Wednesday, May 10, 2017
Friday, May 5, 2017
සොයුර ඔබට නිවන් සුව....!
මේ සටහන තැබෙන්නේ මේ මස පළමු වැනිදා අවසන් ගමන් ගිය "විචාරක" බ්ලොග් සොයුරා ගැනයි. බ්ලොග් ලෝකය තුල "විචාරක" ලෙස දැන හැඳින සිටි මේ සොඳුරු මිනිසා නමින් මේජර් ගුනරත්න යි. බ්ලොග් ලෝකය තුල ඔහුගේ බ්ලොග් අඩවියේ නමට අනුව ඔහු සැබෑ ලෙසම විචාරකයෙකු විය. ඔහුගේ බ්ලොග් අඩවියේ සැබවින්ම පල කෙරුනේ අර්ථාන්විත දේමය. කෙනෙකු වෙන්ව යෑම දුකකි. කෙනෙක් සදහටම වෙන්ව යෑම ඊටත් වඩා දුකකි. මරණය නම් වලක්වනු බැරිම දෙයක් වේ. එහෙත් විචාරක අපේ බ්ලොග් සොයුරා අවසන් ගමන් ගියා ඉක්මන් වැඩිදැයි අපට විටක සිතෙයි. කෙසේ වුවත් විචාරක නැවත අප අතරට පැමිණෙන්නේ නැත. අප ඔහුට නිවන් සුව පතමු.
Friday, April 14, 2017
සුභ නව වසරක් වේවා !
කොතරම් කාර්ය බහුල උනත් අපේ බ්ලොග් ලියන සියළු සහෝදර සහෝදරියන්ටත් ලක්වාසී සියළු දෙනාටත් සින්ඩිය තුලින් සුබ පතන්න අමතක කරේ නෑ ඔන්න. එහෙනම් හැමෝටම සුබම සුබ නව වසරක් වේවා.
Subscribe to:
Posts (Atom)


