචාරක අපේ බ්ලොග් සොයුරා අවසන් ගමන් ගියා ඉක්මන් වැඩිදැයි අපට විටක සිතෙයි. කෙසේ වුවත් විචාරක නැවත අප අතරට පැමිණෙන්නේ නැත. අප ඔහුට නිවන් සුව පතමු.